සිවුරේ වංශ කථාවයි අරපිරිමැස්මයි
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
බුදුපියාණන් වහන්සේ හමුවීමට වැඩම කරනු ලැබූ එක්තරා ස්වාමීන් වහන්සේ
නමක්, වෙනත් ස්වාමීන් වහන්සේ නමක ඉවත් කරනු ලැබුවා වූ සිවුරක් පිළිබඳව
“එම සිවුර විසිකරනු ලැබුවාය” යනුවෙන් ප්‍රකාශ කරමින් බුදුපියාණන්
වහන්සේ වෙත පැමිණිල්ලක් කරනු ලැබීය.” සිවුර වීසි කරනු ලැබීය’ යන චෝදනාව
කරනු ලැබූ ස්වාමින් වහන්සේගෙන් බුදුපියාණන් වහන්සේ විමසා සිටිනු ලැබුවේ
එම සිවුර වීසිකරනු ලැබුවේ කුමන හේතුවක් නිසාද?
මෙම කාලය චීවර මාසයයි. ලෝකයේ විහාරාරාමයක හෝ කවර ස්ථානයක හෝ කඨින
පින්කමක් සිදු කළත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පසළොස්වක පොහොය දෙක
අතර එම චීවර පූජාව කරනු ලබයි. එනිසාම එම මාසය චීවර මාසය නමින් හඳුන්වනු
ලබයි. එක් එක් ආගම්වල එක් එක් මාසයන් එක් එක් ශාස්තෘන් වෙනුවෙන් හෝ එක්
එක් සිදුවීම් වෙනුවෙන් වෙන්කර ගනු ලබයි. ඒ වගේම බෞද්ධයන් වන අප මෙම
කාලය චීවර මාසය නමින් වෙන්කර ගනියි. චීවර මාසය නමින් වෙන්කර ගත් නිසාම
ලංකාවේ බෞද්ධයන් සිවුරට පුදුම තරම් වූ ගෞරවයක් කරමින් එම සිවුර පෙරහරේ
වඩම්මාගෙන සිවුර මූලික කරගනු ලැබූ කඨින පෙරහර, කඨින දාන, කඨින උත්සව,
කඨින පින්කම් සියල්ල නිර්මාණය කරගනු ලබයි. එනිසා මෙම මාසය චීවරයට අයත්
මාසයක් නිසා සිවුරු මාසය නමින්ද හැඳින්විය හැකියි. සිවුර මාසය තුළ ලොකු
කුඩා සියලුම දෙනා ඒකරාශි වෙමින් කරනු ලබන සියලුම කඨින චීවර පූජාව හා
සම්බන්ධ කාර්යයන් මහ පින්කම් ලෙස සලකනු ලබයි.
මේ තුළ අන්තර්ගත වී ඇති සමාජමය වටිනාකමක් ඇති කාරණාවක් පිළිබඳව අවධානය
යොමුකළ යුතුය. බුදුපියාණන් වහන්සේ හමුවීමට වැඩම කරනු ලැබූ එක්තරා
ස්වාමීන් වහන්සේ නමක්, වෙනත් ස්වාමීන් වහන්සේ නමක ඉවත් කරනු ලැබුවා වූ
සිවුරක් පිළිබඳව “එම සිවුර විසිකරනු ලැබුවාය” යනුවෙන් ප්‍රකාශ කරමින්
බුදුපියාණන් වහන්සේ වෙත පැමිණිල්ලක් කරනු ලැබීය.” සිවුර වීසි කරනු
ලැබීය’ යන චෝදනාව කරනු ලැබූ ස්වාමින් වහන්සේගෙන් බුදුපියාණන් වහන්සේ
විමසා සිටිනු ලැබුවේ එම සිවුර වීසිකරනු ලැබුවේ කුමන හේතුවක් නිසාද?
යනුවෙන් එම සිවුර ඉරී තිබූ බැවින් වීසිකරනු ලැබු බවට සැලකරනු ලැබීය.
හත්වාරයක් ඉරී ගිය සිවුර, හත්වාරයක් මසමින් පරිහරණය කර අටවන වාරයේදීත්
ඉරී ගිය නිසා වීසිකරනු ලැබූ බව දැනගත් බුදුපියාණන් වහන්සේ එවැනි සිවුරු
ඒ ආකාරයෙන් වීසි නොකළ යුතු බවට වදාළ බුදුපියාණන් වහන්සේ ඒ කාරණය
සම්බන්ධව මෙවැනි ධර්මතාවක් දේශනා කරනු ලැබීය.
සිවුර පෙරවීමට නොහැකිව නම්, එම සිවුර බිමට එළා නිදාගැනීම සඳහා පාවිච්චි
කරන්න. නිදාගැනීම සඳහා පරිහරණය කිරීමට නොහැකි වන අකාරයෙන්ම ඉරී පවතී
නම් එම සිවුර නවා කොට්ටය සඳහා පාවිච්චි කළයුතුයි. කොට්ටය වශයෙන්
පරිහරණය කිරීමට නොහැකි තරමට ඉරී පවතී නම්, එම සිවුර බිම මැදීම සඳහා හෝ
බිම පිරිසුදු කිරීමට බිමඇතිල්ලීම සඳහා පාවිච්චි කළ යුතුයි. බිම
අතුල්ලන්න නොහැකි තරමටම ඉරී ඇත්නම්, එම සිවුර පාපිස්සක් වශයෙන් පරිහරණය
කළ යුතුයි. පාපිස්සක් වශයෙන් පරිහරණය කිරීමට නොහැකි තරමට ඉරී ඇත්නම්,
කුඩා කැබලිවලට ඉරා මැටිත් සමඟ අනමින් කුඩා මැටි ගුලි හදා ආවාස ගෙවල්
හදන දවසට පාවිච්චි කිරීම සඳහා යොදාගත යුතුයි. මෙය සිවුරට අදාළ වන
පාඩමක් ලෙස පමණක් අප විසින් නොගත යුතුයි.
එය බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබුවා වූ සකසුරුවම්කම හා අරපිරිමැස්ම
පිළිබඳව වූ පාඩමයි. තවත් ආකාරයකින් ප්‍රකාශ කළහොත් බුදුපියාණන් වහන්සේ
නාස්තිය පිටුදැකීම පිළිබඳව වදාළා වූ පාඩමයි. මෙම කාරණාව තුළින් ගෙදරක්
දෙසට යොමු විය යුතුයි.
එම ගෙදර කොතරම් දුරට ආහාර නාස්තියක් සිදුවනවාද? විශාල වශයෙන් ආහාර
පිසමින් විශාල වශයෙන් ආහාර විසිකිරීම් සාමාන්‍ය ගෙවල්වල ස්වභාවයයි.
දරුවන්ට බත් බෙදා අවසන් වූ පසු ඉතාම කුඩා ප්‍රමාණයක් ආහාර ගෙන ඉතිරි වූ
සියල්ල ඉවතට විසිකර දැමීම සාමාන්‍ය ස්වභාවයක් බවට පත්වී ඇත. ආහාර
නාස්ති කිරීම මහා අපරාධයක් වගේම එය විශාල පාපකර්මයක් .ආහාරයක් නිපදවීම
සඳහා බොහෝ දෙනකුගේ කැපවීම අවශ්‍ය වෙනවා. බත් ඇටයක් නිපදවීම සඳහා ගොවි
මහත්වරු මහා විශාල වෙහෙස මහන්සියක් ගනු ලබයි. එම වෙහෙස මහා ඝන අව්වක,
දහඩිය මුඟුරු වගුරවමින්, දණක් එරෙන මඩ තුළ උදේ සිට සවස් වන තුරුම ගොවි
මහත්වරු වෙහෙස මහන්සියක් ගනු ලබයි. එළවළු , පලතුරු වවන ගොවි මහත්වරුත්
එවැනි ආකාරයෙන්ම වෙහෙස මහන්සියක් ගනු ලබයි. ආහාර නිපදවීම සඳහා වෙහෙස
මහන්සිවීම බොහෝ කටුක වූ කාර්යයක්. එම වෙහෙසත් සමඟ බොහෝ සෙයින් අපට
විශාල පාඩමක් උගන්වනු ලබයි. අපගේ පිඟානට බත් ඇටයක් එන්නේ එම බොහෝ
පිරිසකගේ ලේ වල කඳුළුවල, දහඩියවල මහන්සිය තුළිනි. සැබවින්ම එක කැඳ
බිංඳුවක් හැදනේනේ අහිංසකයකුගේ කඳුළු බිංඳුවකින් දුප්පතකුගේ දහඩිය
බිඳුවකින්. ගොවියකුගේ ලේ බිංඳුවකින්. එම නිසා ආහාර ගනු ලබන ස්ථානයේ
පුවරුවක් ආකාරයට වැඩිහිටියන්ට හා දරුවන්ට බලාගැනීම සඳහා ළඟ තැබිය
යුත්තේ මෙවැනි ප්‍රකාශයකි.
”කැඳ බිංඳුව හැදෙන්නේ අහිංසකයකුගේ දහඩිය බිංඳුවක හා දුප්පතුගේ කඳුළු
බිංදුවක් හා ගොවියකුගේ ලේ බිංඳුවක් එකතුවීමෙන් බවට ඒවගේම ලියා තැබිය
යුත්තේ බත් ඇටය දුප්පතකුගේ ලේ බිංඳුවක හැඩය ගනියි. බත් ඇටය අහිංසකයකුගේ
දහඩිය බිංඳුවක හැඩය ගනී. බත් ඇටය ගොවියකුගේ කඳුළු බිංදුවක හැඩය ගනී. එම
නිසා වීසිකරනු ලබන්නා වූ කිසියම් ආහාරයක් වේ නම්, එම වීසිකරන්නා වූ
ආහාරයත් සමඟ වීසි කරන්නේ අහිංසක මිනිසුන්ගේ දහඩියයි. අහිංසක මිනිසුන්ගේ
දහඩියත් සමඟ සෙල්ලම් කිරීමට කිසිවකුටත් අයිතියක් නැහැ. දුප්පතුන්ගේ
ලේත් සමඟ සෙල්ලම් කිරීමට කිසිවකුටවත් අයිතියක් නැහැ. ගොවියකුගේ ලේ
බිංඳුවක් සමඟ සෙල්ලම් කිරීමට කිසිවකුටවත් අයිතියත් කොමැති බව දැනගත
යුතු කරුණකි. එනිසා මින්මතු ආහාර වීසි කරනු ලබනවා නම් මනා සමුපකාරික
සමාජයක සාමූහික ව්‍යායාමයක දැවැන්ත ක්‍රියාවලියක් අපහාසයට හා නින්දාවට
ලක් කිරීමක් බව කිව යුතුයි. බුදුපියාණන් වහන්සේගේ සිවුරෙන් අපට පෙරාගත
හැකි නියාම ධර්මතාවක්. එනිසා මෙම ධර්මතාවය අපගේ ජීවිතවලට එකතුකරගත
යුතුයි. ඉන්දියාව ශ්‍රී ලංකාව මෙන් හැට තුන් ගුණයක් විශාලයි. එසේ වුවත්
ඉන්දියාවේ පුංචි දරුවකුවත් වැඩිහිටියකුවත් බත් ඇටයක ප්‍රමාණයක්වත්
කිසිම දවසක වීසි කරනු ලබන්නේ නැහැ. ඒ වගේම ප්‍රංශය අති දියුණු රටක්,
එහි නගරයක් යට තවත් නගරයක් පවතින ආකාරයේ අතිදියුණු රටක් මෙන්ම සම්පත්
බහුල රටකි. එම සම්පත් බහුල වූ රටේද කිසිවකු බත්ඇටයක් වත් වීසිකරනු
ලබන්නේ නැත. එය අරපිරිමැස්ම මිස ලෝභකම නොවන බව වටහා ගත යුතුයි. මහා ධන
සිටුමැදුරක රාජ කුමාරිකාවක් වූ මල්ලිකා දේවිය නම් වූ කුමාරිකාවගේ අතින්
එළඟි තෙල් කුප්පියක් හැලී ගිය අවස්ථාවේ එම කුමරිය සිය මෙහෙකාරියට නියෝග
කරනු ලැබුවේ , පුළුන් පොදක් රැගෙන විත් එම තෙල් බිඳුව මිරිකා අරගෙන එම
එළඟිතෙල් ටික නැවත කුප්පියට දමා පසු ප්‍රයෝජනය සඳහා වසා තබන ලෙසයි. මෙම
කරුණ බුදුපියාණන් වහන්සේ දැනගත් මොහොතෙහි එම ක්‍රියාවලිය ඉතාම ඉහළින්
අගය කරමින් පැහැදිලි කරමින් වදාරා අත. මෙය අරපිරිමැස්ම පිළිබඳ පාඩමක්.
වුවද යම්කිසි අයෙකුට මෙය ලෝභකමක් ලෙස සිතිය හැකියි. කාරණා තුනක් ඉතාම
පැහැදිලිව වෙයි. ලෝභකමේ මානසික රෝගී තත්වය එකකි. සාමාන්‍ය ජීවිතයේ
පවතින ලෝභකම හා අරපරෙස්සම යනු එකකට එකක් වෙනස් වූ කරුණු තුනක්
හඳුන්කූරු පිච්චිලා ඉතිරිවන අළුත්, මඳුරු දගර පිච්චීමෙන් ඉතිරි වන
අළුත් වීසි නොකරන තරම් මානසික රෝගීන් සිටියි.
ගිණිකූරෙහි ඉතිරි වූ කොටස වීසිනොකරන අයවලුන් ද සිටින අතර එය එවැනි අය
බෙහෙත් ලබාගෙන ප්‍රතිකාර ගත යුතු තරමේ මානසික රෝගීන් වෙයි.
ඒ සමඟම ලෝභ යනුවෙන් තවත් පිරිසක් සිටියි. තමා ලඟ තබා ගෙන පාවිච්චි
නොකිරීම ලෝභකමයි. එය මහා අවාසනාවන්ත තත්ත්වයක්. කන්න තිබුණට කන්නේ
නැහැ. අඳින්න තිබුණට අඳීන්නේ නැහැ. සල්ලි තිබුණාට ධනය තිබුණට පිරිහරණය
නොකිරීම අවාසනාවකි. පෙර සඳහන් කරනු ලැබූ දැඩි ලෝභකම මානසික රෝගයක්.
ලෝභකම අවාසනාවක්. අරපරෙස්සම යනු ලෝභකමත්,අවාසනාවක් නොවන බව වටහා ගත
යුතුයි. අරපරෙස්සම ජීවිතයට හුරුකර ගත යුතුයි. අරපරෙස්සම ජීවිතයට
හුරුකරගත යුත්තේ යම්කිසිවකු ආහාර නාස්ති කරනු ලැබුවහොත් එම නාස්ති කරනු
ලබන ආහාරය භාවිත කරන්නාටත් නිෂ්පාදනය කරන්නාටත් රටටත්, ඒවෙනුවෙන් වෙහෙස
මහන්සියෙන් හෙළන ලද දහඩිය බිඳුවටත් ප්‍රයෝජනයක් නොමැති වෙයි. එනිසා
නාස්තිකාර ජීවිතය ප්‍රයෝජනවත් වන්නේ නැහැ. අපේ රටේ නාස්තිකාරකම් හතරක්
පවතී. පළමු කාරණාව ආහාර නාස්තියයි. දෙවන කාරණාව ධන නාස්තිය නොහොත්
සම්පත් නාස්තියයි. තුන්වන කරුණ කාල නාස්තියයි. හතර වන කරුණ ඉඩ
නාස්තියයි. මෙම කාරණා පිළිබඳව ඉදිරි පසළොස්වක පොහොය තුළින් විචාරාත්මකව
දැනගනිමු.
හේමමාලා රන්දුනු |