ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඉල් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 නොවැම්බර් 19 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ගැරඬියකුට හිංසා කළ ළමයිනට දහම් දෙසීම
ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.
අව අටවක
නොවැම්බර් 19
අමාවක
නොවැම්බර් 26
පුර අටවක
දෙසැම්බර් 04
පසෙලාස්වක
දෙසැම්බර් 11
අනුරාධපුර අසදෘශ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත පළඳවන රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය මහජන පූජෝපහාර සඳහා ප්‍රදර්ශනය කෙරේ. ඒ අනුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම මස 18, 19, 20 යන දිනවලදී මහජන වන්දනාවට අවස්ථාව සැලසේ. මෙම මස 21 වන දා පෙර වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට එම රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය කුරුණෑගල ඇත්කඳ විහාරය වෙත රිය පෙරහරකින් වැඩම කෙරේ. නැවත 22 වන දා පස් වරුවේ ඇත්කඳ විහාරයේ සිට අනුරාධපුරය බලා වැඩමවා අනතුරුව 22, 23 සහ 24 යන දිනවල දී අනුරාධපුර රුවන්වැලි සෑ පූජා භූමියේ විශේෂ පීඨිකාවක තැන්පත් කිරීමෙන් අනතුරුව මහජන වන්දනාව සඳහා අවස්ථාව සැලසේ. මෙම 25 වන දා චූඩා මාණික්‍යය සහිත රන්පාදම මහා සෑ රදුන් වෙත පැළඳවීම සිදු කෙරේ. මෙම 26 වන දා එම රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කෙරේ. අතිපූජනීය ස්වර්ණමාලී චෛත්‍ය මහා රාජයාණන් වහන්සේ වෙත රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීමේ මහා පූජෝපහාර වන්දනාවට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සංවිධානය කර ඇත.
ගාල්ලේ කාලේගාන ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරාධිපති පරිත්තභාණක විජේරියේ සද්ධානන්ද ස්වාමීන් වහන්සේ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයට පත් වූ හ. පිටකන්ද නම් වූ ගමෙහි 1962 මාර්තු 04 වන දා උපත ලද පින්වත් කුමරු ගිහි කල ‘සෝමරත්න’ නම් වූ හ. සිය මෑණියන් ආර්.පී. සිදා වූවා ය. පියාණන් කේ.ඩී. කිරිබන්තා නම් වූහ. පිටකන්ද පාසලේ මූලික අධ්‍යාපනය ලැබී ය. අපවත් වී වදාළ රක්වානේ ඤාණිස්සර අනුනාහිමි හා වෑණියරවෙල සද්ධාරාම ස්වාමීන් වහන්සේ ද උන්වහන්සේගේ ගුරු දේවයෝ වූ හ. 1978 පෙබරවාරි 04 වන දා පැවිදි බිමට පත් වූ උන්වහන්සේ අධ්‍යාපන කටයුතු සඳහා බුලුතොට හේමගිරි පිරිවෙනට වැඩම කරන ලදී. නිසි කල්හි උපසම්පදාව ලැබූ උන්වහන්සේ පිටකන්දේ ජයන්ති විහාරය සියලු විහාර අංගෝපාංගයන්ගේ සමලංකෘත පින් බිමක් බවට පත් කළේ ය. දායක පින්වතුන් රැසකගේ බලවත් ආරාධනය මත ස්‍රද්ධානන්ද ස්වාමීන් වහන්සේ 1996 අගෝස්තු 07 දින නාගරුක්ඛාරාමයට වැඩම කළහ. ගුරුදේව නාහිමියන් 1996 ඔක්තෝබර් 19 අපවත්වීමත් සමඟ විහාරස්ථානයේ පාලන භාරකාරත්වය උන්වහන්සේ වෙත පැවරිණි. දූ දරුවන්ගේ ධර්මඤාණය පිණිස දහම් පාසල විනය ගරුක ධර්මධර සේවාවක තත්ත්වයට පත් කරන ලදී. ධර්ම දේශනාව:දහම දකින පුද්ගල ස්වභාවය “ධම්මස්ස අනනුබෝධා’ මේ ධර්මය අවබෝධ කර නොගැනීම හේතුවෙන් “ඒවමයං පජා” මේ සත්ත්වයා “තත්තාකුලක ජාතා” පැටලුණු නූල් පන්දුවක් වගේ “අපායං දුග්ගතිං විනීපාතං සංසාර නාදිවත්තතී” අපායට, දුගතියට ගමන් කරනා බව උන්වහන්සේ පෙන්වා දෙන ලදී. ඒ ගාම්භීර ශ්‍රී සද්ධර්මය පොත පතින් දැන හැඳින ගන්නවාට වඩා තමා තුළින් දකිමින් විමර්ශනය කළ යුතු වූවකි. තමා අත්විඳින මේ සකල දුක්ඛස්කන්ධය තමා පසුපස සසර පුරාවට ම පැමිණෙන්නේ දුකෙන් නිදහස් වන්නට ප්‍රයත්නය නොදැරූ බව නිසා යැයි යමෙකුට සිතන්නට අවකාශය ලැබුණි නම්, ඔහු ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් අවබෝධ කරගන්නට සුදුසු වූවෙකි. වෙනස් කරගත යුතු චින්තනයක් වෙනස් නොකර ගත් නිසාත්, සම්‍යක් චින්තනයක් වෙනුවට මිථ්‍යා චින්තනයක් තමාගේ දර්ශනය බවට පත්කර ගත් නිසාත් මේ සත්ත්වයා සංසාරය නමැති බන්ධනයෙහි සංසාරය නමැති හිර ගෙදරින් ගැලවෙන්නට බැරිව දුක් විඳිනා බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයයි. උන්වහන්සේ ලොවට දේශනා කළේ සංසාරය නමැති හිර ගෙදරින් නික්මෙන ක්‍රමවේදයයි. එය වටහා ගැනීම උදෙසා උඩුගම් බලා ගමන් කරන ධර්මයක් මිසක, සාමාන්‍ය මිනිසුන් ගමන් කරන අධර්මයෙන් හැකියාව නොලැබෙනු ඇත.
ධර්ම දේශනාව:
“ධම්මස්ස අනනුබෝධා’ මේ ධර්මය අවබෝධ කර නොගැනීම හේතුවෙන් “ඒවමයං පජා” මේ සත්ත්වයා “තත්තාකුලක ජාතා” පැටලුණු නූල් පන්දුවක් වගේ “අපායං දුග්ගතිං විනීපාතං සංසාර නාදිවත්තතී” අපායට, දුගතියට ගමන් කරනා බව උන්වහන්සේ පෙන්වා දෙන ලදී. ඒ ගාම්භීර ශ්‍රී සද්ධර්මය පොත පතින් දැන හැඳින ගන්නවාට වඩා තමා තුළින් දකිමින් විමර්ශනය කළ යුතු වූවකි. තමා අත්විඳින මේ සකල දුක්ඛස්කන්ධය තමා පසුපස සසර පුරාවට ම පැමිණෙන්නේ දුකෙන් නිදහස් වන්නට ප්‍රයත්නය නොදැරූ බව නිසා යැයි යමෙකුට සිතන්නට අවකාශය ලැබුණි නම්, ඔහු ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් අවබෝධ කරගන්නට සුදුසු වූවෙකි. වෙනස් කරගත යුතු චින්තනයක් වෙනස් නොකර ගත් නිසාත්, සම්‍යක් චින්තනයක් වෙනුවට මිථ්‍යා චින්තනයක් තමාගේ දර්ශනය බවට පත්කර ගත් නිසාත් මේ සත්ත්වයා සංසාරය නමැති බන්ධනයෙහි සංසාරය නමැති හිර ගෙදරින් ගැලවෙන්නට බැරිව දුක් විඳිනා බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයයි. උන්වහන්සේ ලොවට දේශනා කළේ සංසාරය නමැති හිර ගෙදරින් නික්මෙන ක්‍රමවේදයයි. එය වටහා ගැනීම උදෙසා උඩුගම් බලා ගමන් කරන ධර්මයක් මිසක, සාමාන්‍ය මිනිසුන් ගමන් කරන අධර්මයෙන් හැකියාව නොලැබෙනු ඇත.
ගිහි ජීවිතය සොඳුරු බවින් හැඩ වැඩ කරන, ජීවිතයට වින්ඳනීය ආස්වාදයක් ලබාදෙන එක් අංගයකි විවාහය. එසේ වුව ද, විවාහය එකකි. විවාහ ජීවිතය තවත් එකකි. නිලතල, පොරොන්දම්, කුලමල. ජාති භේද බලා විමසා සාර්ථක විවාහයක් කරගත් බවට සිතුව ද, විවාහ ජීවිතය ගතකිරීමේ දී විවාහවීමට පෙර බැලූ කිසිවක් අදාළ වන සාධක නොවේ. දෙදෙනාගේ අවබෝධය, අදහස්වල එකඟතාවය, අදහස් ගැළපීම යන කාරණා පමණක් විවාහ ජීවිතය ගත කිරීමට අවශ්‍ය සාධක වෙයි. විවාහ ජීවිතයට පත්වූ බොහෝ දෙනෙකු සාර්ථක විවාහ ජීවිත ගත කළ ද, විවාහයේ මිහිර නොදකින ඇතැම්හු විවාහ ජීවිතය තිත්ත කසාය ලෙස සලකති. සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා කායික, මානසික පරිත්‍යාගය අත්‍යවශ්‍ය බව පැහැදිලි කරන බුදුසමය විවාහපත් දෙදෙනාගේ අදහස් ගැලපීම් හා නොගැලපීම් පිළිබඳව අදහස් දක්වයි. ඍණාත්මක සිතිවිලි ඇත්තියක හා ඍණාත්මක සිතිවිලි ඇත්තකු සමඟ ගත කරන විවාහය. ධනාත්මක සිතිවිලි ඇත්තියක හා ධනාත්මක සිතිවිලි ඇත්තකු සමඟ ගත කරන විවාහය, ධනාත්මක සිතිවිලි ඇත්තියක හා ඍණාත්මක සිතිවිලි ඇත්තකු සමඟ ගත කරන විවාහය ධනාත්මක සිතිවිලි ඇත්තකු හා ඍණාත්මක සිතිවිලි ඇත්තියක සමඟ ගත කරන විවාහය මෙම කරුණු කාරණාවලින් පැහැදිලි වන්නේ,
කොළඹ තරුණ බෞද්ධ සංගමය ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා සිංහල මාධ්‍ය පන්ති - 2020
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක්
නැදගමුවේ සෝම හිමි ජන්ම සමරුවදා පින්කම්
ථූපාභි වන්දනාවක්
විභජ්ජවාද ධර්ම සම්භාෂණය
ඉතිරිය»
මානසික සංවර්ධනයෙහි ප්රතිලාභ
නිරවුල් පවුල් දිවියක සැනසුම
සියදිවි හානි කර ගන්නේ ඇයි?
මිලින්ද ප්රශ්නය 15: :කිරුවත් ලුණු බර තරාදියක් නෑ රස හඳුනන්නේ
සම්මා වාචා
සාංඝික දාන සත
තෙවළා බුදු වදන් අතරින් 49: ආයුෂ වැඩෙන පිළිවෙත
අඳුරට එළියක් 04: බුද්ධ පූජාවේ අනුසස්
වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමි
සුගතිය ගැන හිතමු
මහැදුරු ගුණපාල මලලසේකර: ප්‍රඥාලෝකයෙන් ලොවක් බැබළ වූ ප්‍රදීපස්ථම්භය
පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 45: පොළොන්නරුවේ කුමාර පොකුණ රාජකීය ස්නාන තටාකය
උත්සාහය සහ අධිෂ්ඨානය
වස්සානය සහ සිවුරේ කථාව
වනවාසී භික්ෂු ජීවිතය පිළිබඳ බෞද්ධ ආකල්පය
තුරු සෙවණක සුවය
කළ හොඳ පමණයි අප ගෙන යන්නේ
උඩුගම්පල වීදියවත්ත නිග්‍රෝධාරාමය
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]