ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ඔක්තෝබර් 27 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කැලණිය පිලපිටිය, බරණැස්කන්ද පුරාණ විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වත්තල ප්‍රාදේශික සංඝ සභාවේ දිසාපාලක, හිටපු පරිවේනාධිපති, ශාස්ත්‍රවේදී කහටවිලවත්තේ පාලිත මා හිමියන් සහ බරණැස්කන්ද විහාරාධිකාරී කැලණිය ජනාධිපති විද්‍යාලයේ හිටපු විද්‍යාලයාධිපති ශාස්ත්‍රවේදී නෙළුන්දෙණියේ සිරිවිමල මා හිමියන් වහන්සේ අඩ සියවසක් පුරා ඉටුකළ ජාතික, ආගමික හා ශාසනික සේවාවට පූජෝපහාර දැක්වීමේ විශේෂ පින්කම් මාලාවක් බරණැස්කන්ද පුරාණ විහාරයේ දී මෙම මස 22 වනදා සති පිරිත් දේශනාව ආරම්භ වූ අතර 27 වන දා දක්වා එය පැවැත්වේ.
25 වන දා කැලණිය බොල්ලෑගල මාස්ටර් ගයිඩ් නිවසේ සිට විහාරස්ථානය වෙත දේවදූත පෙරහර මෙන්ම 27 වන දින සියක් නමක් උදෙසා දවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. එම පින්කම් මාලාවේ ප්‍රධාන දායකත්වය දායක සභාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිස්නා වනිගසේකර මහත්මිය විසින් සිදු කරනු ලැබේ. බරණැස්කන්ද පුරාණ විහාරාධිකාරි, කැලණිය විද්‍යාශේඛර පරිවේනාධිපති ශාස්ත්‍රපති කැලණියේ ඤාණවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සභාපති රසික ලියනගේ මහතා ඇතුළු දායක පින්වතුන් එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.
වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.
ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය
අමාවක
ඔක්තෝබර් 27
පුර අටවක
නොවැම්බර් 04
පසෙලාස්වක
නොවැම්බර් 12
අව අටවක
නොවැම්බර් 19
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]