ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ඔක්තෝබර් 27 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩම කිරීම
වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.
ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය
අමාවක
ඔක්තෝබර් 27
පුර අටවක
නොවැම්බර් 04
පසෙලාස්වක
නොවැම්බර් 12
අව අටවක
නොවැම්බර් 19
කැලණිය පිලපිටිය, බරණැස්කන්ද පුරාණ විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වත්තල ප්‍රාදේශික සංඝ සභාවේ දිසාපාලක, හිටපු පරිවේනාධිපති, ශාස්ත්‍රවේදී කහටවිලවත්තේ පාලිත මා හිමියන් සහ බරණැස්කන්ද විහාරාධිකාරී කැලණිය ජනාධිපති විද්‍යාලයේ හිටපු විද්‍යාලයාධිපති ශාස්ත්‍රවේදී නෙළුන්දෙණියේ සිරිවිමල මා හිමියන් වහන්සේ අඩ සියවසක් පුරා ඉටුකළ ජාතික, ආගමික හා ශාසනික සේවාවට පූජෝපහාර දැක්වීමේ විශේෂ පින්කම් මාලාවක් බරණැස්කන්ද පුරාණ විහාරයේ දී මෙම මස 22 වනදා සති පිරිත් දේශනාව ආරම්භ වූ අතර 27 වන දා දක්වා එය පැවැත්වේ. 25 වන දා කැලණිය බොල්ලෑගල මාස්ටර් ගයිඩ් නිවසේ සිට විහාරස්ථානය වෙත දේවදූත පෙරහර මෙන්ම 27 වන දින සියක් නමක් උදෙසා දවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. එම පින්කම් මාලාවේ ප්‍රධාන දායකත්වය දායක සභාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිස්නා වනිගසේකර මහත්මිය විසින් සිදු කරනු ලැබේ. බරණැස්කන්ද පුරාණ විහාරාධිකාරි, කැලණිය විද්‍යාශේඛර පරිවේනාධිපති ශාස්ත්‍රපති කැලණියේ ඤාණවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සභාපති රසික ලියනගේ මහතා ඇතුළු දායක පින්වතුන් එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.
වැවයි – දාගැබයි – ගමයි පන්සලයි යන සංකල්පය ගරුකරමින් රට වටා විසිරී ඇති අඩුපහසුකම්වලින් යුතු වෙහෙර විහාර නඩත්තු කරමින් යන ගමනකි සුමඟ පදනම. එම පදනම මගින් පසුගිය අගෝස්තු 30 වැනි දා සහ 31 වැනිදා අනුරපුර උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස මහා පූජාවක් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ගේ අනුශාසකත්ව යෙන් සිදු විය. 30 වනදා සවස 5.00 ට බුදුපියාණන් වහන්සේ උදෙසා ගිලන්පස පාත්‍රා 109 ක් පංච තූර්ය නාද සමඟ පූජා පවත්වා අනතුරුව සපැමිණි සැමට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සිදුවිය. 31 වෙනිදා අළුයම 6.00 ට බුදුපියාණන් වහන්සේ උදෙසා හීල බුද්ධ පූජාව පාත්‍ර 109 ක් පූජා කළ අතර, වැඩමකළ සංඝරත්නය උදෙසා දානය පූජා කරන ලදී. සැ පැමිණි සැදැහැවතුන් උදෙසා හීල්දානය පිරිනමා අනතුරුව දවල් බුද්ධ පූජාව පාත්‍රා 109 ක්, ව්‍යංජන වර්ග 108 ක් සමඟ සම්බුද්ධ පූජාව පවත්වන ලදී. ඉන්පසු අනුරපුර ප්‍රදේශයෙන් වැඩමවන ලද මහා සංඝ රත්නය තුන්සිය නමකට පමණ අෂ්ඨ පරිෂ්කාර සමඟ සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි. සුමඟ පදනමෙහි මූලික අංගය වන විහාරාරාම නඩත්තුව උදෙසා සිදු කෙරෙන ආවාසපරිෂ්කාර භාණ්ඩ සඟසතු කිරීම සිදු කෙරුණේ ඉන් පසුවය. ඒ සඳහා අනුරපුර බල ප්‍රදේශයේ පහසුකම් අඩු විහාරාරාම 108 ක් තෝරාගෙන එක් විහාරයකට රු. 70,000.00 ක් වටිනා භාණ්ඩ කට්ටල බැගින් භාණ්ඩ කට්ටල 108 ක් සඟසතු කර පූජා කරන ලදී.
ධර්ම දේශනාව:ලෝකය නුවණින් දැකීම කො ඉමං පඨවිං විඡෙස්සති - යමලෝකං ච ඉමං සදේවකං කෝ ධම්මපදං සුදේසිතං - කුසලෝ පුප්ඵමිව පචෙස්සති සැදැහැවත් පින්වත්නි, අද වප් අමාවක පෝදා ධර්ම දේශනාව වශයෙන් මා තෝරා ගත්තේ ධම්මපදයේ පුප්ඵවර්ගයට අයත් පළමු ගාථාවයි. බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළේ සැවැත්නුවර ජේතවන විහාරයේ දී භික්ෂූන් වහන්දේ පන්සිය නමක් වෙතය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පන්සිය නමක් සමඟ චාරිකාවේ වැඩම කර සවස නැවත විහාරයට වැඩම කළහ. විඩාව සංසිඳවා ගැනීමට විවේකී ව සිටි භික්ෂූන් වහන්සේ චාරිකාවේ දී තම තමන් වැඩම කළ මග තොට ගැන කියති. ‘මේ මහ පොළොව පිහිටා ඇති ආකාරය පුදුමයි. පස් පොළොව, දිය පොළොව, වා පොළොව යැයි පොළොව කොටස් තුනකි. එය දැක ගත හැක්කේ බුදු නුවණින් පමණි’ යනුවෙන් සාකච්ඡා වුණි. අසවල් ගමට යන කල පොළොව තැනිතලාවට තිබූ නිසා ගමන පහසු වූ බව කෙනෙක් කියන විට, පොළොවේ ගල් බොරළු ආදිය හේතුවෙන් තමන් වහන්සේට ගමන අපහසු වුණු අයුරු තවත් කෙනෙක් කියති. අසවල් ගමට යන පාර මඩ වළවල් ඇති නිසා ගමන ඉතාම අපහසු වුණු බව වෙනත් කෙනෙක් කී හ. පොළොව රන්වන් පැහැයෙන්, තඹවන් පාටින් යුතුව අසවල් ප්‍රදේශයේ තිබුණු බව ඒ ඒ අය සාකච්ඡා කළහ. එක් එක් කෙනා ගමන් කළ මාර්ගය පිළිබඳ විස්තර කරන අතර බුදුරදුන් එතැනට වැඩම කළහ. ගිහි ගෙදරට දහම් වැටක්: අවබෝධයෙන් රැස් කළ යුතු කුසලය තණ්හාව පවතින්නේ පුද්ගල මනසෙහි ය. එය ඇතැම් විට සමාජයට නොපෙනෙන ලෙස භාවිත වෙයි. ඇතැම් විට සමාජයට පෙනෙයි. දානය ද එක්තරා පරිත්‍යාගයකි. එසේ වුව ද සෑම පරිත්‍යාගයක් ම, දානයක් බවට පත්වන්නේ නැත. එයට හේතුව දානය නමැති කුසල කර්මය සම්පූර්ණ වීම සඳහා බාහිර ක්‍රියාකාරකම් පමණක් ප්‍රමාණවත් නොවීමයි. ඒ සඳහා ප්‍රධාන බලපෑම සිදුකරනු ලබන්නේ මානසික සාධක වීමත්ය. ශිලය ද එසේම ය. පංච ශීලයට අනුකූලව ජීවිතය සරසාගත් පුද්ගලයා කවරදාවත් තමා පංචශීලය රකින්නේ යැයි, ප්‍රකාශ කරනු ලබන්නේ නැත. එයට හේතුව ඔහු ඒ අනුව ජීවත්වන නිසා ය. ශීලය ආරක්ෂා කිරීමෙන් ලබන මානසික සංතුෂ්ටිය එකකි. ශීලය ආරක්ෂා කරන බවට තැන තැන ප්‍රකාශ කිරීමෙන් ලබන මානසික වින්දනය වෙනත් එකකි. භාවනාව හුදු මානසික ම ය කාරණාවක් වුව ද, එය ද වැරැදි ලෙස යොදා ගත හැකි ය. බුදු දහම යනු හෘද සාක්ෂියයි. දහම අනුව තමන් ජීවත් වනවා ද, නැති ද කියා නිවැරැදිව දන්නේ එම පුද්ගලයාගේ හෘද සාක්ෂියයි. ඉදිරි භවය හෝ ඊළඟ කාලය තීරණය වන්නේ එපරිදි ය.
ධර්ම දේශනාව:
කො ඉමං පඨවිං විඡෙස්සති - යමලෝකං ච ඉමං සදේවකං කෝ ධම්මපදං සුදේසිතං - කුසලෝ පුප්ඵමිව පචෙස්සති සැදැහැවත් පින්වත්නි, අද වප් අමාවක පෝදා ධර්ම දේශනාව වශයෙන් මා තෝරා ගත්තේ ධම්මපදයේ පුප්ඵවර්ගයට අයත් පළමු ගාථාවයි. බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළේ සැවැත්නුවර ජේතවන විහාරයේ දී භික්ෂූන් වහන්දේ පන්සිය නමක් වෙතය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පන්සිය නමක් සමඟ චාරිකාවේ වැඩම කර සවස නැවත විහාරයට වැඩම කළහ. විඩාව සංසිඳවා ගැනීමට විවේකී ව සිටි භික්ෂූන් වහන්සේ චාරිකාවේ දී තම තමන් වැඩම කළ මග තොට ගැන කියති. ‘මේ මහ පොළොව පිහිටා ඇති ආකාරය පුදුමයි. පස් පොළොව, දිය පොළොව, වා පොළොව යැයි පොළොව කොටස් තුනකි. එය දැක ගත හැක්කේ බුදු නුවණින් පමණි’ යනුවෙන් සාකච්ඡා වුණි. අසවල් ගමට යන කල පොළොව තැනිතලාවට තිබූ නිසා ගමන පහසු වූ බව කෙනෙක් කියන විට, පොළොවේ ගල් බොරළු ආදිය හේතුවෙන් තමන් වහන්සේට ගමන අපහසු වුණු අයුරු තවත් කෙනෙක් කියති. අසවල් ගමට යන පාර මඩ වළවල් ඇති නිසා ගමන ඉතාම අපහසු වුණු බව වෙනත් කෙනෙක් කී හ. පොළොව රන්වන් පැහැයෙන්, තඹවන් පාටින් යුතුව අසවල් ප්‍රදේශයේ තිබුණු බව ඒ ඒ අය සාකච්ඡා කළහ. එක් එක් කෙනා ගමන් කළ මාර්ගය පිළිබඳ විස්තර කරන අතර බුදුරදුන් එතැනට වැඩම කළහ. ගිහි ගෙදරට දහම් වැටක්: අවබෝධයෙන් රැස් කළ යුතු කුසලය තණ්හාව පවතින්නේ පුද්ගල මනසෙහි ය. එය ඇතැම් විට සමාජයට නොපෙනෙන ලෙස භාවිත වෙයි. ඇතැම් විට සමාජයට පෙනෙයි. දානය ද එක්තරා පරිත්‍යාගයකි. එසේ වුව ද සෑම පරිත්‍යාගයක් ම, දානයක් බවට පත්වන්නේ නැත. එයට හේතුව දානය නමැති කුසල කර්මය සම්පූර්ණ වීම සඳහා බාහිර ක්‍රියාකාරකම් පමණක් ප්‍රමාණවත් නොවීමයි. ඒ සඳහා ප්‍රධාන බලපෑම සිදුකරනු ලබන්නේ මානසික සාධක වීමත්ය. ශිලය ද එසේම ය. පංච ශීලයට අනුකූලව ජීවිතය සරසාගත් පුද්ගලයා කවරදාවත් තමා පංචශීලය රකින්නේ යැයි, ප්‍රකාශ කරනු ලබන්නේ නැත. එයට හේතුව ඔහු ඒ අනුව ජීවත්වන නිසා ය. ශීලය ආරක්ෂා කිරීමෙන් ලබන මානසික සංතුෂ්ටිය එකකි. ශීලය ආරක්ෂා කරන බවට තැන තැන ප්‍රකාශ කිරීමෙන් ලබන මානසික වින්දනය වෙනත් එකකි. භාවනාව හුදු මානසික ම ය කාරණාවක් වුව ද, එය ද වැරැදි ලෙස යොදා ගත හැකි ය. බුදු දහම යනු හෘද සාක්ෂියයි. දහම අනුව තමන් ජීවත් වනවා ද, නැති ද කියා නිවැරැදිව දන්නේ එම පුද්ගලයාගේ හෘද සාක්ෂියයි. ඉදිරි භවය හෝ ඊළඟ කාලය තීරණය වන්නේ එපරිදි ය.
තණ්හාව පවතින්නේ පුද්ගල මනසෙහි ය. එය ඇතැම් විට සමාජයට නොපෙනෙන ලෙස භාවිත වෙයි. ඇතැම් විට සමාජයට පෙනෙයි. දානය ද එක්තරා පරිත්‍යාගයකි. එසේ වුව ද සෑම පරිත්‍යාගයක් ම, දානයක් බවට පත්වන්නේ නැත. එයට හේතුව දානය නමැති කුසල කර්මය සම්පූර්ණ වීම සඳහා බාහිර ක්‍රියාකාරකම් පමණක් ප්‍රමාණවත් නොවීමයි. ඒ සඳහා ප්‍රධාන බලපෑම සිදුකරනු ලබන්නේ මානසික සාධක වීමත්ය. ශිලය ද එසේම ය. පංච ශීලයට අනුකූලව ජීවිතය සරසාගත් පුද්ගලයා කවරදාවත් තමා පංචශීලය රකින්නේ යැයි, ප්‍රකාශ කරනු ලබන්නේ නැත. එයට හේතුව ඔහු ඒ අනුව ජීවත්වන නිසා ය. ශීලය ආරක්ෂා කිරීමෙන් ලබන මානසික සංතුෂ්ටිය එකකි. ශීලය ආරක්ෂා කරන බවට තැන තැන ප්‍රකාශ කිරීමෙන් ලබන මානසික වින්දනය වෙනත් එකකි. භාවනාව හුදු මානසික ම ය කාරණාවක් වුව ද, එය ද වැරැදි ලෙස යොදා ගත හැකි ය. බුදු දහම යනු හෘද සාක්ෂියයි. දහම අනුව තමන් ජීවත් වනවා ද, නැති ද කියා නිවැරැදිව දන්නේ එම පුද්ගලයාගේ හෘද සාක්ෂියයි. ඉදිරි භවය හෝ ඊළඟ කාලය තීරණය වන්නේ එපරිදි ය.
කළුබෝවිල හත්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය
ශ්‍රී සුගත අභයදාන සංගමයේ සංවත්සර උත්සවය 5 වන දා
කඨින පින්කම්
පැන විසඳුම්
පිහිට පතයි
ඉතිරිය»
ඒහි පස්සික 33: අරමුණට සකස්වන මනස
ත්‍රිපිටක දහම-14: මමත්වයේ ස්වභාවය
මිලින්ද ප්රශ්නය 12: මිළිඳු රජුගේ දාර්ශනික ප්‍රශ්න
ඇසුරක පැවැත්ම
අනුවණයාට සසර දිගය
කුසල චෛතසික
මේ වස්සාන කාලයයි 12: භාවිත අභාවිත සිත්
සතුට පරම ධනයයි
ප්‍රඥාලෝකයෙන් යථාර්ථය
වස් වස් පවාරණය
ධම්මපදයෙන් ජීවිතයට: සම්පතකි සම්පතකි අප්‍රමාදය
අඳුරට එළියක් 02: සෑම නිවෙසකම පහනක් දල්වන්න
නිරාමිස පී‍්‍රතියෙන් උපන් ථෙර ගාථා
තැනට සුදුසු නුවණ
සත් ජන සමාජ සංවර්ධන පදනමෙන් ශාසනික මෙහෙවරක්...
අෂ්ට පාන
ලොකුම දෙය
පහන් සිතක කවි
පූජාච පූජනියනං
පොළොන්නරුවේ රන්කොත් වෙහෙර
නෙත පිනවන හිත සනසන වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය
තල්අරඹ ශ්‍රී මහේන්දාරාමය
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]