බුදුපිළිමයේ උපත - 92:
ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා තැන්පත් කළ දස ස්තූප
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
" ද්‍රෝණ බ්‍රාහ්මණ ආචාර්යවරයා විසින් අට කොටසකට බෙදන ලද ශ්‍රී සර්වඥධාතූන්වහන්සේලා
ඉන් පසු දශ ස්තූපයක නිධන් කළ බව මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වී ඇති ඉතා වැදගත්
කරුණකි."
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බෙදාදීමේ මහා පුණ්‍යකර්මය ඉටුකිරීම සඳහා ජම්බුද්වීපයේ
එවක රාජ රාජ මහාමාත්‍යාදීන් බහුතර සංඛ්‍යාවක් විසින් ගරු කරන ලද මෙන් ම ඔවුන්ගේ
ආචාර්යවරයා වූ ද ද්‍රෝණ නම් බ්‍රාහ්මණ පඬිවරයා ට සියලු දෙනාගේ ම කැමැත්ත ප්‍රකාශ කර
ඇත.
ද්‍රෝණ බමුණු පඬිවරයාගේ අවස්ථාචෝචිත (පසුගිය සතියේ සඳහන් කළ) ප්‍රකාශයෙන් පසු
ප්‍රමුදිත බවට පත් සියලුම රාජ්‍ය දූත පිරිස, එසේනම් ද්‍රෝණ පණ්ඩිතාචාර්යතුමනි,
ඔබතුමන් විසින් ම ශාරීරික ධාතූන් වහන්සේලා බෙදා දෙන්නැයි ඉල්ලුම් කළහ. එසේ නම් මට
ධාතු බෙදීම සඳහා ස්වර්ණමය නැළියක් දෙන්නැයි ඉල්ලා සිටි විට මල්ල රාජ මාලිගාවේ අගනා
කෞතුක භාණ්ඩ සමඟ අලංකාරය පිණිසත්. උත්සව අවස්ථාවන්ට ගැනීම පිණිසත් තැන්පත්කොට තිබූ
නවරත්න මැණික් ඔබ්බන ලද ස්වර්ණමය නැළියක් රැගෙනවිත් ගෞරවාකාරයෙන් එතුමා ට
පිළිගැන්වූ හ. ද්‍රෝණ බමුණු ආචාර්යවරයා සර්වඥධාතු අට කොටසකට බෙදා ධාතු ලබා ගැනීම ට
පැමිණි රාජකීය දූත පිරිස් අට ට වෙන වෙන ම සර්වඥ ධාතූන් වහන්සේලා භාරදුන්නේ ය.
ඔවුහු පෙර කී තම තමන්ගේ රටවලට - දේශවලට ඒ ඒ ධාතූන් වහන්සේලා රැගෙන ගොස් නිධන්කොට
ස්තූප සාදවා වැඳුම් පිදුම් පවත්වන්නට වූහ. ධාතූන් වහන්සේලා බෙදන ලද ස්වර්ණමය නැළිය
තැන්පත්කොට කුම්භථූප නමින් ස්තූපයක් කරවා ද්‍රෝණ බමුණු ආචාර්යවරයා වැඳුම් පිදුම්
කළේය. එය නව වන චෛත්‍යයයි. ඈත දුර සිට ප්‍රමාද වී පැමිණි පිප්පලී වන පෙදෙසේ මෞර්ය
වංශික දූත පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ සෑයේ අඟුරු ද රැගෙන ගොස්
නිධන් කර වෙන ම “අංගාර” නමින් චෛත්‍යයක් බඳවා වැඳුම් පිදුම් කළහ. ඒ දසවැනි
චෛත්‍යයයි. මෙසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් මාස කීපයක් ඇතුළත බුදුරජාණන්
වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කිරීම ට ස්තූපයෝ දසයක් ඇති වූහ.
(තථාගත ලක්ෂණ පිරිනිවන සහ කේතුමති රාජධානිය - සම්පාදක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස
අනුනාහිමි – පි. 83 -2005)
එසේනම් බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ හොඳින් බෙදන්න. ඒ
පිරිස (මල්ල රජදරුවෝ සහ පිරිස) කීහ.
“හොඳයි” පැවසූ ද්‍රෝණ බ්‍රාහ්මණයා ශාරීරික ධාතු සමසේ මනාව අට කොටසකට වෙන්කොට ඒ
පිරිසට මෙසේ කීවේ ය.
“පින්වත්නි! මේ නැළිය මට දෙන්න. මමත් මේ නැළිය සඳහා ස්තූපයක් කර පූජෝත්සවයක්
පවන්වන්නෙමි.”
ඔවුහු එම නැළිය ද්‍රෝණ බ්‍රාහ්මණයාට දුන්හ. භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවේ දී
පිරිනිවන් පෑ බව පිප්පලිවන මෞර්යවරුන්ට අසන්නට ලැබිණි. භාග්‍යවතුන් වහන්සේ ද
ක්ෂත්‍රියෙකි. අපිදු ක්ෂත්‍රියයෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ
කොටසක් ලැබීමට අපිදු සුදුස්සෝ වෙමු. අපිත් එම ශාරීරික ධාතූන් වහන්සේ සඳහා ස්තූපයක්
සාදා පූජෝත්සවයක් පවත්වන්නෙමු.” යි දන්වමින් කුසිනාරාවේ මල්ලයන් වෙත දූතයෙකු පිටත්
කළහ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ඉතිරි වී නැත. බෙදා අවසාන ය.
මෙතනින් අඟුරුගෙන යන්න, යැයි මල්ලයෝ කීහ. එවිට ඔවුහු ඒ අඟුරු ගෙන ගියහ.”
(මහා පරිනිර්වාණ සූත්‍රය - සිංහල පරිවර්තනය සනත් නානායක්කාර පි. 108 – 109 (2015)
මෙසේ ද්‍රෝණ බ්‍රාහ්මණ ආචාර්යවරයා විසින් අට කොටසකට බෙදන ලද ශ්‍රී
සර්වඥධාතූන්වහන්සේලා ඉන් පසු දශ ස්තූපයක නිධන් කළ බව මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන්
වී ඇති ඉතා වැදගත් කරුණකි.
දස ස්තූප
1. මගධයෙහි අජාසත්ත රජගහනුවර ද, 2. විශාලා නුවර ලිච්ඡවි රජවරු විශාලා නුවර ද 3.
කිඹුල්වත් පුර ශාක්‍යයෝ කිඹුල්වත්පුර ද 4. බුලි රජවරු අල්ලකප්ප නුවර ද 5. රඹගම්වැසි
කෝලිය රජවරු රඹගම් නුවරද, 6. වේඨදීප වැසි බ්‍රාහ්මණයා වේඨදිපයෙහි ද 7. පාවා නුවර
වැසිමල්ලයෝ පාවා නුවර ද 8. කුසිනාරා නුවර වැසි මල්ල රජවරු කුසිනාරා නුවරද 9. ද්‍රෝණ
බ්‍රාහ්මණ තුමා (ධාතූන් මිනු නැළියට කුම්භ ස්තූපයද) 10. පිප්පලී වන නුවර වැසි මොරිය
(මෞර්ය) රජවරු ආදාහන කළ තැනින් ගත් අඟුරු තැන්පත් කොට අංගාර ස්තූපයද යන ස්තූප දසයක්
තනවා පූජා සත්කාර පැවැත්වූහ. (මහා පරිනිර්වාණ සුත්‍රගත ධර්ම පර්යාය, පූජ්‍ය රාජකීය
පණ්ඩිත වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමි – පි. 147 දයාවංශ ජයකොඩි සහ සමාගම – 2013
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණ බ්‍රාහ්මණ ආචාර්යවරයා විසින් බෙදන ලද ආකාරය
පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් රාජ්‍ය වර්ෂ 13 වැනි සියවසේ දී දඹදෙණි රාජධානි සමයේ
බුද්ධ පුත්‍ර නා හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද සුවිශාල ග්‍රන්ථය වූ පූජාවලියෙහි
මෙසේ සඳහන් වී ඇත.
එවේලෙහි දඹදිව සියලු රජුන්ට ශිල්ප දුන් රාජගුරු වූ ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාර්ය
කෙනෙක් හැම රජුන් සංසිඳුවා එක තැනකට රැස්කර දරුවෙනි, බුදුන් උදෙසා ඔවුනොවුන් හා
යුද්ධ නොකරව, බුදුහු නම් ක්ෂාන්තිවාදී සේක. බුදුහු නම් සියලු සතුන්ටම සාධාරණ සේකැයි
යනාදීන් නො එක් කාරණයෙන් බණ කියා ගිවිස්වා ධාතු අට කොටසක් කොට මගධ නැළියෙන් දෙනැළි
බැගින් අට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රජ දරුවන්ට බෙදා දෙනුයේ දකුණු දළදා වහන්සේ
රජදරුවන් කතා කරද්දී සොර, ඇරගෙන තමා හිසකෙස් යට සඟවා ගත එවේලෙහි සක්දෙව්රජ සියලු
සතුන්ට ධර්මදේශනා කළා වූ ශ්‍රී මුඛ ජාත දන්ත ධාතුන් වහන්සේට උපහාර කිරීමට මේ බමුණු
සුදුසු නොවේමැයි සිතාලා, සූක්ෂම වූ අතක් මවා දන්ත ධාතුන්වහන්සේ ඔහු විසින් සොරා
හැරගෙන ගොස් සිළුමිණි සෑයට වඩමවා පූජා කෙරෙයි. බමුණු ධාතු බෙදා අන්තයෙහි හිස අත ගා
බලා දළදා නොදැක ශෝක කොට මටත් වඩා සොරෙක් අරගතැයි සිතා ලජ්ජාවෙන් කාටත් නොහඟවා ධාතු
මිනු ලාස්ස (භාජනය) රජ දරුවන්ට කියා ඉල්වා ගත. (පූජාවලිය මයුරපාද පරිවේණාධිපති
බුද්ධපුත්‍ර ස්ථවිරයන් වහන්සේ - සංස්කරණය – කීර්ති නාරම්පනාව පි. 727 – 28 නව
මුද්‍රණය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය – 2010 )
සර්වඥධාතූන් වහන්සේලා බෙදාදීම පිළිබඳ මෙසේ ද සඳහන් වේ. ‘මේ අට කොටසකට බෙදීගිය එක
කොටසක ධාතු අයත් වූයේ රාම ග්‍රාමයේ කෝලියවරුන්ටය. ඔවුන්ගෙන් එම ධාතූන් වහන්සේලා
භාගයක් ලබාගත්, එහි නාග ගෝත්‍රික රජ කෙනෙක් ද ස්තූපයක් කොට තැන්පත් කර ඒ
ධාතූන්වහන්සේලාට වැඳුම් පිදුම් කළේය. සතර දළදාවහන්සේලාගෙන් එක් දළදා වහන්සේ නමක්
දෙවියන් විසින් දෙව්ලොවට වැඩම කරවන ලදහ. තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර දේශයේ පුදනු
ලැබේ. නැවත තුන් වැනි දළදා වහන්සේ කළිඟු රජුගේ රාජ්‍යයෙහි පුදනු ලැබූහ. නාග ලෝකයෙහි
සතර වැනි දළදා වහන්සේ වැඩසිටිති. (දැනට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මන්දිරයෙහි
පුදනු ලබන්නේ කළිඟු රජතුමාගේ විජිතයෙහි පුදනු ලැබූ දළදා වහන්සේ බව සැලකිය යුතුය.)
බුදුරජාණන් වහන්සේගේ ළලාට ධාතුන් වහන්සේ ලක්දිව සේරුවිල වෙහෙර වහන්සේ තුළ ද
ගී‍්‍රවා ධාතුන් වහන්සේ මහියංගන වෙහෙර වහන්සේතුළ ද, නිධන් කොට ඇති බව ඓතිහාසික
වාර්තාවල සඳහන් වේ.
(තථාගත ලක්ෂණ පිරිනිවන සහ කේතුමති රාජධානිය මහා පරිනිබ්බාන සූත්‍රයේ සංක්ෂිප්ත
අනුවාදය, සම්පාදක කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි, පි. 83 – 84 (2005) දෙහිවල ධර්මෝදය
සංගමය)
|