ධම්මානුපස්සනාව :
කෙලෙසුන් දමනය කරන
කෙලෙසුන් දමනය කරන
පිළිවෙත
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
සිතෙහි ස්වභාවය කෙලෙසුන් බහුල වීම යි. මේ පාපී කෙලෙස් නැති කරගන්නා ක්‍රමය බුදු
පියාණන් වහන්සේ වදාළා. තමන් වහන්සේගේ සිතට ලැබුණු පිවිතුරු අදහස් විස්තර කරමින්
ධර්මය වශයෙන් පැහැදිලි කළා.
කෙලෙසුන් ඇතිවන ක්‍රමය, නැතිවන ක්‍රමය, උන්වහන්සේ දැක බලා ගත්තා. කෙලෙසුන් එකක්
පාසා ම අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ හැකි යි. එවිට තම කායික, මානසික
සුවය හොඳින් හදාගන්නට පුළුවන්. ලොවේ කිසිවක් නිත්‍ය, සැප , ආත්ම, වන්නේ නැහැ. මේවා
සෑම විටම වෙනස්වන බැවින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් පද තුනක් බුදු පියාණන්
වහන්සේ පැහැදිලිව දේශනාකොට වදාළා.
පසුගිය සතිවල ස්කන්ධ විදර්ශනාව සහ ආයතන විදර්ශනාව ගැන සඳහන් කළ අතර , මනායතනය සහ
ධම්මායතනයේ සඳහන් විස්තර බහුල වෙයි. මනායතනය යනු සිත් අසූ නවය යි. මුල සිට ම
බැලුවොත්, අකුසල විපාක සිත් හත යි. කුසල අහේතුක විපාක සිත් අට යි. අහේතුක ක්‍රියා
සිත් තුන යි. අකුසල් සිත් දොළහ යි. කාමාවචර සිත් පනස් හතර යි. රූපාවචර සිත් පහළොව
යි. අරූපාවචර සිත් දොළහ යි. ලෝකෝත්තර සිත් අට යි. මේ සියල්ල අසූනවය යි. සිත එකක්
වුණාට ප්‍රභේද වශයෙන් අසූනවයක් වෙයි. භාවනාවට ගනු ලබන්නේ ලෞකික සිත් පමණ යි. මේවා
සෙලවෙන, වෙනස්වන බැවින් භාවනාවට ගන්නා අතර ලෝකෝත්තර සිත් ස්ථිර බැවින් භාවනාවට
ගන්නේ නැහැ.
මුල සිට ම, සිතක් පාසා ම මෙනෙහි කරන්නට සිත් ටික පාඩම් කළ යුතු යි. කාණ්ඩ වශයෙන්
ගත් විට සිත් අසූ එකක් වෙයි. අකුසල විපාක සිත් හත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි.
කුසල අහේතුක විපාක සිත් අට අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, අහේතුක ක්‍රියා සිත්
තුන අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අකුසල් සිත් දොළහ අනිත්‍ය යි, දුක්ඛ යි,
අනාත්ම යි. කාමාවචර කුසල් සිත් අට අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාමාවචර විපාක
සිත් අට අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාමාවචර ක්‍රියා සිත් අට අනිත්‍ය යි,
දුක්ඛ යි, අනාත්ම යි. රූපාවචර කුසල් සිත් පහ අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි.
රූපාවචර විපාක සිත් පහ අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපාවචර ක්‍රියා සිත් පහ
අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අරූපාවචර කුසල් සිත් හතර අනිත්‍ය යි, දුක්ඛ යි,
අනාත්ම යි. අරූපාවචර විපාක සිත් හතර අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අරූපාවචර
ක්‍රියා සිත් හතර අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එකක් පාසා ම මෙනෙහි කරන්නට
පුළුවන්නම්, වඩාත් හොඳ යි.
මනායතනයේ සිත් අසූ නවයෙන් ලෞකික සිත් අසූ එක භාවනාවට ගන්නා අතර ලෝකෝත්තර අට භාවනාවට
ගන්නේ නැහැ. චෛතසික කාණ්ඩය වැටෙන්නේ ධම්මායතනයට යි. එය පනස් දෙකක් වෙයි. ඵස්ස
චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. වේදනා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි,
අනාත්ම යි. සංඥා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. චේතනා චෛතසිකය අනිත්‍ය
යි, දුක්ඛ යි, අනාත්ම යි. ඒකග්‍රතා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි.
ජීවිතේන්ද්‍රිය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මනසිකාර චෛතසිකය අනිත්‍ය
යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මේ හත හැකිතාක් මුලින් ම මෙනෙහි කළ යුතු යි.
තව ද මිශ්‍ර චෛතසික හයක් තිබෙයි. විතක්කය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි.
විචාරය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අධිමෝක්ඛය චෛතසිකය අනිත්‍ය යි,
දුක්ඛ යි, අනාත්ම යි, වීර්යය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. පීති
චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ඡන්දය චෛතසිකය අනිත්‍ය යි. දුක්ඛ යි,
අනාත්ම යි යනුවෙන් මේ හයත් මෙනෙහි කළ යුතු යි.මේවා අන්‍ය සමාන චෛතසික වන අතර ඒවා දහ
තුනක් වෙයි.
අකුසල චෛතසික දාහතර ද මෙනෙහි කළ යුතු යි. මෝහ චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම
යි. අහිරික චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අනොප්තප්ප චෛතසිකය අනිත්‍ය
යි, දුක්ඛ යි, අනාත්ම යි. උද්ධච්ච චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ලෝභ
චෛතසික ය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. දිට්ඨි චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි,
අනාත්ම යි. මාන චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. දෝෂ චෛතසිකය අනිත්‍ය යි,
දුක්ඛ යි, අනාත්ම යි. ඉස්සා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මච්ඡරිය
චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කුක්කුච්ඡ චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි,
අනාත්ම යි. ථීන චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මිද්ධ චෛතසිකය අනිත්‍ය
යි, දුක්ඛ යි, අනාත්ම යි. විචිකිච්ඡා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි.
යනුවෙන් අකුසල චෛතසික දාහතර ද එකක් පාසා ම අනිත්‍ය , දුුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි
කළ යුතු යි.
තව ද ශෝභන චෛතසික විසි පහක් වෙයි. ශ්‍රද්ධාව, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝශ,
තත්‍රමජ්ඣත්තතාව හෙවත් උපේක්ෂාව, කායපස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත
ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤාතාව, චිත්ත කම්මඤ්ඤාතාව , කාය
පාගුඤ්ඤාතාව , චිත්ත පාගුඤ්ඤාතාව, කායුජ්ජුකතාව, චිත්තුජ්ජුකතාවය යනුවෙන් ද කොටස්
දහනවයක් වෙයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ආදී තුන ද අප්පමඤ්ඤා චෛතසික
දෙක (කරුණාව, මුදිතාව) සහ පඤ්ඤා චෛතසිකය ආදිය වෙයි. මෙය එකක් පාසා ම අනිත්‍ය යි,
දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. එවිට තමන්ට හොඳ දැනීමක් ලබාගන්නට
පුළුවන් වෙයි.
තව ද ධම්මායතනයට සුඛම රූප දාසයක් වෙයි. එනම්, ආපෝ ධාතු රූපය අනිත්‍ය යි, දුක්ඛ යි,
අනාත්ම යි. භාව රූප දෙක අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. හදය වස්තු රූපය අනිත්‍ය
යි. දුක්ඛ යි, අනාත්ම යි. ජීවිතේන්ද්‍රිය රූපය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි.
ආහාර රූපය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ආකාශ රූපය අනිත්‍ය යි, දුක්ඛ යි,
අනාත්ම යි. කාය විඥප්ති රූපය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. වචී විඥප්ති රූපය
අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ලහුතා රූපය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි.
මුදුතා රූපය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කම්මඤ්ඤතාව රූපය අනිත්‍ය යි, දුක්ඛ
යි, අනාත්ම යි. උපචයය රූපය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. සන්තච රූපය අනිත්‍ය
යි, දුක්ඛ යි, අනාත්ම යි ජරතාය රූපය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අනිච්චතාය
රූපය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙය ද එකක් පාසා ම අනිත්‍ය, දුක්ඛ , අනාත්ම
වශයෙන් මෙනෙහි කළ යුතු අතර එය ධම්මායතන විදර්ශනාව යි.
මෙහි එකක් හෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළොත්, බොහොම වටියි. ඒ නිසා මේ
ස්කන්ධ, ආයතන පිළිබඳ භාවනාව හොඳින් වැඩි කළ යුතු යි. මෙහි ස්වභාවය වටහාගෙන අනිත්‍ය,
දුක්ඛ , අනාත්ම වශයෙන් හොඳින් සැලකිය යුතු යි. එය එතරම් ම වැදගත්.
බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ උත්තරීතර තත්ත්වයට පත් වුණේ අනිත්‍ය, දුක්ඛ ,අනාත්ම
ලක්ෂණත්‍රය හොඳින් වටහාගෙන යි. මේ ගැන සිතා කල්පනාකර, සද්ධාදී ගුණ හොඳට වඩා වර්ධනය
කරගෙන, හොඳින් වාඩි වී වම් අත යටවන සේ දකුණත තබාගෙන, කය ඍජුව තබාගෙන භාවනාවට වාඩි
වී නමස්කාරය, ඉතිපි සෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථා ද සජ්ඣායනා කර, රත්නත්‍රයට
නමස්කාරකර භාවනාව පටන් ගන්න. එවිට එය තමන්ට දියුණු කරගත හැකි යි. සිත අනිත්‍ය,
දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළත් ප්‍රමාණවත්. චෛතසික, සිතිවිලි , අනිත්‍ය, දුක්ඛ ,
අනාත්ම වශයෙන් මෙනෙහි කළත් ප්‍රමාණවත්. රූප විසි අට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන්
මෙනෙහි කළත් ප්‍රමාණවත්. මේවා මාතෘකා, කාණ්ඩ වශයෙන් වෙයි. එකක් පාසාම මෙනෙහි කරන්නට
නම්, පොතක සටහන් කර, පාඩම් කළ යුතු යි. පාඩම් නො සිටින්නේ නම්, එක වදනක් හෝ සිතෙහි
තබාගෙන එය දිගට ම මෙනෙහි කළ යුතු යි.
දෙව්ලොව, බඹලොව, ගැන සිතා කටයුතු කරන අයට ධර්මය අවබෝධ කරගන්නට බැහැ. ධර්මාවබෝධය
සඳහා නිවන් සුව පතාගෙන, දාන දී කුසල ධර්ම, වැඩිකළ යුතු යි. සිතේ පවතින තණ්හාව,
තරහව, මෝහය, දරුණු පාපයන් හැකිතාක් ඉවත් කර, තම චිත්ත සන්තානය අරිහත් භූමිය කරා
ඉදිරියට ගෙන යා යුතු යි. එවිට සම්මා දිට්ඨී ආදී මාර්ගාංග වැඩෙයි. බණ, භාවනා,
ආදියෙහි ද කෙරෙන්නේ සම්මා දිට්ඨි ආදී මාර්ගාංග හොඳින් දියුණු කර ගැනීම යි. එවිට
පැහැදිලි ලෙස ඉදිරියට යන්නට පුළුවන්. මේ ගැන හොඳ දැනීමක් ඇතිකරගෙන, භාවනා ක්‍රම
හොඳින් ඉගෙන ගෙන, අසංවරකම්, ඉවතලා, සංවර ශීලිත්වය ඇතිකරගෙන, පංචශීලය හොඳින් ආරක්ෂා
කරගෙන, බණ , භාවනා, කටයුතු දියුණු කරගන්නා සැමට ම වාසනාව ලැබේවා!
ජම්මික ප්‍රබෝධනී වැලිකල |