UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සංවරයට උපකාරී වන සීලය

පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීමේ ආකාරය ප්‍රකාශ වන්නේ කය හා වචනය මගින් ය. එම කායික හා වාචසිකයේ සංවර බව සීලය ලෙස හැඳින් වේ. අකුසලයෙන් ඈත් වී කුසලයෙහි පිහිටීමට උපකාරි වන්නේ සීලය යි. ඒ අනුව නිර්වාණගාමී ප්‍රතිපදාවේත්, යහපත් ජීවිතයේත් පදනම වන්නේ සීලය යි. එබැවින් පුද්ගලයා නිවැරැදි ශික්ෂණයට පත්වන්නේ සීලයෙන් ය. එක් එක් ආයතනයන්, සංස්ථාවන් නිරවුල්ව පවත්වා ගැනීමට ආයතනික සංග්‍රහය ඉවහල් වේ. එසේ යහපත් සමාජයක් පවත්වා ගැනීමට ඉවහල් වන්නේ සීලය යි. එය ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි වශයෙන් වෙන් වෙන්ව හඳුන්වා දී තිබේ. ප්‍රධාන වශයෙන් චතුපාරිශුද්ධි සීලය එනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය වශයෙන් පැවිදි පාර්ශ්වයටත් , නිත්‍ය සීලය හා උපෝසථ සීලය වශයෙන් ගිහි පාර්ශ්වයේ අභිවෘද්ධියටත් සීලය ලෙස ශික්ෂා පද වෙන වෙන ම හඳුන්වා දී ඇත. බුදුදහම මගින් නිරතුරුව පුද්ගලයාගේ අධ්‍යාත්මික හා බාහිර අභිවෘද්ධියට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරයි. ඒ අනුව සීලය මගින්ද බලාපොරොත්තු වන්නේ එයයි. බුදුදහමින් පුද්ගලයා අර්ථාන්විත ක්‍රියා සඳහා යොමු කරන්නේ යම් ක්‍රියාවක ආදීනව ය, ආනිශංස හා නිස්සරණය හඳුන්වා දීමෙන් ය. එය මනාව හඳුනාගත් පුද්ගලයා එය තමාට අවශ්‍ය ද? අවශ්‍ය නම් ඇයි, කවර හේතුවක් නිසා ද? කෙබඳු ආකාරයෙන්ද, ආදි වශයෙන් බුද්ධිමත්ව සිතා බලයි. ඒ අනුව එළඹෙයි. අවබෝධයෙන් යමක් සිදු කළ හැකි වන්නේ එවිට ය.

ඉතිරිය»

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]