ශ්‍රී ආනන්ද බෝධි විහාරයේ රන්වැට හා සංඝාවාසය විවෘත කිරීම 21 දා
මොරටුව අඟුලාන උඩුමුල්ල ශ්‍රී ආනන්දබෝධි මහා විහාරයෙහි පිහිටි ඓතිහාසික ආනන්ද
බෝධිරාජයා වටා ඉදිකරන ලද රන්වැට හා නව භික්ෂු නිවාසය විවෘත කිරීම මේ මස 21 වැනි දින
පස්වරු 4 ට සිදු කෙරේ.
කැලණිය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී
මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ගේ සුරතින් රන්වැට විවෘත කිරීම ද ,බස්නාහිර පළාතේ
ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවපි‍්‍රය මහතා විසින් නව සංඝාවාසය විවෘත කොට පූජා කිරීමද
සිදු කෙරේ.
උත්සව සභාවෙහි මුලසුන දරනු ලබන්නේ අත්තුඩාවේ ශ්‍රී පියරතන නා හිමියන් විසිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දර්ශනපති අගලකඩ සිරිසුමන හිමියන් ඇතුළු මහ සඟරුවන ද
රාජ්‍ය මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ඒ.එච්.එම් ෆවුසි යන ඇමතිවරුන් ප්‍රමුඛ
මහජන නියෝජිතයින් ඇතුළු සම්භාවනීය පිරිසක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.
ඉතිරිය»
ධර්ම දේශනාව: අනුවණයාට පව මිහිරි ය
මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චතී
යදාච පච්චතී පාපං
අථ බාලො විහඤ්ඤති
තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි උප්පලවණ්ණා රහත්
මෙහෙණින් වහන්සේ අරභයා දේශනා කළ ගාථා ධර්මයකි.ඉහත සඳහන් කළේ උපුල්මල් වර්ණයෙන් යුතු
සුන්දර ශරීරයක් ඇති උප්පලවණ්ණා තෙරණියෝ පියුමතුරා බුදුන් දවස එක් මෙහෙණක් අගසව්
තනතුරෙහි පිහිටුවීම දුටුවා ය. ඒ දැක අපමණ පී‍්‍රතියට පත්ව ‘මම ද මතු බුදු කෙනෙකුන්
හමුවෙහි අගසව් තනතුරක් ලබන්නෙමි’ යි අධිටන් කොට ගත්තා ය. මහ දන් පවත්වමින්, අපමණ
පින් දහම් කරමින් සසර සැරිසැරුවා ය. එක් කලෙක මනුලොව ඉපිද පසේ බුදුරජාණන් වහන්සේ
නමකට උපුල් මල් පුදා ඒ පින් බලයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිව
රහත් මෙහෙණින් වහන්සේ නමක් වී අගසව් තනතුරු ලබා අන්ධ නම් වනයෙහි වැඩ වසන්නී ය.
ගිහිකල සිටම උප්පලවණ්ණාවගේ රුවට වශී ව නන්ද නම් ඥාතියෙකු වූයේ ය. කල්යල් බලා රහත්
තෙරණියෝ අන්ධවනයේ සිය කුටියේ සිට පිඬු පිණිස වැඩි විටෙක ඔහු කුටියට අවුත් ඇඳයට
රිංගා සැඟ වී සිටියේ ය. උප්පලවණ්ණා තෙරණියෝ කුටියට අවුත් දොර වසා ගත් කල මහා පාප
කර්මයක් කර ගත්තේ ය. මරණින් මතු අපායේ ඉපිද අපමණ දුක් වේදනාවකට පත් විය.
ඉතිරිය»
දැනගෙන කළයුතු පින්කම්
" කඨිනානිසංස විඳින විට, වෙනත් අකුසල කර්මයක විපාකයන් පලදීමට අසමත් වෙයි. එහෙයින්
කඨින පින්කම මහා බලගතු අනුසස් ලැබෙන පින්කමකි.විනයානුකූලව කඨින පූජාව සිදු වන්නේ,
ගිහි හෝ පැවිදි සැදැහැ ඇත්තෙක් කඨිනාස්තරණයට නියමිත කාලය තුළ, පෙර වස් වැස පවාරණය
කළ භික්ෂු සංඝයා විෂයෙහි හිරු උදාවන වේලෙහි කඨිනය පිණිස වස්ත්‍රයක් හෝ චීවරයක් පූජා
කිරීමෙනි. කඨින පූජාව විනය කර්මයකි."
ජීවිතය පවත්වාගෙන යාමට ආහාර, ජලය, වාතය වැනි දෑ අවශ්‍යයෙන් ම තිබිය යුතු සේ ම, පින
ද හැම කෙනෙකුට ම අවශ්‍යයෙන් ම තිබිය යුතු සාධකයෙකි. කොපමණ ධන සම්පත් තිබුණත්, බල
පුළුවන්කාරකම් තිබුණත් පින නැතිනම් ජීවිතය වුව ද පවත්වාගෙන යාමට නොහැක.
‘සුඛස්ස ඒතං අධිවචනං පුඤ්ඤං’ යනුවෙන් පින නම් සැපයට යොදන තවත් නමකැයි බුදුරජාණන්
වහන්සේ වදාළේ ද එබැවිනි. ආයු, වර්ණ, සැප, බල ආදී ලෞකික සියලු සම්පත් ළඟා කර දීමට
පිනට හැකියාව තිබේ. අප යමක් කරන්නේ එයින් කිසියම් ප්‍රතිඵලයක්, ප්‍රතිලාභයක් ලැබේ
නම් පමණි. පින්කමක නිරත වන්නන්ට ද කිසියම් ප්‍රතිලාභයක් තිබිය යුතුයි. ගොවිතැනෙහි
නිරත වන ගොවියෙකු අස්වනු ලබන ක්‍රම තුනක් පිළිබඳ ව, බුදුරජාණන් වහන්සේ ඛෙත්තූපම
සූත්‍රයෙන් අනාවරණය කොට තිබේ. එක් ගොවියෙකු, ගොවිතැනට ආයෝජනය කළ මුදලවත් උපයා
ගැනීමට නොහැකි ව පාඩු ලබයි. තවකෙනෙක් වැයකළ මුදලට සරිලන ප්‍රමාණයේ අස්වැන්නක් ලබයි.
මේ අතර තවත් කෙනෙක් බලාපොරොත්තු වූ ප්‍රමාණය ඉක්මවා අධික ලාභයක් උපයා ගැනීමට සමත්
වෙයි.
ඉතිරිය» |