දුරුතු පුර පසළොස්වක 2015.01.04
දුරුතු පොහොය
ශාන්තිනායක අමාමෑණි තථාගත බුදුපියාණන් වහන්සේගේ ඓතිහාසික
ප්‍රථම ලංකා ගමන සිහිපත් කරවනු ලබන මහියංගණ මහා චෛත්‍යය
රාජයාණන් වහන්සේ වූ කලි සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ඉමහත්
ගෞරවයට පාත්‍රවෙමින් වැඩ හිදිති.දැයේ ප්‍රෞඩත්වයටත් ,දේශයේ
උදාරත්වයටත් ස්වර්ණමය මාර්ගය උදාවූ අසිරිමත් සම්බුදු සිරිපා
පහස පළමුවරට ලබා අපේ රට පුණ්‍ය ක්ෂේත්‍රයක් බවට පත් වූ ආගමික
දිනය දුරුතු පොහොය දවසයි.
තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් නව
මසකින් පමණ එදා ් තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිස සියදහම්
මඟට යොමු කරවා ඒ හැම ආර්ය මහ සඟරුවන පත්කොට අනතුරුව උන් වහන්සේ
හෙළදිව බින්තැන්නේ මාවැළි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට
ගුවන් ගැබින් පහළව සවනක් ගන බුදුරැස් මාලාවන්ගෙන් දිලිහි
දිලිහී වැඩ සිටි සේක.
එදා මහානාග වන නම් වූ උයන් බිමට රැස්ව සිටි යක්ෂ ගෝත්‍රිකයන්
වෙත මහා කරුණාවෙන් පිහිට වී සදහම් දෙසා ඔවුන්ගේ තෙදබල බිඳලූහ.
ඒ සම්බුදු අසිරිය නැරැඹීමට එහි පැමිණ සිටි සමනොළ පව් වැසි සුමන
සමන් දෙවියෝද දහම් අසා සෝවාන්ව ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වූහ. ඒ
මොහොතෙහිදී සුමන සමන් දෙවියන්ගේ ඇරැයුමට අනුව සම්මා සම්බුදු
පියාණන් වහන්සේ සිය සිරස පිරිමැද කෙස් කළඹක් ප්‍රදානය කළහ. ඒ
නිල්මිණිවන් කෙස් කළඹ රන් සුමුඟෙකින් පිළිගත් සුමන සමන්
දෙවියන් විසින් සම්බුදුපියාණන් වහන්සේ වැඩ සිට සදහම් දෙසූ
ස්ථානයෙහි රුවන් රැසක් අතුරා ඒ මත තබා ඉදුනිල්වන් ගලින්
සත්රියන් උසැති සෑයක් කරවා එම ශ්‍රී සර්වඥ කේසධාතු නිදන් කොට
පුදපෙරහර දැක්වූහ.
බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව පළමුවැනි වසම බැඳි
ඒ මියුගුණසෑය දෙවියකු විසින් කරවන ලද පළමු සෑය වේ. එමෙන්ම
සම්බුද්ධත්වයෙන් පුරා පන්සාලිස් වසකට පසු පිරිනිවන් පා වදාළ
තථාගත බුදුපියාණන් වහන්සේගේ සම්බුදු සිරුර දැවෙන දර සෑයෙන්
සරභු රහතන් වහන්සේ විසින් ගී‍්‍රවාධාතුන් වහන්සේ ලබාගෙන දොළොස්
රියන් උසැති සෑයක් කොට බන්දාලූහ. එබැවින් රහතන් වහන්සේ නමකගේ
මෙහෙයවීමෙන් බඳින ලද මුල්දාගැබ වශයෙන්ද මේ මියුගුණ මහ සෑය
සැලකිය හැකිය. අනතුරුව ඒ මියුගුණ සෑය තිස් රියන් උසැති දාගැබක්
කොට උද්ධ චූලාභය කුමරුන් විසින් බන්දවන ලදී. ඉන් අනතුරුව
ගැමුණු අබා නිරිඳුන් විසින් අසූ රියනක් ලෙස එම සෑය ගොඩනංවන
ලදී.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ කේශ ධාතුන් වහන්සේලා,
දන්තධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේ, ගී‍්‍රවා ධාතුන් වහන්සේ,
ලලාට ධාතුන් වහන්සේ, ඌර්ණරෝම ධාතුන් වහන්සේ ආදි සර්වඥ ධාතුන්
වහන්සේලාගෙන් වැඩි කොටසක් වැඩ සිටින්නේ අපේ රටේහිය. සම්මා
සම්බුදු රජාණන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් වන ජය ශ්‍රී මහා
බෝධිරාජයාණන් වහන්සේත්, පරිභෝග කළ පාත්‍ර ධාතුවත් මේ රටෙහි
සුරක්ෂිතව වැඩ සිටිති. ත්‍රිපිටක සම්බුදු දහම පළමුවරට
පුස්තකාරූඪ කරන ලද්දේද අපේ රටෙහිය. මේ හැම කරුණු සිහියට නගා ගත
යුතු ඓතිහාසික අනුස්මරණීය දිනයකි. දුරුතු පුර පසළොස්වක පොහොය.
|