|
ධර්ම දේශනාව: නැණැතියන් සමග
විසුවොත් ගුණැතියන්ම ය යහපත්
“සුපින්වත්නි,
සකල ජනමන සනසන අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බේළුව ගමේ වැඩවසන සමයෙහි
සක්දෙව්රජ බුද්ධ උපස්ථානයට පැමිණීම නිමිති කරගෙන මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක.
ලොව්තුරු බුද්ධත්වයට පත්වී වදාළ තැන් පටන් ගම්, නියම්ගම්, නගර, රාජධානි ආශ්‍රය
නිශ්‍රය කරමින් අපමණ ජනතාවගේ හිත සුව පිණිස සදහම් දෙසමින් වැඩ සිටි අප භාග්‍යවතුන්
වහන්සේ බේළුව ගමේ වැඩ සිටින විට රෝගාබාධය ඉස්මතු විය. මේ අවස්ථාවේ සක්දෙවිඳු අවුත්
බුදුරදුන්ට උවටැන් කරන්නේ සිරිපා පිරිමදින්නට විය. මේ කාරණය නිමිති කරගෙන
බුදුරජාණන් වහන්සේ හා සක්දෙව් අතර සංවාදයක් ඇතිවූ හෙයින් මෙම ගාථා ධර්මය ද දේශනා
කොට නැණවත් පුද්ගලයන් හා එක්ව විසීමේ යහපත පෙන්වා වදාළ සේක.
පින්වත්නි, මෙම ගාථා ධර්මයෙන් ප්‍රධාන අදහස් කීපයක් දක්වා ඇත.
ඉතිරිය» |
|
උඳුවප් අව අටවක පෝය
උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.52 ට ලබයි.
30 වන දා ඉරිදා පූර්ව භාග 2.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
29 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය ජනවාරි 05 වන දා සෙනසුරාදාය
|
|
|
|
|
|
|