UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ජූලි 19 වනදා සෙනසුරාදා ඇසළ අව අටවක

පින්බර වස්සාන සමය

ඇසළ පුර පසළොස්වක පොහොය දින පොහොය සීමාවට ඒකරාශි වූ උපසම්පදා ස්වාමීන් වහන්සේලා විනය කර්ම සිදු කර ඇසළ අව පෑළවියදා පෞරාණික චාරිත්‍රයක් ඉටු කළ දිනයක් විය. එනම් බුද්ධ නියමයට අනුව උපසම්පදා භික්ෂූන් වහන්සේ පෙර වස් වසා වැඩ සිටීමේ සමයයි මේ.

බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ ධර්මචාරිකාවේ නියැලෙමින් සදහම් පිපාසිත ජනතාව අමා දහමෙන් සනසන්නට විය. ජීවමාන බුදුරදුන් දවස වස්සාන සමයේදීත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආරාමවල වැඩ නොසිට චාරිකාවේ හැසිරෙන දුටු අන්‍ය ලබ්ධිකයන් එම ශ්‍රාවකයන් වහන්සේලාට චෝදනා කරන්නට වූයේ ඒකීන්ද්‍රිය ජීවයන් පෙළමින් පාගමනින් එහා මෙහා භික්ෂූන් වහන්සේ සැරිසරන බවය.

අවසානයේ එය බුදුපියාණන් වහන්සේ වෙත භික්ෂූන් වහන්සේ සැළ කළ සිටියහ. ඊට සවන්දුන් බුදුපියාණන් වහන්සේ වස්සාන සමයේදී භික්ෂුන් වහන්සේට වස් එළඹ වැඩ සිටින්නැයි අනුශාසනා කළහ.

බුද්ධ ශ්‍රාවක මහ සඟරුවන වෙත දායකකාරකාදීන් එම වස්සාන සමය තුළ සිව්පසයෙන් උපස්ථාන කරන්නට විය. දායක පිරිසෙන් ප්‍රත්‍ය පහසුකම් ලද භික්ෂුන් වහන්සේ ස්වකීය අධ්‍යාත්මික සුවය සොයන්නට වෙහෙස මහන්සි වූහ. අධිගමලාභීන් බවට පත්ව වස්සාන සමය සැබැවින්ම අනෙකුත් කාලවලට වඩා භික්ෂූන් වහන්සේ අධ්‍යාත්මික සුවය සෙවූහ.

මෙරට අරිට්ඨ කුමරුන් ප්‍රධාන රාජකීය කුමාරවරුන් මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලබා දෙවනපෑතිස් මහ රජතුමන් කරවූ අට සැට ලෙන් පූජාවෙන් අනතුරුව එම අට සැට ලෙන්වල වස් වසා වැඩ සිටියහ.

අතීතයේදී රාජ රාජ මහාමාත්‍යාදීන් කළ වස් ආරාධනාව පිළිගත් භික්ෂූන් වහන්සේ ඒ ඒ ස්ථානයන්හි වස් එළඹ වැඩ සිටියහ.

ගිහි පැවිදි දෙපාර්ශ්වයන්ටම පුණ්‍ය කාලයක් සේ සැලකිය හැකි වස්සාන සමය තුළ අන්කාලවලට වඩා භික්ෂූන් වහන්සේ මෙන්ම ගිහි ජනතාවද බොහෝ කුසල් සම්භාරයක් රැස්කර ගන්නා විශේෂ කාලයකි.

එමෙන් ගිහි පැවිදි සබඳතාවය වඩා වර්ධනය කරන සමයකි.

අතීතයේදී නව නිවසක් ඉදිකළ විට ද පළමුව එම නිවස තුළ වස්සාන සමයේදී භික්ෂූන් වහන්සේ වස් වසවා ගනිමින් සිව්පසයෙන් උපස්ථාන කරන්නට පුරුදු වී සිටියහ.

රට පුරා පිහිටි සෑම වෙහෙර විහාර ස්ථානයකදීම භික්ෂූන් වහන්සේට වස් ආරාධනා කරමින් අනෙකුත් කාලවලට වඩා දිනපතා සතිපතා, මාස්පතා, විශේෂ පින්කම් මාලාවන් යොදා ගනිමින් ගම්වැසි දායක දායිකාවන් ඊට සහභාගි කර ගැනීමේ කටයුතු එදා මෙන් කවදත් අප රට තුළ සිදුකෙරේ.

ඒ අතර දිනපතා , බුද්ධ වන්දනා බෝධිපූජා, පහන්පූජා, ධර්ම දේශනා ආදි පින්කම් සංවිධානය කරති. දායක පිරිස කවදත් පින්කම්වල නිරතවීමට දක්වනුයේ මහත් ඇල්මකි. එහෙත් ඊට භික්ෂූන් වහන්සේගේ අනුග්‍රහය හා අනුශාසනාවද අත්‍යාවශ්‍යය. ඊට නිවැරැදි මග පෙන්වීමෙන් විහාරස්ථ දායක පිරිස පෙරටත් වඩා විහාරස්ථානයට යොමු කර ගැනීමේ අවස්ථාව උදාවී ඇති වඩාත් යහපත්ම කාලය වස්සාන සමයයි.

වස් වැසීමේ ආරාධනාව දායක පිරිස විසින් කළත්, නොකළත් උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් එළඹෙති. එහෙත් දායක පිරිසෙහි යුතුකම මෙන්ම වගකීම විය යුත්තේ වෙසෙසින්ම වස්සාන සමය තුළ භික්ෂූන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරමින් කුසල් රැස් කර ගැනීමයි.

මෙවන් පුණ්‍ය කාලයක් එළඹෙන්නේ වසරකට එක් වතාවක් පමණි. ඊට නුවණැති බෞද්ධ ජනතාව කල්ඇතිව සූදානම් වෙමින් වස්සාන සමය තුළ ජීවිත කාලය පුරා අනුස්මරණය කළ හැකි පින්කම් සංවිධානය කළ යුතුවේ.

ගමේ ලොකු කුඩා සියලු දෙනා ද සියලු වාද භේද දුරැලා ඒකරාශි වන ස්ථානය විහාරස්ථානයයි. එබැවින් වස්සාන සමය තුළ එසේ ඒකරාශි වී මෙතෙක් විහාරස්ථානයට එක් නොවු සියලු දෙනාද විහාරස්ථානය වෙත ගෙන්වා ගනිමින් ඔවුන්ද පිනට දහමට යොමු කරවීමේ ආගමික විශේෂ වැඩ පිළිවෙළක් වස්කාලය තුළ සෑම විහාරස්ථානයකම ගෞරවණීය ස්වාමින් වහන්සේ ගේ මඟ පෙන්වීම හා අනුශාසකත්වය මත සිදුකිරීමට සුදුසුම කාලය මෙම වස් කාලයයි. එබැවින් ගමයි, පන්සලයි අතීත සුහදතාවය වර්ධනයට එයම මහඟු අත්වැලක් වනු ඇත.

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]