|
ථූපාරාමය
මිහිඳු මහ රහතන් වහන්සේවර ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කිරීමෙන්
පසුව ලංකාවේ තම ප්‍රථම දිනය මිහින්තලේ ගත කළ මිහිඳු මහ රහතන්වහන්සේ
තමන් සමඟ දඹදිව සිට පැමිණි ගිහියෙකු පැවිදි කිරීමේ ශාසනික කාර්යය එදින
ඉටු කළහ. අනුරාධපුරයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ නගරයේ දකුණු දිශා
භාගයෙහි පිහිටි මහා මේඝ වනෝද්‍යානයේ පිළියෙලව තිබූ රාජකීය මණ්ඩපයේ
නැවතී ඊළඟ දින කිහිපය තුළ උන්වහන්සේ සූත්‍ර දේශනා ගණනාවක් පවත්වා විවිධ
තරාතිරමේ ස්ත්‍රී පුරුෂ දහස් ගණනක් තහවුරු ලෙස බුදුසසුනෙහි පිහිටවූහ.
බොහෝදෙනා පැවිදි වූ අතර රජතුමා ඔවුන්ගේ වාසය සඳහා මහා මේඝ රාජකීය
උද්‍යානය පූජා කළේය. රජතුමා සියතින්ම නඟුල අල්ලා ගෙන මුළු අගනුවර
ඇතුළත් වන සේ සීමා ලකුණු කළේය. පසුකලෙක ශ්‍රේෂ්ඨ බෞද්ධ මධ්‍යස්ථානයක්
බවට පත්වූ මහාවිහාරය මෙසේ පිහිටුවන ලදී. මිහිඳු මහ රහතන් වහන්සේ සහ දූත
පිරිස ඉක්බිතිව පැමිණ වස්සාන සමය මිහින්තලේ උන්වහන්සේ වෙනුවෙන්ම
සූදානම් කරන ලද ගල් ලෙන්වල වැඩ සිටියහ. ලාංකික බුදුසමයේ තවත් ප්‍රධාන
ආශ්‍රමිකායතනයක් වූ චේතියගිරි විහාරය (මිහින්තලේ) මෙසේ ආරම්භ විය.
සාමාන්‍ය ජනතාවගේ පුද පූජා සඳහා ලංකාවේ ප්‍රථම ඓතිහාසික ස්තූපය තිස්ස
රජතුමා (පසුව දේවානම්පියතිස්ස) ගොඩ නැඟීය. එහි බුදුරජාණන් වහන්සේගේ
අකුධාතුන් වහන්සේ නිදන් කරන ලදී. ථූපාරාම චෛත්‍යය නමින් හඳුන්වනු ලබන
මධ්‍යම ප්‍රමාණයෙන් යුත් මෙම බෞද්ධ ස්මාරකය ශ්‍රී ලාංකික හා වෙනත්
ථෙරවාදී රටවල කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ගේ වන්දනයට අද භාජනය වෙයි.
ඉතිරිය»
|
|
ඉල් මස පුර පසළොස්වක පෝය
ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා
පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය
පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා
|
|
|
|
|
|
|