ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ඔක්තෝබර් 27 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
උඩරට අමරපුර මහා නිකායික මධ්‍යම පළාත් සාසන ඡ්‍යොතිකා කාරක සංඝ සභාව මඟින් පිරිනමන ලද ‘සිරිධම්මාරාම ජිනරතන විජයනන්ද වංශාවතංස ධර්මකීර්ති ශ්‍රී ශාසන සෝභන’ යන ගෞරව නාම සම්මුතිය සහිත මධ්‍යම පළාත හා තදානුබද්ධ ප්‍රදේශයන් හි ද්විතීය සංඝ නායක පදවිය පල්ලෙකැලේ සිරි සම්බෝධී ධර්මායතනාධිපති, හුරිකඩුව විද්‍යාසාගර පරිවේණාධිපති, අධ්‍යාපනපති, බුලංකුලමේ උපවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනැමීම වෙනුවෙන් අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා පල්ලෙකැලේ සිරි සම්බෝධි ධර්මායතනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලාසනයෙන් පැවැත්වුණු එම උත්සවය සඳහා මහා සංඝරත්නය සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් ද, ප්‍රදේශවාසී දායක පින්වතුන් ද ඊට සහභාගී විය. සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ
කැලණිය පිලපිටිය, බරණැස්කන්ද පුරාණ විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වත්තල ප්‍රාදේශික සංඝ සභාවේ දිසාපාලක, හිටපු පරිවේනාධිපති, ශාස්ත්‍රවේදී කහටවිලවත්තේ පාලිත මා හිමියන් සහ බරණැස්කන්ද විහාරාධිකාරී කැලණිය ජනාධිපති විද්‍යාලයේ හිටපු විද්‍යාලයාධිපති ශාස්ත්‍රවේදී නෙළුන්දෙණියේ සිරිවිමල මා හිමියන් වහන්සේ අඩ සියවසක් පුරා ඉටුකළ ජාතික, ආගමික හා ශාසනික සේවාවට පූජෝපහාර දැක්වීමේ විශේෂ පින්කම් මාලාවක් බරණැස්කන්ද පුරාණ විහාරයේ දී මෙම මස 22 වනදා සති පිරිත් දේශනාව ආරම්භ වූ අතර 27 වන දා දක්වා එය පැවැත්වේ. 25 වන දා කැලණිය බොල්ලෑගල මාස්ටර් ගයිඩ් නිවසේ සිට විහාරස්ථානය වෙත දේවදූත පෙරහර මෙන්ම 27 වන දින සියක් නමක් උදෙසා දවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. එම පින්කම් මාලාවේ ප්‍රධාන දායකත්වය දායක සභාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිස්නා වනිගසේකර මහත්මිය විසින් සිදු කරනු ලැබේ. බරණැස්කන්ද පුරාණ විහාරාධිකාරි, කැලණිය විද්‍යාශේඛර පරිවේනාධිපති ශාස්ත්‍රපති කැලණියේ ඤාණවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සභාපති රසික ලියනගේ මහතා ඇතුළු දායක පින්වතුන් එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.
වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.
ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය
අමාවක
ඔක්තෝබර් 27
පුර අටවක
නොවැම්බර් 04
පසෙලාස්වක
නොවැම්බර් 12
අව අටවක
නොවැම්බර් 19
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]