|
|
මැදවෙල රජ මහා විහාරය |
|
|
|
අපේ
පුද බිම්:
මැදවෙල රජ මහා විහාරය
හාත්පස සිසාරා පෙනෙන සුදෝ සුදු වළා කැටි මැදි කරගත් කඳු පන්තියකට මැදි වූ, නීල හරිත
තුරු ලතාවන්ගෙන් සෙවන ලද මනරම් කඳු ගැටයක් මත්තෙහි පිහිටි ඓතිහාසික හා කලාත්මක
වශයෙන් වෙසෙස් වැදගත්කමක් හිමි කරගත් මැදවෙල රජමහා විහාරය සුවිශේෂී ආගමික
සිද්ධස්ථානයකි. බොදුනුවන්ගේ උරුමයකි. මැදවෙල රජමහා විහාරය පිහිටා තිබෙන්නේ මහනුවර
දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැදසිය පත්තුවේ ‘මැදවෙල’ නම් ගම් පියසේ ය. මහනුවර,
දොරණෑගම මාර්ගයේ මැදවල නගරයේ සිට කිලෝමීටර 1.5 ක පමණ දුරින් පිහිටි මෙම විහාරස්ථානය
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් පුණ්‍ය භූමියකි.
උස් නොවූ ගල් කුලුනු මත්තෙහි සෘජුකෝණාශ්‍රාකාරව පිහිටි පුරාණ ටැම්පිට විහාරය, එහි
වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ, විහාර අභ්‍යන්තරයේ බිතු සිතුවම් හා මකර තොරණ
ඓතිහාසික වශයෙන් වටිනාකමක් හිමිකර ගනියි.
ඉතිරිය»
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20
වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර්
19 වනදා අඟහරුවාදාය.
මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.
|
|
|
|
|
|
|