[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වප්ප තවුසා ඒහි භික්ඛු භාවයෙන් පැවිදිබව ලැබීම
සිතුවම - හර්ෂ ගුණවර්ධන

   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03

ගෝලීය යහපැවැත්මට බුදු දහම යොදා ගැනීමේ සම්මන්ත්‍රණය

ඇසළ පුන් පොහොය සැමරීම සඳහා කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගියදා ශ්‍රී ලාංකික සහ ඉන්දියානු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. “සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා” යන පණිවිඩය වෙත විශේෂ අවධානයක් යොමු කරමින්, “ගෝලීය යහපැවැත්ම සඳහා ධර්මය” යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. මේ අන්තර්ජාල සම්මන්ත්‍රණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ප්‍රධානී ගල්කන්දේ ධම්මානන්ද හිමි, සම්මානිත විද්වතෙකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය කලාශූරී ප්‍රණීත් අබේසුන්දර, සම්මානිත විද්වතකු වන සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ පීඨාධිපති සහ සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය සමන්ත ඉලංගකෝන් සහ සම්මානිත නවකතා සහ කාව්‍ය රචක දයා දිසානායක යන විද්වතුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූහ. ඉන්දීය රජයේ, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විශ්ව විද්‍යාලයක් සේ සැලකෙන නව් නාලන්දා මහ විහාරයේ උප කුලපති ආචාර්ය බෛද්‍යතාත් ලාභ්, බරණාසි හින්දු විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය බිමලේන්ද්‍ර කුමාර් කල්කටා විශ්ව විද්‍යාලයේ පාලි අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය සාස්වතී මුට්සුඩ්ඩි සහ වියට්නාමයේ, හැනෝයි නුවර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධිත ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ සම්මානිත ලේඛකයකු, කාව්‍ය රචකයකු සහ සංස්කෘතික ඉතිහාසඥයකු වන ආචාර්ය ජී. බී. හර්සිහා යන විද්වතුන් ඉන්දියාව නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.

ධර්ම දේශනාව:

ප්‍රඥාවේ ඇස පහළවනතුරු...

"සත්වයා නිතරම එකළොස් ගින්නකින් දැවෙන අයුරු බුදු දහමේ පෙන්වා දී ඇත. එම එකොළොස් ගින්න වන්නේ රාග, ද්වේශ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යනාදියි. එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර, දැවී දැවී, පිච්චි පිච්චි සිටිය ද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ කාම දැලට හසු වී සිටින බැවින් එය ගින්නක් සේ නොදැනේ. බුදු හිමි පෙන්වා දෙන්නේ මෙවැනි ගිනිවලින් දැවෙනා සත්වයාට කුමන සිනාවක් ද, කුමන සතුටක් ද බවයි. " ලෝකයේ ජීවත් වන පුහුදුන් සත්වයෝ කෙලෙස්වලින් අනූන ය. රාග, ද්වේශ, මෝහ යන කෙලෙස්වලින් මුසපත් ව නිරන්තරයෙන් මුලා වී ජීවත් වෙති. හරි දේ හරි ලෙසින් දැකීමට තරම් බුද්ධියක් ඔවුනට නොමැත. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කොටගෙන කෘතගුණ සලකනු වස්, බරණැස් නුවර මිගදායේ ඉසිපතානාරාමයේ සිටි පස්වග තවුසන්ට දහම් දෙසීමට වැඩම කරන කල්හි අතරමඟ දී උපක ආජීවක හමුවිය. එහිදී උපක ආජීවකට බුදු හිමි ප්‍රකාශ කර සිටින්නේ, “මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස් නුවරට යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි.” වශයෙනි. ඒ අනුව බුදුහිමි ලෝක සත්වයාගේ ස්වභාවය, එසේත් නැතිනම් මනෝ භාවයන් දේශනා කොට ඇත.

හෙළ දන මන සවිමත් කළ නැළවිලි ගීයක අභිමන

බුදුන් වහන්සේ තුළ පැවති අසීමිත කරුණාවේ සීතල ජලයෙන් තෙමා ලන සිය දරුවාගේ මනස 'න පාපකානං සුපිනං පස්සති ' නපුරු සිහිනවලින් තොර පැහැපත් නින්දකට පත් කරවයි. එහෙයින් ම ඔහු සුවපත් නින්දකින් අවදි වෙයි. මිහිදු මාහිමියන් විසින් බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් අනතුරු ව ලක්වැසියෝ තෙරුවන් ගුණ බලයෙන් ස්වකීය ජීවිත සුවපත් කර ගැනීමට පෙළඹී ඇති අයුරු බෞද්ධ ජීවිතයක ආරම්භයේ සිට ම අවසානය දක්වා විමර්ශනය කිරීමේ දී පැහැදිලි ව පෙනී යයි. දරුවෙකු මව්කුසට පැමිණීමෙන් පසු අංගුලිමාල පිරිතෙන් ආශිර්වාද ලබා ගත් හෙළයේ බොදුනුවන් මරණ මඤ්චකයේ පිරිත් ධර්මය ශ්‍ර‍වණයෙන් ආශිර්වාද ලබා ගැනීම තෙක් ගත කළ ජීවිතයේ සෑම වැදගත් සන්ධිස්ථානයක දී ම තුනුරුවන් තම සමීපතම ඤාතීන් ලෙස ඇසුරු කිරීම අතිශයින්ම ප‍‍්‍රසාදජනක ය. විශේෂයෙන් ම ජන කවියා ද දරු නැළවිලි ගීතවල දී පවා බෞද්ධ දර්ශනයේ සමුදයාර්ථයන් ඒ තුළ තැන්පත් කර ඇති අයුරු අතිශයින් ම සුන්දර හැඟීම් ජනිත කරවයි. දරු නැළවිලි ගී අතර කාගේත් සිත් ගත් පහත සඳහන් ජන කවිය සුවබර නින්දක් කරා තම දරුවා රැගෙන යාමට මව සමත් වන්නීය. ලොව ජීවත් වන සෑම සත්වයෙකුට නින්දකට අවශ්‍ය වන ප‍‍්‍රධානතම ලක්ෂණය වන්නේ ආරක්ෂාව යි.

තෙරුවන් ගුණ සඳහන් කොට බුදු මුවින් ම සෙත් පැතූ රතන සූත්‍රය

බුද්ධ භාෂිතයේ එන වෙනත් සූත්‍රවල නොපෙනෙන ලක්ෂණයක් රතන සූත්‍රය තුළ ඇත. ත්‍රිපිටකයෙහි එන ගාථා, ගද්‍ය පාඨ, ඒ දෙකෙන් ම මිශ්‍ර ව ඇති බොහෝ දේශනා බුදුරදුන්ගේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් දේශනා කර ඇති බැවින් ඒ සියල්ල කියවන හා අසන අයට දහම් දැනුමක් ලැබෙන අතර, සෙත ශාන්තිය ද සැලසේ. සියලු සතුන් කෙරෙහි පැවති කරුණාව නිසා ම අපටත් නිවන් අතහැර සසරට බැස අන් අය දුකින් මිදීමේ අරමුණින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදු බව ලබා ගත්තේ ලෝ සතුන්ට සෙත සලසනු පිණිස ම ය. එසේ බුදු වී දෙසූ දේශනා කියවන, අසන සෑම කෙනෙකුට ම සෙතක් සැලසෙන බවට කිසිදු සැකයක් නැත. ඒවා අනුගමනය කරන අයට නිවන ද ලැබිය හැකි ය. රතන සුත්‍රයේ ඇති වෙනස නම් බුදු මුවින්ම සෙත් පතමින් එහි එන ගාථා සකස් වී තිබීමයි. ‘යානීධ භූතානි සමාගතානී” ආදී පළමු ගාථාවෙන් රතන සූත්‍රය දෙසූ විශාලා මහ නුවරට පැමිණි අහසෙහි හා පොළොවෙහි වැසි සියලු භූතයන්ට ඇමතීමක් කර ඇත.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]