|
බුදුරදුන් මහියංගණයට වැඩම වු පින්බර දුරුතු පොහොය
හේමන්තයේ දෙවැනි මාසය වනුයේ දුරුතු මාසයයි. හේමන්ත ඍතුගත අධික සීතල
මාසය වන දුරුතු මාසය වත්මන් ව්‍යවහාරයට අනුව වර්ෂයේ මුල්ම මාසය වන
ජනවාරි මාසය වන්නේය. දුරුතු මාසය තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන්ද
රාත්‍රි කාලය දැඩි සීතලෙන්ද යුක්ත වෙයි. දුර්+උතු – දුරුතු යනුවෙන්
සැදී ඇති මෙම වචනය තුළ පවත්නා දුර් යන්නෙන් අහිතකර යන අර්ථය ගෙන දෙයි.
“උතු” යන්නෙන් අර්ථවත් වන්නේ ඍතුව යි. ඒ අනුව හිතකර නොවූ කාලගුණයකින්
යුත් මාසය දුරුතු මාසය ලෙස නම් කළ හැකිය. පාලි භාෂාවෙන් ඵුස්සමාස,
යනුවෙන්ද නක්ෂත්‍රයට අනුව පෞෂ යනුවෙන්ද දෙමළ භාෂාවෙන් තෛ යනුවෙන්ද
ව්‍යවහාර වන්නේ මෙම දුරුතු මාසයමය.
ඉතිරිය»
|
|
දුරුතු පසළොස්වක පෝය
දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 04 වැනිදා ඉරිදා පූර්වභාග
9.23 ට ලබයි. 05 වැනිදා සඳුදා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම ජනවාරි 04 වැනිදා ඉරිදාය.
මීළඟ පෝය
ජනවාරි 13 වැනිදා අඟහරුවාදායි.
|
|
|
|
|
|
|