මිහින්තලා ලේක්හවුස්
කප්රුක් පූජා පින්කමෙන්
මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම ඉකුත් නිකිණි පුර පසළොස්වක පෝදා මිහින්තලා
පුදබිමේ දී මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන
හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණි. එදින පින්කමේ දායකත්වය වැල්ලවත්තේ පියනන්ද
සමාජසේවා පදනමේ අනුශාසක කිරිවැල්දොළ පියනන්ද නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් හා
ගෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් හොරණ ගුරුගොඩ බ්‍රිටිස් බිලියන්ස්
පුද්ගලික සමාගමේ චමින්ද කල්පගේ, චින්තන ජයකොඩි, රංජිත් වෙලගෙදර මහත්වරුන්ගේ
දායකත්වයෙන් සිදු කෙරිණි. පියතිස්ස පෙරේරා, රොහාන් දිසානායක සහ සුදත් යන මහත්වරු ද
ඊට සහාය දැක්වූහ.
ඉතිරිය»
පැවිදි දිවිය සමරා
භික්ෂු වාට්ටුවක් තැනූ හාමුදුරුවෝ
බුද්ධියාගම ධම්මසේන හිමියන්ගේ පැවිදි දිවියට ජූලි 23 දින විසිපස් වසරක් සපිරිණි, මේ
කෙටි සටහන ඒ නිමිත්තෙනි. මාතර, කෝට්ටේගොඩ, බෙලිවත්ත ශ්‍රී සුධර්මාශ්‍රමයාධිපති රාජකීය පණ්ඩිත, ගෞරව
ශස්ත්‍රවේදී, ශාස්ත්‍රපති බුද්ධියාගම ධම්මසේන හිමියන් බුද්ධියාගම ගම් පියසේ උපත ලබා
14 වැනි වියේදී බෙලිවත්ත ශ්‍රී සුධර්මාශ්‍රම විහාරස්ථානයේදී ශාසන දායාදය ලබා ගත්
හිමි නමකි. ඒ සුනාමි විපතින් අකල්හි දැයට අහිමිව ගිය කහඳාමෝදර පඤ්ඤාසේන මහා
ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙනි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දීර්ඝ ඇසුරකින් හඳුනා ගත හැකි සීලය
මිනිසා රූපයෙන් දැක ගත නොහැකි ය.ස්වල්ප මාත්‍ර දර්ශනයෙන් විශ්වාස කළ නොහැකි ය.
කිසිම සංයමයක් නැති තැනැත්තෝ උසස් සංයමයෙන් යුතු ඇත්තන්ගේ පරිහරණීය දෑ දරමින් මෙන්
ම ඔවුන්ගේ ආකාරය දරමින් ලොව හැසිරෙති. ස්වර්ණාලේපිත, මැටියෙන් කළ කුණ්ඩලාභරණයක්
මෙන් ද, රත්තරන් ගෑ අඩමස්සක් වටිනා ලෝහාභරණයක් මෙන් ද ඇතුළත අපිරිසුදු වුවත් පිටත
සෝභමාන කරමින් ඔවුහු හැසිරෙති.
න වණ්න රූපෙන නරෝ සුජාතෝ
න විස්සසේ ඉත්තර දස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකම්මං චරන්ති
පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව
ලෝහඩ්ඪමාසෝව සුවණ්ණඡන්නෝ
චරන්ති ඒකේ පරිවාරඡන්නා
අන්තෝ අසුද්ධා බහි සෝභමානා
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර මිගාර මාතු ප්‍රාසාදයේ වැඩ වසන අවස්ථාවක පසේනදී කෝසල
රජු පැමිණ බුදුරදුන් මුණ ගැසුණේ ය. සුහද සාකච්ඡාව අතර විහාරය අසලින් පේනතෙක් මානයේ
ජටිලයන්, නිරුවත් නිගණ්ඨයන්, අචේලකයන් , ඒක සාටකයන්, පරිබ්‍රාජකයන් සත් දෙනා බැගින්
ගමන් කරමින් සිටියහ. මොවුහු දුෂ්කර ව්‍රත පුරන්නවුන් සේ වැඩුණු කෙස්, නිය, රෝම
සහිතව දුහුවිල්ලෙන් අපිරිසුදු වූ ශරීරවලින් යුක්ත වූ හ. මේ පිරිස දුටු කොසොල් මහරජු
හුනස්නෙන් නැගිට ඒ පිරිස් දෙස බලා වැඳගෙන “වහන්ස, මම පසේනදි කෝසල රජ වෙමි” ‘හඬගා
කියමින් ඒ දෙසට නමස්කාර කළේ ය. නැවත බුදුරදුන් දෙසට හැරුණු රජු ‘ස්වාමීනි, මෙලොව
යම් රහත්හු හෝ රහත් මගට බැස ගත්තො හෝ’ වෙද්ද මොවුහු ද ඔවුන් අතර කොටසකැ’යි පැවසී ය.
ඉතිරිය»
ආදර්ශවත් යුග මෙහෙවරක නියමුවාණෝ
තමන් සතු දේ අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ.ඊට
හේතුව ලෝභය නම් අකුසල මූලය සිතෙහි මුල් බැස ගෙන තිබීම ය. එහෙත් අලෝභය නමැති කුසල
මූලය පෙරට ගෙන සමස්ත සමාජයේ යහපත උදෙසා රුපියල් කෝටි ගණනක මුදලක් පරිත්‍යාග කිරීම
කෙතරම් නම් ආදර්ශවත් ක්‍රියාවක් ද?
මෙරට ශාසනවංශ කතාවෙහි අමරණීය යුග මෙහෙවරක නිරත වන සංඝපීතෘන් වහන්සේ නමකගේ උදාර
මෙහෙවරෙන් බිඳක් පිළිබඳව මෙම ලිපියේ සටහන් තැබේ.
ඉතිරිය» |