පෝරෙගෙදර සුමනවංශ හිමියෝ
කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබති
මහනුවර ශ්‍රී උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාර වංශික
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක
ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාවේ
සමානච්ඡන්දයෙන්, “පරිත්ත භානක – මංගල ධර්මකීර්ති ශ්‍රී ආර්යවංශ” යන
ගෞරව නාම සම්මුතිය සහිත, කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය
වාද්දුවේ මාවල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති විශ්‍රාමික පරිවේණාධිපති
ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පෝරෙගෙදර සුමනවංස හිමියන් වෙත පත් කර ඇත.
ඉතිරිය»
ධර්මදූත සේවාව
ආරම්භ කළ
ඉල් පොහොය
බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව
ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක
පොහොය දිනයකදීය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ඉල් පුර පසළොස්වක පෝදා දම් දෙසුම
පුද්ගල හඳුනා ගැනීම
බුදුරජාණන් වහන්සේ විසින් මජ්ක්‍ධිම නිකායේ සුඤ්ඤත වග්ගයේ එන බාල
පණ්ඩිත සූත්‍රයෙන් බාලයා හා පණ්ඩිතයා දැන හැඳින ගැනීමට නිර්ණායක
ගණනාවක්ම දේශනා කොට තිබෙනවා. බාල ශබ්දය අර්ථ කිහිපයකම යෙදෙනවා.
ඉතිරිය»
ථූපාරාමය
සාමාන්‍ය ජනතාවගේ පුද පූජා සඳහා ලංකාවේ ප්‍රථම ඓතිහාසික ස්තූපය තිස්ස
රජතුමා (පසුව දේවානම්පියතිස්ස) ගොඩ නැඟීය. එහි බුදුරජාණන් වහන්සේගේ
අකුධාතුන් වහන්සේ නිදන් කරන ලදී. ථූපාරාම චෛත්‍යය නමින් හඳුන්වනු ලබන
මධ්‍යම ප්‍රමාණයෙන් යුත් මෙම බෞද්ධ ස්මාරකය ශ්‍රී ලාංකික හා වෙනත්
ථෙරවාදී රටවල කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ගේ වන්දනයට අද භාජනය වෙයි.
ඉතිරිය»
|