ආර්ය ශ්‍රාවකයා හික්මෙන ආර්ය ධර්මය
වල්පොල ගෝතම හිමි
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හැඳින්වීමේ දී ශ්‍රැතවත්, ආර්ය, ශ්‍රාවක කියා
වචන තුනක් තිබෙනවා. මෙහිදී ශ්‍රාවක කියන්නේ ශ්‍රවණය කරන්නායි. ඔහු
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ශ්‍රැතවත් කියන්නේ ඔහු ආර්ය ධර්මය මතක
තිබාගෙන දරාගෙන සිටීම යි. ආර්ය ධර්මය මතක තබා ගත් කෙනා තමා ආර්ය
ශ්‍රාවකයා වෙන්නෙ.
තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා දුක් විඳින
සත්ත්වයන්ට සසර දුකික් එතෙර කරවන මාර්ගයක් දේශනා කොට වදාළා. ඒ මාර්ගයේ
ගමන් කරන දෙවි මිනිසුන් මේ සසරින් එතෙර වුණා.
ඔබ මේ දහම් කරුණු නුවණින් විමසුවොත් අපටත් මේ ශාසනයෙන් පිහිට, පිළිසරණ
ලබාගන්නට පුළුවන්කම තිබෙනවා.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හැඳින්වීමේ දී ශ්‍රැතවත්, ආර්ය, ශ්‍රාවක කියා
වචන තුනක් තිබෙනවා. මෙහිදී ශ්‍රාවක කියන්නේ ශ්‍රවණය කරන්නායි. ඔහු
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ශ්‍රැතවත් කියන්නේ ඔහු ආර්ය ධර්මය මතක
තිබාගෙන දරාගෙන සිටීම යි. ආර්ය ධර්මය මතක තබා ගත් කෙනා තමා ආර්ය
ශ්‍රාවකයා වෙන්නෙ. බුදුරජාණන් වහන්සේ වදාළා ආර්ය න්‍යායක් තිබෙනවා. එය
වටහා ගත්තානම් ඔහු දරාගෙන ඉන්නේ ආර්ය ධර්මය. ආර්ය න්‍යාය කියන්නේ මේ
ලෝකයේ සම්පූූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ කැටි කරනව කාරණා හයකට ඒ ඇස,
කණ, නාසය, දිව, කය මනස. ඇස අප ලෝකය කියා කතා කරනවා. එහි ඇමරිකාව, ජපානය
ලංකාව තිබෙනවා. මේ සියල්ල අප කතා කරන්නේ ඇසට පෙණුන දෙයක්. එසේනම් ලෝකය
සියල්ල කැටි කර ගන්න පුළුවන් ලෝකයේ කියන ඇසට. ඒ වගේම අප කතා කරනවා කණට
ඇසුණ දේ. අරය මෙහෙම කිව්ව, මෙයා මෙහෙම කිව්වා කිය කියා කණට ඇසුණ දේ
ලෝකය විදියට කතා කරනවා. ඒ සියල්ල කැටි කරලා ගත්තට පස්සේ කණ. ඊ ළඟට
ලෝකයේ දැණුන දේ තිබෙනවා නහයට. සුවඳ හෝ ගඳ. ඇමරිකාවට ගියත් ජපානයට ගියත්
වෙන කොහේ කියත් ගඳ සුවඳක් හැටියට යමක් දැනෙන්නේ නාසයට. ඒ වගේම කෑම
තිබෙනවා. චීනයේ තියෙන චයිනීස්. තව තැන තව තව කෑම. කෑම කකා අප කතා කරනවා
රසයන් ගැන. අප කෙතරම් රසයන් ගැන කතා කළත්, ලෝකයේ පුරා ඔය ඔක්කොම කැටි
කර ගත්තම දැනෙන්නේ දිවටයි. එසේනම් ලෝකය දිව. ඒ වගේම මේ කයට දැනෙන පහස
ගැන කතා කරනවා.
සිනිඳුයි, ගොරෝසුයි, රස්නෙයි, සීතලයි ඒ රට හරි සීතලයි. අර රට රස්නෙයි
මේ විදියට කතා කරනවා. මේ සියල්ල කයට දැනෙන පහස. එසේනම් ලෝකය පහස හැටියට
කෙතරම් කතා කළත් ඒ සියල්ලම කැටි කර ගත්තොත් කය. ඒ වගේම අපේ සිතට එන දේ
තමා අරමුණු. මම ඇමරිකාව කිව්වම ඔබට ඇමරිකාව මතක් වුණා. බින්ලාඩන්
කිව්වම බින්ලාඩන් මතක් වුණා. මේ සියල්ලම සිතටයි ආවේ. එසේනම් මුළු ලෝකෙම
කැටි කර ගන්න පුළුවන් ලෝකය හිත. මේ කාරණා හයට ලෝකය කියා වදාළා. එයට
අමතරව කෙතරම් දේ එකතු කරගෙන කිව්වත්, කතා කළත් සියල්ලම මේ හයට ගොනු
වෙනවා. එසේනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මේ සියල්ල එකපාරට හේතු
රහිතව සකස් වූ දෙයක් නොවේ. මේ හැම එකකටම හේතුවක් තිබෙනවා. ඒ හේතු තමා
උන්වහන්සේ ධර්මය තුළ පෙන්නුවේ. ආර්ය ධර්මය කියන්නේ. මේ හේතු නිසා මේ
ඵලය සිදු වෙනවා කියා වදාළා. එයට ආර්ය ධර්මය කියනවා. මේ ආර්ය ධර්මය අපට
පැහැදිලි නම් මේ කරන හැම දෙයක්ම හේතුවක ැඵලයක් කියා වැටහෙනවා. ආර්ය
න්‍යාය කියන්නේ ඒ හේතුවේ ඵලය තේරුම් ගැනීම යි.
මේ ලෝකයේ ‘සංකථ’ කියා දෙයක් තිබෙනවා. සංකථ කියන්නේ සකස් වීමයි. ඔබ
මල්වාස් එකක් බලන්න. එය නිකම්ම සකස් වුණා නොවේ. එහි මල් ටිකත්
කවුරුන්හරි සකස් කළ දෙයක්. මේ මුළු ලෝකයේම හේතු නිසා සකස් වෙලා
තිබෙනවා. එහෙනම් ඇස කියන එකත් හේතු නිසා සකස් වෙනවා.
මේ ලෝකය ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ ඇස පැහැදිලි කළොත් උන්වහන්සේ වදාළා
‘නාමරූප පච්චයා සළායතනං’ නාමරූප නිසා තමා ඇස ආදී ආයතන හටගන්නේ.
උන්වහන්සේ මේ ටිකට ආයතන කියා නමක් දුන්නා. මෙසේ ආයතන කියා දුන් දේ ලොකු
අර්ථයක් තිබෙනවා. ආයතනයක් වුණේ නාමරූප නිසා. ‘නාමරූප පච්චයා සළායතනං’.
මේ ඇස කොහොමද ආයතනයක් වෙන්නේ.
උදාහරණයකට මාධ්‍ය ආයතනයක් ගන්න. එය ආයතනයක් බවට පත්වන්නට අවශ්‍ය එකක්
තමා උපකරණ. අනෙක සේවක පිරිස. අර උපකරණ පාලනය කරන්න පුළුවන් හසුරුවන්න
පුළුවන් සේවක පිරිසක් අවශ්‍යයි. මේ සේවක පිරිසත්, උපකරණත් එකතුª වෙලා
ක්‍රියාකාරිත්වයක් තිබෙනවා. එවිට අප කියනවා මෙය ආයතනයක් කියා. මෙතැන
සේවකයොත් නැත්නම් උපකරණ ටිකත් නැත්නම් එය ආයතනක් වෙන්නේ නැහැ. එහෙනම්
හිස් ගොඩනැගිල්ලක් විතරයි. අපට උපතින්ම ලැබුණ මේ ඇස කියන එක හිස්ම හිස්
ගොඩනැල්ලක් කියලා හිතන්න. එය බුදුරජාණන් වහන්සේ වදාළා ’සුන්‍යාගමෝ’
කියා. මේ හිස් ගමක ගෙවල් වගේ. ගමේ ගෙවල් හයක් තිබෙනවා. එහි කාත්
කවුරුත් නැහැ. ඒ වගේ තමා මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන හය. මේ
ආයතනයන් වුණේ අප දැන් තෝරාගත් ගොඩනැල්ල ආයතනයක් වුණේ කරුණු දෙකක් නිසා.
ඒ සේවකයෝ හා උපකරණයි. ඇසත් ආයතනයක් වුණේ සේවකයෝ පස් දෙනෙකුයි උපකරණ
හතර හැදුන ක්‍රියාකාරීත්වයක් නිසා. මුල් සේවකයා තමා මනසිකාරය. එයා තමා
මේ ආයතනයට මුලින්ම වැඩට ආවේ.
ඊළඟට ස්පර්ශ කියන සේවකයා එනවා. එයා වැඩට ආ නිසා තව තුන්දෙනක් එනවා. ඒ
තමා වේදනා, සංඥා , චේතනා. දැන් සේවකයෝ පස් දෙනායි. මේ පස් දෙනාට උපකරණ
ටික තමා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේ. ඒ සතරමහා ධාතු. මේ තමා උපකරණ.
ඔය උපකරණ සමඟ වැඩ කරනා සේවකයෝ පස් දෙනාගේ වෘත්තීය සමිතියට නමක්
තිබෙනවා. ඒ තමා ‘නාම’. නාම කියන එකට එකතු වෙලා ‘රූප’ කියන දේත් එක්ක
ක්‍රියාකාරීත්වයක් පටන් ගත්තා. එයට අප ‘නාමරූප’ කියනවා. ඒ
ක්‍රියාකාරිත්වයට කියන නම තමා ‘විඤ්ඤාණය’. මේ දෙගොල්ලෝ වැඩ කරගෙන යනවිට
ඒ වැඩේට දෙන නම තමා විඤ්ඤාණය. විඤ්ඤාණය කියන්නේ දැන ගන්නවා කියන එකයි.
ඔබ යම් දෙයක් දිහා අවධානයෙන් බලන විට ඒ අවට තව බොහෝ දේ තිබුණත් ඔබට
පෙනෙන්නේ ඔබ බලන දේ පමණයි. මනස - ඇස ඉදිරියේ කොතරම් රූප තිබුණත් මනස
යොමුවුණේ එකකට නම් ඒ යොමුවීමට තමා මනසිකාරය කියන්නේ. එයා තමා අර ආයතනයේ
මුලින්ම වැඩට එන සේවකයා. එයා වැඩට ආවට පස්සේ තමා ඉතුරු ටික හටගත්තේ.
යමකට අවධානය යොමුකළ විට ඇස තිබෙනවා රූපය තිබෙනවා. එය විඤ්ඤාණයෙන් දැන
ගන්නවා. කරුණු තුනක් මෙහිදී එකතු වෙනවා. ඒ එකතුවට තමා ස්පර්ශය කියන්නේ.
අප හිතමු පුටුවක් ගැන. ඒ පුටුව සකස් කිරීමේදී ඒකට භාවිතා කරනවා ලී,
ලෑලි, ඇණ කාරණා තුනක්. මේ තුන එකතු වෙලා පුටුව හැදුව. ඒකට කියනවාද ලී
ලෑලි ඇණ කියා. නැහැ ඒකට තනි නම තමා පුටුව. ඒ වගේ විඤ්ඤාණයෙන් දැනගත්
දේට තනි වචනය තමා ස්පර්ශය. එයා තමා දෙවනියට ආපු සේවකයා. මේකට මනසිකාර
යොමු වූ ගමන් මනස දැනගත්තා . එයට බුදුන් වහන්සේ වදාළා ‘ඵස්ස පච්චයා
වේදනා’. ස්පර්ශය නිසා හටගත් වේදනාව. ඒ වගේම ස්පර්ශ නිසා හඳුනා ගන්නා,
ස්පර්ශය නිසා චේතනා ඇතිවෙනවා. මේ කරුණු තුනම ස්පර්ශයත් සමඟම එනවා. ඊළඟ
සේවකයෝ තුන්දෙනා එකට ආවේ. ඒ වගේම යමකට ඇසට පෙනුනම යම්කිසි විඳීමක්
එනවා. සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක්. එවිට යම් චේතනාවක් හට ගන්නවා. ඒ
චේතනාව හඳුනා ගැනීමත් විඳීමත් කියන එකතු කරගෙන පස්දෙනක් ඉන්නවා. මේ
පස්දෙනා තමා නාම කියන්නේ. ඒ තමා සේවකයන් මේ සේවකයෝ වැඩකළේ මනසිකාරය
සමඟ. මනසිකාරය යොමුවුණේ ස්පර්ශ හටගත්තේ වේදනා, සංඥා, චේතනා හටගත්තේ
රූපයක් මුල් කරගෙන යි. ඇසට යොමු වුණා , මනසිකාරයට හසුවුණා. සතරමහා
ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. ඒ සතර මහ ධාතුන්ගෙන් හටගත් රූප කියන දෙයක්
තිබුණොත් පමණයි නාම කියන අර පහ හට ගන්නේ. නාම කියා දෙයක් හටගත්තොත් රූප
කියා දෙයක් දැන ගන්නේ. ඒ සතරමහා ධාතූන්ගෙන් හට ගත්තට නාම ධර්ම ටික යොමු
වුණේ මනසිකාරයි, ස්පර්ශයයි, වේදනා, සංඥා,චේතනා ටිකයි යොමු වුණේ ඔබ
ඇසින් දුටු අවධානය යොමු කළ එක් දෙයකට පමණයි. ඒ නිසාම ඇසට යොමු නොවූ
අනෙක් දේ පිළිබඳව ඇසේ නාමරූප ධර්ම සකස් වුණේ නැහැ. විඤ්ඤාණය හටගත්තේ
නැහැ.
එනිසා නාමරූප නැහැ. නාමරූප නැතිනිසා ඇසක් හටගත්තේ නැහැ. එහෙනම් නාම
ධර්ම ටික හටගත්තේ එක් දෙයක් මුල් කරගෙන. ඒ රූප ධර්මයට අර නාම ධර්ම එකතු
වූ ගමන් රූප කි‍්‍රයාකාරීත්වය හැදුනා. සේවකයෝ ටිකයි උපකරණ ටිකයි වැඩ
කරන්න ගත්තා. වැඩ කළ නිසා ඇසක් හට ගත්තා. අප ඇස ඇරගෙන ඉන්න තාක් මේ
ධර්ම එකතු වුණොත් පමණයි නාමරූප කියා දෙයක් හටගත්තේ. එහෙම නැතිනම් මේක
නිකම් නිකම් හිස් දෙයක්.
ඒ ආකාරයට ඔබ කණ, නාසය, දිව, කය, මනසට ගලපා බලමින් යෝනිසෝමනසිකාරයේ යෙදී
මේ ආයතන හය ජය ගන්නට සුදුස්සන් බවට පත්වීමට වීරිය කරන්න.ඒ සඳහා පැවිදි
ගිහි දෙපිරිසම වීරිය වැඩිය යුතුයි. බුද්ධ ශාසනයේ අප පෘතග්ජනයි
පෘතග්ජනයි කියා ඉන්න දෙයක් නැහැ. අපට කරන්න දෙයක් තිබෙනවා. ඒ දේ
කරගන්නට ඔබට භාග්‍යය සැලසේවා! |