|
මියන්මාරයෙන් ජනපතිට
තෑගි ලැබුණු ඇත් පැටවා
දළදා මාලිගාවට පූජා කරයි
මියන්මාර් රජයෙන් තමාට ලැබුණු හස්ති රාජයා බුදුරදුන්ගේ සු අසූ දහසක් ධර්මස්කන්ධයේ
පහස ලද ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් දළදා වහන්සේ වැඩසිටින, දළදා මාලිගාවට
පුජා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර එතුමාට නිවන් දකින්නට තරම්
හේතුවන පුණ්‍යකර්මයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා
හිමියෝ පැවසූහ.
මෙයට පෙර ජනපතිතුමා රුසියාවෙන් තමන්ට ලැබුණු වටිනා අසිපතක් ද තමන් සන්තකයේ තබා නො
ගෙන කෞතුකාගාරයට පරිත්‍යාග කළ බව ද උන්වහන්සේ කීහ.
මියන්මාර් ජනරජ – සමූහාණ්ඩුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව
ලබාදුන් පාන් ස්වේ මවුන්ග් නමැති අවුරුදු 24 ක් වයසැති ඇතා ජනපතිතුමන් විසින් ශ්‍රී
දළදා මාලිගාවට පුජා කිරීම නිමිත්තෙන් පසුගිය දා (08) ඓතිහාසික මඟුල් මඩුවේ දී
පැවැත් වූ උත්සවයේ දී අනු නා හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
පුලතිසි රාජා නමින් මෙරට දී නම් ලද අඩි 08 ක් උස මේ ඇතා බරින් කිලෝ ග්රෑම් 3000 කි.
මියන්මාරයේ දකුණු ඛාගෝ ප්‍රදේශයෙන් 1993 මාර්තු මස 04 දින අල්ලා ගෙන තිබෙන මේ ඇතා
එරට දැව සංස්ථාව භාරයේ සිටිය දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇත.
ඉතිරිය» |
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.52 ට ලබයි. 20
වන දා බදාදා පූර්ව භාග 10.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර්
19 වනදා අඟහරුවාදාය.
මී ළඟ පෝය සැප්තැම්බර් 28 වන දා බ්‍රහස්පතින්දා ය.
|
|
|
|
|
|
|