UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභයගිරි ස්තූපය සංරක්ෂණයෙන් පසු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අගමැතිතුමාගේ සහභාගිත්වයෙන් ප්‍රථම ගෞරව සම්මාන මහෝත්සවය ඇසළ පෝදා

අභයගිරි ස්තූපය සංරක්ෂණයෙන් පසු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අගමැතිතුමාගේ සහභාගිත්වයෙන් ප්‍රථම ගෞරව සම්මාන මහෝත්සවය ඇසළ පෝදා

වට්ටගාමිණී අභය නරේශ්ව- රයාණන් විසින් නිර්මාණය කරන ලද, ලක්දිව දෙවන විශාලතම දාගැබ ලෙස සැලකෙන අනුරාධපුර ඓතිහාසික අභයගිරිය මහා චෛත්‍ය රාජයාගේ සංරක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන්ව ඇති අතර එම අතිපූජනීය චෛත්‍ය රාජයාණන් වහන්සේ ජනතාවට වන්දනා කිරීමට පූජාකිරීමේ ස්ථූප පූජා මහා පුණ්‍ය මහෝත්සවය මේ මස 31 වෙනි දින පස්වරු 2.30 ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක,ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි, අභයගිරිය චෛත්‍යාරාමාධිකාරි ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියන් විසින් සංවිධානය කරනු ලබන එම පුණ්‍ය මහෝත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය, සංස්කෘතික අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් හා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතව ඇත.

එම පුණ්‍ය මහෝත්සවය නිමිති කොට ගෙන මේ මස 28, 29 යන දෙදින තුළ පරිත්‍රාණ ධර්ම දේශනයක් අභයගිරිය සලපතළ මළුවේ සිදුකෙරෙන අතර 30 වෙනි දින උදේ මහා සංඝ ගත දක්ෂිණාවක් පිරිනැමේ. 30 වෙනි දින දවල් අභයගිරිය බහිරව දේවාලය අබියසදී මහා බහිරව පූජාව පැවැත්වේ.

31 වෙනි දින දවස පුරා සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශබ්ද පූජාව සිදු කෙරෙන අතර ජනාධිපතිතුමන් විසින් චෛත්‍යය නිරාවරණය කරන අවස්ථාවේ ගුවනින් නෙළුම්මල් ඉසීමට ගුවන්හමුදාව පියවර ගෙන ඇත. මහා චෛත්‍ය රාජයාණන්ට ප්‍රථම මල් පූජාව සිදුකරනු ලබන්නේ ජනාධිපතිතුමන් විසිනි.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකෙරෙන එම උත්සවයේ විවිධ අංශභාරව පෙරමුණ ගෙන කටයුතු කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික දෙපාර්තමේන්තුව හා අනුරාධපුර මහ දිසාපති පී.ඩී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සංවිධායක මණ්ඩලය විසිනි.

අභයගිරිය දාගැබ සංරක්ෂණ කාර්යයට මුල පිරුනේ 1987 වසරේ දීය. නමුත් මෙහි සංරක්ෂණ කටයුතු කඩිනම් වූයේ 2004 වසෙර්ය. 2009 වසරේදී බෞද්ධ ජනතා අයිතියට පත්කරන ලද අනුරාධපුර ජේතවන මහා චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු උපයෝගී කර ගනිමින් දහයියා අළු, උළුකුඩු, අලුහුණු හා හුඹස් මැටි පමණක් උපයෝගී කර ගනිමින් සංරක්ෂණය කරන ලද මෙම චෛත්‍යරාජයාගේ කටයුතු සඳහා රජය විසින් රුපියල් දස ලක්ෂ පන්දහසකට ආසන්න මුදලක් වැය කර ඇතැයි අනාවරණය වන නමුත් මුදල නිශ්චිත වශයෙන්ම කිව නොහැකි බව අභයගිරිය චෛත්‍ය රාමාධිකාරි කල්ලංචියේ රතනසිරි හිමියෝ පැවසූහ.

එම මහා දාගැබ සංරක්ෂණය කිරීමේදි දෙස් විදෙස් බැතිමතුන් දස ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ශ්‍රමයෙන් දායක වී ඇති බව පුණ්‍යානුමෝදනා පෙරදැරිව සිහිපත් කරන රතනසිරි හිමියෝ චෛත්‍ය ගොඩනැඟීමේදි ශ්‍රමයෙන් දායක වූ සියලුම සැදැහැවතුන්ට පින්කම සඳහා සහභාගි වන ලෙස ආරාධනය කර සිටී.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]