මියන්මාරයෙන් ජනපතිට
තෑගි ලැබුණු ඇත් පැටවා
දළදා මාලිගාවට පූජා කරයි
මියන්මාර් රජයෙන් තමාට ලැබුණු හස්ති රාජයා බුදුරදුන්ගේ සු අසූ දහසක් ධර්මස්කන්ධයේ
පහස ලද ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් දළදා වහන්සේ වැඩසිටින, දළදා මාලිගාවට
පුජා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර එතුමාට නිවන් දකින්නට තරම්
හේතුවන පුණ්‍යකර්මයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා
හිමියෝ පැවසූහ. මෙයට පෙර ජනපතිතුමා රුසියාවෙන් තමන්ට ලැබුණු වටිනා අසිපතක් ද තමන්
සන්තකයේ තබා නො ගෙන කෞතුකාගාරයට පරිත්‍යාග කළ බව ද උන්වහන්සේ කීහ. මියන්මාර් ජනරජ –
සමූහාණ්ඩුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව ලබාදුන් පාන්
ස්වේ මවුන්ග් නමැති අවුරුදු 24 ක් වයසැති ඇතා ජනපතිතුමන් විසින් ශ්‍රී දළදා
මාලිගාවට පුජා කිරීම නිමිත්තෙන් පසුගිය දා (08) ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත් වූ
උත්සවයේ දී අනු නා හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
ඉතිරිය» ධර්ම දේශනාව:
නිසරු දෙය බැහැරව සරු දෙය පිළිගනිමු
සසර සැරි සරන සත්වයන්ගේ රාගාදි කෙලෙස් ගිනි නිවාලන අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
රජගහ නුවර වැඩ වසන සමයෙහි සංජය නම් පරිබ්‍රාජකයා අරබයා මෙම ගාථා ධර්මය දේශනාකොට
වදාළ සේක. රජගහ නුවරට නුදුරු කෝලිත, උපතිස්ස යන බමුණු ගම් දෙකේ ඒ නමින් ම කුමාර
කාලයේ පටන් ඉතා යසසින් හැදී වැඩී ගිය කෝලිත උපතිස්ස යන යහළුවන් දෙදෙනෙක් විය. දිනක්
මේ දෙදෙනා ගිරග්ග සමජ්ජ නම් නාට්‍යයක් බලන්නට යන්නේ, නාට්‍ය බැලීමෙන් කිසිදු හරයක්
නැත. අපි සාරවත් ධර්මයක් සොයාගෙන යමු’ යයි තීරණය කළහ. මෙකල රජගහ නුවර සංජය නම්
පරිබ්‍රාජකයා බොහෝ ශිෂ්‍ය පිරිවැජියන් පිරිවරා තම ධර්මය හා ප්‍රතිපත්තීන් ප්‍රකාශ
කරමින් ජනතාව අතර ප්‍රසිද්ධ ව වාසය කළේ ය. උපතිස්ස, කෝලිත දෙදෙනා ද එම ආරාමයේ දී
ඔහුගේ ධර්මය ප්‍රගුණ කරමින් සිටි නමුත් එයින් කිසි ඵලයක් නොලදින් දෙදෙනා ම නික්ම
ගියහ.
ඉතිරිය»
තරගයක් නොවිය යුතු කඨින මහා පින්කම
මානසික යුද්ධයකින් සහ ආර්ථික යුද්ධයකින් පසුව ජයගත යුතු මහා පින්කමක් ලෙස
වර්තමානයෙහි කඨීන පින්කම හඳුනාගත හැකියි. මේ තරම් ප්‍රමාණයක් දිය යුතු ද? එතරම්
ප්‍රමාණයක් දීමෙන් පසු කුමන තත්ත්වයක් උදාවෙයි ද? යනුවෙන් මනස ප්‍රශ්න කරයි.
සංසාරයේ ගැට ගසා තිබෙන තෘෂ්ණාව නමැති බියකරු මනෝභාවය විසින් අපෙන් ප්‍රශ්න කරමින්,
විමසමින් , අප ආපස්සට අදින විට අඛණ්ඩ ව තුන් මාසයක් වස් සමාදන් වූ ස්වාමීන්
වහන්සේලාට උපස්ථාන කරම්න් වස් පින්කම් මාලාවට සම්බන්ධ වෙමින් කටයුතු කිරීම චෛතසික
වශයෙන් ලබාගත් විශාල දිනුමක් වෙයි. එය තමන්ගේ සිත ලබාගත් දිනුමක් ම වෙයි. වෙනත්
සැදැහැවතෙකුªගේ දානයක් පූජා කරන අවස්ථාවක දී වුවත්, ඇතැම් විට ලොකු තෘෂ්ණාවක් ඇති
විය හැකියි. දීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ දීම උපමා කළේ ම,
දානංච යුද්ධංච සමාන මාහු දන් දීම, පරිත්‍යාග කිරීම, අතහැරීම, යුද්ධයක් කිරීමට සමාන
බවයි. ලෝභය,ජයගැනීමට අමතර ව ද්වේශය ද ,ජයගත යුතුයි.
ඉතිරිය»
අපේ
පුද බිම්:
මැදවෙල රජ මහා විහාරය
හාත්පස සිසාරා පෙනෙන සුදෝ සුදු වළා කැටි මැදි කරගත් කඳු පන්තියකට මැදි වූ, නීල හරිත
තුරු ලතාවන්ගෙන් සෙවන ලද මනරම් කඳු ගැටයක් මත්තෙහි පිහිටි ඓතිහාසික හා කලාත්මක
වශයෙන් වෙසෙස් වැදගත්කමක් හිමි කරගත් මැදවෙල රජමහා විහාරය සුවිශේෂී ආගමික
සිද්ධස්ථානයකි. බොදුනුවන්ගේ උරුමයකි. මැදවෙල රජමහා විහාරය පිහිටා තිබෙන්නේ මහනුවර
දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැදසිය පත්තුවේ ‘මැදවෙල’ නම් ගම් පියසේ ය. මහනුවර,
දොරණෑගම මාර්ගයේ මැදවල නගරයේ සිට කිලෝමීටර 1.5 ක පමණ දුරින් පිහිටි මෙම විහාරස්ථානය
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් පුණ්‍ය භූමියකි.
උස් නොවූ ගල් කුලුනු මත්තෙහි සෘජුකෝණාශ්‍රාකාරව පිහිටි පුරාණ ටැම්පිට විහාරය, එහි
වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ, විහාර අභ්‍යන්තරයේ බිතු සිතුවම් හා මකර තොරණ
ඓතිහාසික වශයෙන් වටිනාකමක් හිමිකර ගනියි.
ඉතිරිය» |