|
අභයගිරි ස්තූපය සංරක්ෂණයෙන් පසු
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා
අගමැතිතුමාගේ සහභාගිත්වයෙන්
ප්‍රථම ගෞරව සම්මාන මහෝත්සවය
ඇසළ පෝදා
වට්ටගාමිණී අභය නරේශ්ව- රයාණන් විසින් නිර්මාණය කරන ලද, ලක්දිව දෙවන
විශාලතම දාගැබ ලෙස සැලකෙන අනුරාධපුර ඓතිහාසික අභයගිරිය මහා චෛත්‍ය
රාජයාගේ සංරක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන්ව ඇති අතර එම අතිපූජනීය චෛත්‍ය
රාජයාණන් වහන්සේ ජනතාවට වන්දනා කිරීමට පූජාකිරීමේ ස්ථූප පූජා මහා
පුණ්‍ය මහෝත්සවය මේ මස 31 වෙනි දින පස්වරු 2.30 ට ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ
ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
ඉතිරිය»
|
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා
අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.
මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|