UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නැගෙනහිර බොදු උරුමය රකින්න විශේෂ අරමුදලක් අරඹයි

නැගෙනහිර පළාතේ බොදු උරුමය ආරක්ෂා කිරීමේ අරමුණින් නැගෙනහිර බොදු උරුමය සුරැකීමේ අරමුදල නමින් විශේෂ අරමුදලක් පිහිටුවූ බව නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරම නා හිමියෝ සඳහන් කරති. සේරුවාවිල සංඝ සභාවේ මූලිකත්වයෙන් ඇරඹි එම අරමුදලෙහි සභාපතිත්වය දරන්නේ ද මෙත්තාරාම හිමියන් විසිනි.

ඉතිරිය»

ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ජන්ම සමරුව දා

ගිලන් භික්ෂු ප්‍රතිකාර ගොඩනැගිල්ල විවෘත කෙරේ

ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ 38 වන ජන්ම දිනය මෙම මස 21 වනදාට යෙදීම නිමිත්තෙන් හොරණ ශීල සුව අරණ ගිලන් භික්ෂු ප්‍රතිකාර කටයුතු උදෙසා නව ගිලන් ප්‍රතිකාර ගොඩනැගිල්ල විවෘත කිරීම එදින පෙරවරු 8.30 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ. එදින උදෑසන 10 ට එහිදී ධර්ම දේශනය ගලිගමුවේ ඤාණදීප හිමියන් විසින් පවත්වනු ලබන අතර 11 ට රෝද පුටු පිරිනැමීමේ පින්කම ද, දිළිඳු පවුල් රැසක ට ආහාර පාර්සල් බෙදාදීමේ පින්කම ද, දවස පුරා ලේ දන්දීමේ පින්කමක් ද පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සංවරයට උපකාරී වන සීලය

පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීමේ ආකාරය ප්‍රකාශ වන්නේ කය හා වචනය මගින් ය. එම කායික හා වාචසිකයේ සංවර බව සීලය ලෙස හැඳින් වේ. අකුසලයෙන් ඈත් වී කුසලයෙහි පිහිටීමට උපකාරි වන්නේ සීලය යි. ඒ අනුව නිර්වාණගාමී ප්‍රතිපදාවේත්, යහපත් ජීවිතයේත් පදනම වන්නේ සීලය යි. එබැවින් පුද්ගලයා නිවැරැදි ශික්ෂණයට පත්වන්නේ සීලයෙන් ය. එක් එක් ආයතනයන්, සංස්ථාවන් නිරවුල්ව පවත්වා ගැනීමට ආයතනික සංග්‍රහය ඉවහල් වේ. එසේ යහපත් සමාජයක් පවත්වා ගැනීමට ඉවහල් වන්නේ සීලය යි. එය ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි වශයෙන් වෙන් වෙන්ව හඳුන්වා දී තිබේ. ප්‍රධාන වශයෙන් චතුපාරිශුද්ධි සීලය එනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය වශයෙන් පැවිදි පාර්ශ්වයටත් , නිත්‍ය සීලය හා උපෝසථ සීලය වශයෙන් ගිහි පාර්ශ්වයේ අභිවෘද්ධියටත් සීලය ලෙස ශික්ෂා පද වෙන වෙන ම හඳුන්වා දී ඇත.

 ඉතිරිය»

මාලියද්ද පුරාණ විහාරාධිපති කුඹුක්වැවේ හේමසිරි හිමියෝ නායක පදවි ලබති


දික්වැල්ල බඹරැන්ද මාලියද්ද පුරාණ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී විද්‍යාතිලක විශ්‍රාමලත් පාඨශාලාචාර්ය කුඹුක්වැවේ හේමසිරි නා හිමියන් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය සහ ප්‍රවචන ‘කීර්ති ශ්‍රී උපතිස්ස’ ගෞරව නාමයෙන් පිදුම් ලබයි.

ඉතිරිය»

පනාවල සිරි නන්දනාරාමය

ගම්පහ මීරිගම පනාවල ග්‍රාමයේ සිරි නන්දනාරාමය ආරම්භ වූයේ 1932 වසරේ දීය. පොල් අතු සෙවිලි කළ ආවාස කුටියක් සකස් කර නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මහා විහාරයෙන් ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා ආගමික කටයුතු සිදු කිරීමෙන් ආරම්භය සනිටුහන් විය. නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ මාතලේ ධම්මසිද්ධි මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එච්. පි. සාංචිනෝනා උපාසිකා මාතාව හා දෙටුපුත් ගම්පති කේ. අතුරුගිරිය මහතා විසින් පූජා කරන ලද අක්කරයක පමණ භූමි භාගයකට ගෙන ගොස් 1938 වීදිය වත්තේ සුමේධාලංකාර ස්වාමීන්වහන්සේ වැඩම කරවා ප්‍රථම වස් විසීම සිදුකර ඇත. අනතුරුව කලවානේ පඤ්ඤාධීර, ලේල්වල මේධානන්ද, පණ්ඩිත සංඝානන්ද, ආචාර්ය වරකාපොල රතනසාර, පුස්සැල්ලාවේ පඤ්ඤාසේකර, තිබ්බටුගොඩ මුනින්දඝෝෂ යන නායක ස්වාමීන්වහන්සේලා පිළිවෙලින් වස් වසා ඇත.

ඉතිරිය»

ගැරඬියෙකු පෙළූ ළමයින්ට දහම් දෙසීම

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]