[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පොළොන්නරුව වටදාගේ සහ හෙළ කැටයම් කලාව

ස්තූපය සමග සම්බන්ධ ප්‍රධාන ගොඩනැගිල්ලක් වන්නේ වටදාගෙයයි. මෙය ස්තූපය වටා නිර්මාණය කළ නිසා චේතිය ඝර හෙවත් වටදාගෙය වශයෙන් හඳුන්වයි. චේතියඝරයන්හි ප්‍රභවය ඉන්දියාවේ බව භාරුත්හි කැටයම්වලින් අනාවරණය වේ. නමුත් එය ඉන්දියාවෙන් අභාවයට ගියත් පහළොස්වන සියවස වන තෙක් ම ලංකාවේ ඉතා ජනප්‍රිය චෛත්‍යාංගයක් බවට පත්විය. රජවරුන් මෙම වටදාගේ තැනවීමෙන් අපේක්ෂා කළේ වන්දනා කටයුතු සඳහා සහයෝගය ලබාදීම හා දාගැබට ආරක්ෂාව සලසා දීමයි. අනුරාධපුර යුගයේ ථූපාරාම වටදාගෙය නිර්මාණය කර තිබුණේ කවාකාර ව, තනි ගල් කුලුනු පේළි මත පියස්සක් ඉදිකිරීමෙන් ය. ඒ හැරුණු විට අනුරාධපුරයේ ලංකාරාම දාගැබ, මිහින්තලේ අම්බස්තල දාගැබ, මණ්ඩලගිරි නොහොත් මැදිරිගිරි දාගැබ හා තිරියාය චෛත්‍යය ආදියෙහි ද මෙසේ වටාදාගෙයක් තිබූ බව පුරාවිද්‍යා සාධක මගින් තහවුරු වේ.වටදාගෙයි සම්ප්‍රදායේ උසස් ම තත්ත්වය ඇතිවූයේ පොළොන්නරු යුගයේදී බව පැහැදිලි ය. දළදා මළුවට පිවිසුමේ වම් පසින් පිහිටා ඇති මෙම පොළොන්නරුව වටදාගෙය නිශ්ශංකමල්ල රජ දවස ඉදිකළ එකක් බව එහි බිත්තියක ඇති ශිලා ලේඛනයක සඳහන් ව තිබේ. එම ලිපියට අනුව වටදාගෙය, රජුගේ ආඥාවෙන් කරවා තිබෙන්නේ ලක්විජයසිඟු සෙනෙවි තාවුරුනාය. වටදාගෙය සඳහා ඔහු දී ඇති නම වන්නේ රත්නගිරි යන්නයි.

   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]