UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරිත්‍යාග ශීලියෙකුගෙන් ආදර්ශවත් තවත් පින්කමක්

කොළඹ දිසාවේ කඩුවෙල පුරවරයට අයත් පැලවත්ත සුන්දර ගම්මානයේ ස්වකීය මව්පිය දෙපළ සිහිගැන්වීමට ගොඩනැගූ ආචාර්ය උපාලි වික්‍රමසේකර මහතාගේ ‘අම්මා තාත්තා නිවස’ පසුගිය දා (ජුනි 13) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කැරිණි.

ඉතිරිය»

ඇසළ පුන් පෝදා සිදු වූ අසිරිමත් සිදුවීම්

සදාකාලික සැප හා විමුක්තිය සොයා බොහෝ අය විවිධ නිෂ්ඵල ක්‍රියාමාර්ගයන්හි යෙදී සිටි අවධියක මෙයට දෙදහස් හයසිය වසරකට පෙර සිද්ධාර්ථ බෝසත්තුමා නිවැරදි සත්‍ය මාර්ගයක යෙදී උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් විය. තමා විසින් අවබෝධ කරගත් ඒ ධර්මය බරණැස ඉසිපතනාරාමයේදී දම්සක් පැවතුම් දේශනාව වශයෙන් පස්වග තවුසන් ප්‍රධාන අසීමිත දෙව් බඹුන් උදෙසා ප්‍රථම වරට දේශනා කොට වදාරණ ලද්දේ ඇසළ මස පුර පසළොස්වක පොහොය දිනකය. මුළුලොවට ම ප්‍රඥාලෝකය ලබා දුන් මේ උතුම් පොහොය වෙසක් හා පොසොන් පොහොය තරමටම උසස් කොට සලකති. එදිනම කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත්වීම ද විශේෂ සිදුවීමකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දුක සැප දෙකටම තීරකයා තමාමය

දුක යනු, කවරෙකු වුවද අකැමැති දෙයකි. ජීවිතය දුකින් තොරවීම කාගේත් අපේක්ෂාවයි. දුකින් තොර ජීවිතයක් ගතකිරීමට නම් අප කරන කටයුතු (කයින්, වචනයෙන්, මනසින්) නිරවුල් විය යුතු ය. ප්‍රාණඝාතය අදත්තාදානය කාමයෙහි වරදවා හැසිරීම යන අකුසල් කයින් කරන අකුසල්ය. බොරුකීම, කේළාම්කීම, පරුෂ වචනකීම හා නිශ්ඵල වචනකීම යන අකුසල් වචනයෙන් සිදුකරනු ලබයි. අභිධ්‍යා, (දැඩි ලෝභය) ව්‍යාපාද, (තරහව) මිත්‍යාදෘෂ්ටි, (වැරදි වැටහීම) යන මේවා මනසින් සිදුකරන අකුසල්ය. අයහපත් කටයුතු සිදුකළහොත් දුක් විඳීමට සිදුවේ. යහපත් කටයුතු කළහොත් දුකින්තොර වීමට පුළුවන.

ඉතිරිය»

අභයගිරි ස්තූපය සංරක්ෂණයෙන් පසු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අගමැතිතුමාගේ සහභාගිත්වයෙන් ප්‍රථම ගෞරව සම්මාන මහෝත්සවය ඇසළ පෝදා

වට්ටගාමිණී අභය නරේශ්ව- රයාණන් විසින් නිර්මාණය කරන ලද, ලක්දිව දෙවන විශාලතම දාගැබ ලෙස සැලකෙන අනුරාධපුර ඓතිහාසික අභයගිරිය මහා චෛත්‍ය රාජයාගේ සංරක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන්ව ඇති අතර එම අතිපූජනීය චෛත්‍ය රාජයාණන් වහන්සේ ජනතාවට වන්දනා කිරීමට පූජාකිරීමේ ස්ථූප පූජා මහා පුණ්‍ය මහෝත්සවය මේ මස 31 වෙනි දින පස්වරු 2.30 ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

ඉතිරිය»

 

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී ධම්ම චක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම සිතුවම - සරත් නන්ද කුමාර

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]