අලුත්ගම ධම්මානන්ද නා හිමි
තෙමස් ගුණ සමරුවට පින්කම්
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ
සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත අපවත්වී වදාළ අලුත්ගම
ධම්මානන්ද නාහිමි තෙමස් ගුණ සමරු පින්කම ජනවාරි 5 සහ 6 යන දිනයන්හි මල්වතු මහා
විහාරයේ තුම්පනේ පන්සල ප්‍රධාන ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ ශාලාවේ දී පැවැත්වේ. 6 දා
දවල් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහානා හිමිවරු, අනුනාහිමිවරු,
ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.
මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික මල්වතු මහා විහාරාධිවාසී
කැටයාපනේ පියදස්සි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතිය,
ශ්‍රී සංඝරාජ කාන්තා සමිතිය, ශ්‍රී සංඝරාජ දහම් පාසල සහ මහනුවර, අම්පිටිය හිඳගල,
කුළුගම්මන, උඩපේරාදෙණිය, තුම්පනේ, යටිගම්මන ආදී ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන්ගේ
දායකත්වයෙන් හා මහනුවර බෞද්ධ සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පින්කම සිදු කෙරේ.
ඉතිරිය»
ශ්‍රීමත් සිරිල්ද සොයිසා
ගුණ සමරුවට පින්කම්
කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 41 වෙනි ගුණ
සමරු පින්කම නිමිත්තෙන් ජනවාරි මස 1 සහ 2 දිනවලදී පින්කම් මාලාවක් බෝධි පරිශ්‍රය
තුළ දී පැවැත්වීමට කළුතර බෝධි භාරකාර මණ්ඩලය කටයුතු යොදා ඇත. 2019 ජනවාරි මස 1 වෙනි
දින පෙරවරු 6.00 ට කිරිපිඬු පූජාව,(උඩමළුවේ බෝධිරාජයාණන් අබියස දී) ද ජනවාරි මස 1
වෙනි දින සර්වරාත්‍රික පිරිත් දේශනය ද, ජනවාරි මස 2 වෙනි දින හීල දානය ජනවාරි මස 2
වෙනි දින බෝධි පරිශ්‍රය තුළ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුව අබියස
පුෂ්පෝපහාර දැක්වීම (පෙරවරු 9.00) ද සිදු කෙරේ. ඊට සමගාමීව බලපිටිය, නගර සභා පිටියේ
ස්ථාපිත කොට ඇති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා පින්
පැමිණවීම ද සිදු කෙරේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නැණැතියන් සමග
විසුවොත් ගුණැතියන්ම ය යහපත්
“සුපින්වත්නි,
සකල ජනමන සනසන අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බේළුව ගමේ වැඩවසන සමයෙහි
සක්දෙව්රජ බුද්ධ උපස්ථානයට පැමිණීම නිමිති කරගෙන මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක.
ලොව්තුරු බුද්ධත්වයට පත්වී වදාළ තැන් පටන් ගම්, නියම්ගම්, නගර, රාජධානි ආශ්‍රය
නිශ්‍රය කරමින් අපමණ ජනතාවගේ හිත සුව පිණිස සදහම් දෙසමින් වැඩ සිටි අප භාග්‍යවතුන්
වහන්සේ බේළුව ගමේ වැඩ සිටින විට රෝගාබාධය ඉස්මතු විය. මේ අවස්ථාවේ සක්දෙවිඳු අවුත්
බුදුරදුන්ට උවටැන් කරන්නේ සිරිපා පිරිමදින්නට විය. මේ කාරණය නිමිති කරගෙන
බුදුරජාණන් වහන්සේ හා සක්දෙව් අතර සංවාදයක් ඇතිවූ හෙයින් මෙම ගාථා ධර්මය ද දේශනා
කොට නැණවත් පුද්ගලයන් හා එක්ව විසීමේ යහපත පෙන්වා වදාළ සේක.
පින්වත්නි, මෙම ගාථා ධර්මයෙන් ප්‍රධාන අදහස් කීපයක් දක්වා ඇත.
ඉතිරිය»
සම්බුදු දහම නිවැරැදිව
ප්‍රගුණ කරමු
බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා යැයි කියමින් ඇතැම් ස්ථානවල පිරිසක් දේශන
පවත්වමින් යනවා. තව කොටසක් මෙච්චර කාලයකට අපි අහලාවත් නැති, අදහස් ඉදිරිපත් කරමින්,
බුදුබණ විකෘති කරලා කියනවා.
ඒ අතර ඇතැම් ස්වාමීන් වහන්සේලා, තවත් ස්වාමීන් වහන්සේ විවේචනය කරනවා, මේ හැමදෙනා
එක්කම යන ගිහි පිරිසකුත් ඉන්නවා, මේ විදියට ගියොත් ධර්මයට මොකද වෙන්නේ? වැඩි කාලයක්
යන්නට කලින් බුද්ධාගම නැතිවෙලා යයි’ මෙලෙස හිතන, එමෙන් ම කියන විශාල පිරිසක් රටතුළ
සිටින බව පෙනෙයි, ඇතැම්විට ඔබට ද එලෙස සිතෙන්නට ඇත. එනිසා ම දහම හා දහමේ අතුරුදහන්
වීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ අදහස් ස්වල්පයක් ගෙනහැර දැක්වීම යෝග්‍ය
යැයි සිතුවෙමි.
ධර්මය ලෙස අප සලකන්නේ සුත්ත, ග්‍යෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන ඉතිවුත්තක, ජාතක,
අබ්භුතධම්ම, වෙදල්ල යන නවාංග ශාස්තෘ ශාසනයයි. ත්‍රිපිටකය තුළ ඇතුළත් ව ඇත්තේ මෙම
නවාංග ශාස්තෘ ශාසනයයි. එනම්, අප ධර්මය ලෙස සැලකිය යුත්තේ ද ත්‍රිපිටකයයි. ධර්මයේ
අතුරුදහන්වීම, පිරිහීම පිළිබඳ හේතු දක්වන තථාගතයන් වහන්සේ, ‘ඉධ භික්ඛවෙ භික්ඛු
ධම්මං න පරියාපුනන්ති සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං උදානං ඉතිවුත්තකං, ජාතකං,
අබ්භුතධම්මං, වෙදල්ලං අයං භික්ඛවෙ පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය
සංවත්තති’ යනුවෙන් සඳහන් කරන්නේ ධර්මය පිරිහෙන, අතුරුදහන් වන පළමු හේතුව, භික්ෂූන්
වහන්සේ නවාංග ශාස්තෘ ශාසනය නිවැරැදිව ප්‍රගුණ නොකිරීම බවයි. එයින් ධර්මය යනු නවාංග
ශාස්තෘ ශාසනය ම බවත් පැහැදිලි වෙයි.
ඉතිරිය»
|