UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම කිරිවෙහෙරේ සති පිරිත් පින්කම

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර සමයේ වාර්ෂිකව පවත්වනු ලබන සති පිරිත් පින්කම ජූලි මස 23 දින සිට ජූලි මස 30 දින දක්වා පැවැත්වීමට කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

වැඩිහිටි ගෞරවය හා උපහාරය

ලොව සෑම ආගමකම පිළිගත් වැදගත් සදාචාර ප්‍රතිපත්තියක් ලෙස වැඩිහිටියන්ට සැලකීම නම් කළ හැකිය. බුදුසමයෙන් ඉදිරිපත්කරන සදාචාරාත්මක ඉගැන්වීම් අතර වුද්ධාපචායන යනුවෙන් අදහස් කරන්නේ වැඩිහිටියන් උදෙසා කරන ගෞරවය හා උපහාරයයි. ගිහි පැවිදි දෙපක්ෂය විසින්ම අනුගමනය කළ යුතු යහපත් චර්යාවක් ලෙස එය අවධාරණය කර ඇති බව පැහැදිලිය. බුදුසමයට අනුව වයෝවෘද්ධ, ඤාණවෘද්ධ, තපෝවෘද්ධ, සීලවෘද්ධ, ගුණෝවෘද්ධ යනුවෙන් වැඩිහිටියන් කාණ්ඩ පහකට අයත් වේ. මෙම ලිපියෙහි සාකච්ඡා කරන්නේ වයෝවෘද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන්ය. වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අතිශය ඛේදනීය කරුණක් වන්නේ වියපත් පුරවැසියන් හා තරුණ පුරවැසියන් අතර පවතින අන්‍යනෝ්‍ය නොගැළපීම හා අනවබෝධයයි. මෙය ගිිහි පැවිදි දෙපක්ෂයටම පොදු කරුණකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිසරු දෙයින් බැහැර වෙමු

තමන්ටත්, අනුනටත් මෙන්ම තමන්ට සහ අනුන්ට යන දෙපක්ෂයටමත් හිත සුව එළවන, වැඩදායක , දියුණුව පිණිස පවතින්නේ යමක්ද, ශිෂ්ටසම්පන්න සමාජය පිළිගත් යම් ගුණධර්මයක් පවතී ද ඒ සරු දෑය. එනම් යහපත් ගතිගුණ , හොඳ සිරිත් විරිත්, නිවැරැදි ආකල්ප සහ පුද්ගල අභිවෘද්ධියට හෙවත් දියුණුවට ඉවහල් වන කරුණුය.

ඉතිරිය»

සියවස් එකහමාරකට උරුමකම් කියන පාදුක්ක - ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම විහාරය

ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේ පිහිටි ඉපැරැණි බෝධින් වහන්සේ කෙරෙහි ගැමියන්ට ඇත්තේ අපමණ ගෞරවයකි. ඒ නිසාම ඔවුහු දිවා රෑ නොබලා බෝධින් වහන්සේ වෙත තම දුක කඳුළ කියා පාමින් බෝධි පූජා පවත්වන්නේ සැදැහැයෙන් නැහැවෙනා හදවතට සුවයක් ගෙන එන නිසාය.

ඉතිරිය»

 

සම්මා සම්බුද්ධත්වයට පත්වීම සිතුවම සරත් නන්ද කුමාර

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]