සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 20
කිඹුල්වත් නුවරට වැඩම කිරීම
- නාරංවත්තේ
ධම්මසිරි හිමි
බුද්ධභූමි වන්දනාවෙන් අද අපි කිඹුල්වත් නුවර පිළිබඳ මෙනෙහි කරමු
ක්‍රි.පූ. 249 උපගුප්ත මහරහතන් වහන්සේ සමඟ පැමිණි ධර්මාශෝක මහ රජු ශිලා
ස්ථම්භයක් මෙහි පිහිටුවා මේ ප්‍රදේශය කපිලවස්තුපුර ශාක්‍ය වංශයට අයත්
බවත් මහා බෝධි සත්වයන් වහන්සේ වසර 29 ක් ජීවත් වු ජනපදය ලෙසත් හඳුන්වා
දී ඇත.
බුදුරජාණන් වහන්සේ දවස මෙහි පාලකයා වූයේ සුද්ධෝදන මහරජතුමාය. වසර 29 ක්
කපිලවස්තුපුර ජීවත් වු මහා බෝධි සත්වයන් වහන්සේ වයස අවු. 29 දී රාහුල
කුමරු උපන් ඇසළ පුර පොහොය දින සාංසාරික ජීවිතය පිළිබඳව සිතේ උපන්
ස්වභාවය නිසා අභිනිෂ්ක්‍රමණය කරන ලදී. බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින්
නික්ම පැවිදි වු තැන සිට නිතර නිතරම උන්වහන්සේ පිළිබඳව තොරතුරු සොයා
බැලීම සඳහා සුද්ධෝදන රජතුමා උන්වහන්සේට නොදැනෙන සේ දූත පිරිසක් යවා
තොරතුරු සොයා බලන ලදී. උපාය දූතයා මඟින් දැනගත් තොරතුරුවලට අනුව සා
අවුරුද්දකට පසුව උන්වහන්සේ දැන් බුදු බවට පත්ව රජගහනුවර ප්‍රදේශයේ දහම්
දේශනා කරන බව ආරංචි විය. ඒ අනුව තම පුතනුවන් වු බුදුරජාණන් වහන්සේ
කිඹුල්වත් නුවරට ගෙන්වා ගැනීමට සුදුසු කාලය මෙයයි. ඇමතියෙකු රාජ
පුරුෂයන් දහසක් පිරිවර කොට දී රජගහනුවර භාග්‍යවතුන් වහන්සේ වෙතට යැවීය.
කපිලවස්තු ධාතු ස්ථූපය |
ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙතට යාමට කිඹුල්වත් පුරයේ සිට හැට යොදුනක්
පමණ මාර්ගයක් ගෙවා වේළුවනාරාමයට පැමිණියේය. ඒ වේලෙහි දහම් දෙසමින් හුන්
බුදුරජාණන් වහන්සේ දේශනා කළ බණ අසා මේ පිරිස දහසක් දෙනා රහත් බව ලබා
පැවිද්ද ඉල්ලුවේය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඒහි භික්ෂු
ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි උපසපන් කළ සේක. රහත් වුවායින් පසුව මධ්‍යස්ථ
වීම ආර්යන්ගේ ස්වභාවය බැවින් පැමිණි කරුණ අමතක විය.
සුද්ධෝදන මහ රජතුමා කල් යනු දැක පළමු පරිද්දෙන්ම තවත් පිරිසක් පිටත්
කරන ලදී. ඔවුන්ද බණ අසා රහත් වී පැවිදි විය. මේ අයුරින් කණ්ඩායම් නවයක්
පිටත් කළද බුදුරජාණන් වහන්සේ වැඩම කර ගැනීමට අපහසු විය. මේ නිසා
බෝධිසත්වයන් වහන්සේ හා එකදා උපන් රජ ගෙදර ඇති දැඩි වු කාළුදායි නම්
ඇමතියා කැඳවා දරුව, කාළුදායි මගේ පුතා දකින කැමැත්තෙන් කැඳවාගෙන එනු
පිණිස එක් ඇමතියෙකු සහිතව පිරිවර නවදහසක් පිටත් කරන ලදී. නමුත් ඔවුන්
පිළිබඳව කිසිඳු ආරංචියක් නැත. මාගේ මරණය කවර දා වේදැයි නියම නැත.
මැරෙන්නට පළමුව මාගේ පුත්‍රයාණන් වහන්සේ දක්නට කැමැත්තෙමි. මාගේ
පුත්‍රයා කැඳවාගෙන එන්නට නුඹට හැකිදැයි රජතුමා විමසන ලදී. දේවයන්
වහන්ස, මහණ වෙන්නට අවසර දෙතොත් එය කරන්නෙමි. කාළුදායි පිළිතුර දුන්හ.
ඔබේ කැමැත්තක් කරනු, මා හට මාගේ පුතු දැක්වුව මැනවි රජු කීහ. යහපති යි
කියා පුරුෂයන් දහසක් සහිතව ගොස් බණ අසා රහත්ව ඒහි භික්ෂු
ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව උපසපන් බව ලැබීය.
විශාල භික්ෂූන් පිරිසක්
බුදු සසුනට එකතු වීම
කපිලවස්තු නටබුන් |
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේ සිට ගත වු අටමාසයක් පමණ වු
කාලයෙහි විවිධ ප්‍රදේශවලට යැවූ භික්ෂූන් ද පූර්ණ ජටිල භික්ෂූන් එක්දහස්
තුන්දෙනෙක්ද සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඇතුළු පූර්ණ පරිබ්‍රාජක
භික්ෂූන් දෙසිය පනහක්ද අංග හා මගධ දෙරටින් පැවිදි වු කුල පුත්‍රයන් දස
දහසක් පමණ ද කිඹුල්වතින් පැමිණ පැවිදි වූවන් දස දහස් දහයක් පමණ විය.
සියල්ලෝම විසි එකදහස් දෙසිය හැට තුනක් විය. ඒ අතුරින් විසිදහසක් රහතන්
වහන්සේලා සමඟ කිඹුල්වත් නුවරට පිටත් වන්නට සුදානම් විය.
කාළුදායි තෙරුන්ගේ
ගමන් වර්ණනාව
කාළුදායි තෙරුන් පැමිණීමෙන් දින හත අටක් ගත විය. මැදින් මස පුර
පසළොස්වක පොහොය පැමිණියේය. හේමන්ත ඍතුව ලැබුණේය. කිඹුල්වත් පුරයට
භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවීමට සුදුසු කාලය යැයි කාළුදායි ස්ථවිර
සිතීය. එසේ සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ කිඹුල්වත්පුර ගමන ගැන
ගාථාවලින් වර්ණනා කරන ලදී. එය මෙසේය.
භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු වැනි රතු පැහැති
මල් දලු ඇත්තේ පරණ කොළ වැටී ඵලදරන කාලයට පැමිණ ඇත. ඒ වෘක්ෂයෝ ගිනිදැල්
සහිත වූවන්සේ බබළා මහා වීරයන් වහන්ස, ශාක්‍යයන්ට අනුග්‍රහය පිණිස වැඩම
කිරීමට දැන් සුදුසු කාලයයි.
වීරයන් වහන්ස, පිපුණු මල් ඇති වෘක්ෂයෝ හැම අතටම සුවඳ විහිදුවත් පූර්ණ
පත්‍ර හැර දමා (වැටීමෙන් පසුව) ඵල බලාපොරොත්තුවෙන් සිටින්මෝ වෙත්.
වීර්යන් වහන්ස, දැන් මෙයින් පිටත් වන්නට කාලයයි.
ඉතා ශීත හෝ උෂ්ණ නැතිමය. ඔබ වහන්සේට ඍතුව සැප පහසුව ගෙන දේ ගමනකට
යෝග්‍යය ආපසු හැරී රෝහිණී ගඟින් එතරවන ඔබ වහන්සේට ශාක්‍ය කෝලිය රජුන්
දකිත්වා.
ගොවි තෙම මතු බලා කුඹුරු හායි. හාන ඔවුන් විසින්ද මතු බලා වී වපුරනු
ලැබේ’. ධනය රැස්කරන වෙළෙන්දෙහු මතු බලා සමුද්‍ර තරණය කරත් මමද ඔබ
වහන්සේ කිඹුල්වතට වැඩම කරන්නට යම් බලාපොරෙත්තුවකින් සිටින්නේද එය මාගේ
ප්‍රාර්ථනාවයි එය සමුද්‍ර වේවා!
එක් වරකින් නොනැවති ගොවියෝ යළි යළිත් ධාන්‍ය වපුරත්, වැස්සද නැවත නැවත
වැසී නැවත නැවත ගෝවියෝ කුඹුරු හාත්, නැවත නැවත හැල් (හාල්) ආදී ධාන්‍ය
රටට ලැබේ.
යාචකයෝද යළි යළිත් කුලයන් කරා එලැඹෙත් දානපතිහුද යළි යළිත් දන් දෙත්
එසේ දීමෙන් නැවත නැවත ස්වර්ගයේ උපදිත්.
මාහර්ෂියන් වහන්සේගේ පියා සුද්ධෝදන මහ රජතුමාය. යම් උත්තමාවක් බෝසතුන්
කුසින් දරා සිට මරණීන් මතු දෙව් ලොව දෙවි පුතෙක්ව ඉපදීම සැප විඳී ද ඒ
මායා දේවි ඔබ වහන්සේගේ මෑණියෝ. මෙයින් කළුරිය කළ ගෞතම ගෝත්‍ර ජන වු
ඕතොමෝ දේව සමූහයා පිරිවරා මහත් සැප විඳී.
කිඹුල්වත් පුරය පිළිබඳ අලංකාර ගාථාවලින් වර්ණනා කොට කාළුදායි මහරහතන්
වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින්නට ආයාචනා
කළේය. කිඹුල්වත් නුවර බලා පිටත්වීම මැදින් පොහෝදා කිඹුල්වත් පුරයට වැඩම
කිරිම වෙසක් පොහෝදා
බුදුරජාණන් වහන්සේගේ සිය ගමනින් වන මහත් අභිවෘද්ධිය දැක අංග, මගධ
දෙරටින් පැවිදිව රහත් වු දස දහසක් පමණ වු භික්ෂූන්ද කිඹුල්වතින් අවුත්
පැවිදි වූ දස දහසක් පමණ රහතන් වහන්සේලාද සමඟ සම්පූර්ණ වු විසි දහසක්
පමණ රහතුන් පිරිවරා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වඩිනා බව දැනගත්
මහ පිරිසක් උන්වහන්සේ දැක බණ ඇසීමට සුදානම්ව සිටින බවත් ඒ තුළින්
මිනිසුන්ට අපමණ සේවාවක් සිදුවන බැවින් පා ගමනින් දවසකට යොදුන බැගින්
දෙමසකින් යොදුන් හැටක් ගෙවා වෙසක් පුර පසළොස්වක දා කිඹුල්වත් පුරයට
සම්ප්‍රාප්ත වූ සේක. මේ කාලය තුළ කාළුදායි මහරහතන් වහන්සේ කිඹුල්වත්
පුර රජ ගෙදරට වැඩම කර දන් වළදා රජ ගෙදරින් භෝජන පාත්‍රය බැගින් ගෙනවිත්
භාග්‍යවතුන් වහන්සේට පිළි ගැන්වූහ. ඒ දිනයන්හි භාග්‍යවතුන් වහන්සේ වළදන
ලද්දේ එම ආහාරයයි.
ඔබ මොහොතකට දෑස වසාගෙන සිතන්න. මේ බුදු පාමොක් මහා සඟරුවන වඩිනා පෙළ
තුළ කොතරම් අසිරියක් තිබෙන්නට ඇත්ද? ඔබට සිතාගත නොහැකිය. ශ්‍රමණයන්
වහන්සේලා දැකීම තුළ සිත පැහැදීමට පත්වේ.
තවත් කොටසක්
දුරුතු අව අටවක පොහෝදා
ජනවාරි 13 වනදා පත්‍රයේ
|