කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත
අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මහාකාරුණික භාවය, දයාවන්තකම , ස්නේහවන්තකම,ලෙන්ගතුකම කියල කියන මහා
මෛත්‍රිය තමයි කළගුණ සැළකීම කියලා කියන්නේ එහි ලස්සන ඡායාරූපයක් තමයි
අනිමිස ලෝචන පූජාව. ඒ ලස්සන ඡායාරූපයෙන් කියවෙන්නෙ ලොකු රූපකාර්යක් . ඒ
රූපකාර්ය තමයි, ඇස් ඉස් මස් ලේ නැති ගහකට ඇස් ඉස් මල් ලේ ඇති අසාමාන්‍ය
බුදුකෙනෙකු විසින් මුදාහල මහාකාරුණාව සංකේතකයක් හෙවත් රූපකායක්. “කළගුණ
සැළකීම” යනු මහා කරුණාවේ තවත් එක වචනයක්. එය ඒ තරමටම ලස්සනයි.
මෙම ලිපියේ මුල් කොටස ඇසළ පුර පසළොස්වක පත්‍රයේ පළ විය..
ඒනිසා අනවශ්‍ය හා අත්‍යවශ්‍ය කියලා දෙයක් නැහැ. මේ මහා දැවැන්ත
චක්‍රාවලියක දුරාවලි ස්ථාවර වීම තැනක කෙසේ වුවත් මේ සමස්ත දැවැන්ත
ක්‍රියාදාමයක, චක්‍රයක තමන්ට හිමි කොටසක් කරන පුද්ගලයකු , පුද්ගලයෙක්
ඉන්නවා. ඒ කොටස අනිවාර්යයෙන් ම තිබුණොත් පමණයි ඕනම කෙනකුට පවතින්න
පුළුවන්කම තිබෙන්නේ. එය හරියට ක්‍රිකට් කණ්ඩායමක නැතිවම බැරි ක්‍රීඩකයා
කවුදැයි විමසනවා වගේ ප්‍රශ්නයක්. ක්‍රිකට් කණ්ඩායමකට අද අලුතෙන්ම ගත්ත
ලාබාලම ක්‍රීඩකයා ක්‍රීඩා පිට්ටනියේ හයේ සීමාවේ පන්දු රකිමින් සිටියදී
ජයග්‍රහණය උදෙසා අන්තිම පන්දුව අන්තිම ඕවරය අන්තිම ක්‍රීඩකයාට
ජයග්‍රහණය උදෙසා තව එක ලකුණ ක් අවශ්‍ය වන්නේ නම්, ඒ තීරණාත්මක
අවස්ථාවේදී හයේ පහරක් ලෙස උඩ පන්දුවක් යද්දී අලුත්ම ක්‍රීඩකයා උඩ
පන්දුවක් සේ රැක ගන්නේ නම්, සමස්ත තරඟයේ ජයග්‍රහණය තීරණය කළේ ඔහුයි. මේ
සමාජ ජාලයේ ක්‍රියාකාරකමක පුද්ගලයකු උදෙසා තව පුද්ගලයකුගේ දායකත්වය
අනිවාර්යයි.
එතනදී හැම කෙනකුටම කරන්නට තමන්ට හිමි කොටසක් තිබෙනවා. අම්මා අම්මාගේ
කොටස මැනවින් නොකරන්නේ නම්, තාත්තාට තාත්තාගේ කොටස කරන්නට බැරි වෙනවා.
තාත්තා තාත්තාගේ කොටස මැනවින් නොකරන්නේ නම්, අම්මාට අම්මාගෙ කොටස
කරන්නට බැරිවෙනවා. අම්මයි, තාත්තයි දෙන්නා තමන්ගේ කොටස මැනවින්
ඉටුකරද්දී දරුවන් තමන්ගේ කොටස ඉටු නොකරන්නේ නම්, සමාජය පෙරට ගලායාම
නවතිනවා. ඒ නිසා හැම පුද්ගලයකුටම ඓන්ද්‍රීය වගකීමක් තිබෙනවා. ඒ
ඓන්ද්‍රීය වගකීම හරිම වැදගත්. ශිරාව ශිරාවට අයිති කොටස නොකළොත් ධමනියට
වැඩ කරන්න බැහැ.
ඒ නිසා නියපොත්තටත් වගකීමක් තිබෙනවා. මේ සමස්ත සමාජ ජාලයේ උස් පහත්කම්
නැති වෙන්නේ ඒ නිසා. ඇසට වඩා නියපොත්ත වැදගත් බව කාටවත් කිව හැකිද?
නියපොත්තට වඩා කණ වැදගත්ය. කණට වඩා නාසය වැදගත් බව කිසිවෙකුටත් කිව
නොහැකියි.
ඒ නිසා මේ සමාජ ජාලයෙහි හැම පුද්ගලයකුම ඓන්ද්‍රීයයි. ඒ මේ සමාජ දේහයේ
ඓන්ද්‍රීයයි. එසේ නම්,කෘතඥතාපූර්වක විය යුතුයි .නියපොත්ත නාසයටත් කණටත්
කෘතඥතාපූර්වක විය යුතුයි .මොළය හදවටත් කෘතඥතා පූර්වක වීම ලෙස
හඳුන්වන්නේ නියපොත්තටත් කෘතඥතාපූර්වක විය යුතුයි .හදවත කෘතඤ්ඤතාපූර්වක
වෙන්න ඕනේ මොළයටත්. ඒ එකක්වත් අනවශ්‍ය හා අනිවාර්ය නැහැ. ඒ එකක්වත්
අත්‍යවශ්‍යත් නැහැ. ඒ නිසා හැම එකක්ම අවශ්‍යයි. එසේ නම් , කෘතඥතා
පූර්වක වන්නේ කොහොමද?
අපි ගලා බස්නා දියදහරාවට කළගුණ සළකන්නට ඕනේ. හමාගෙන යන මදනළ දූෂණය
කිරීමට අපට අයිතියක් නැහැ. ඒ හමාගෙන යන මදනල අපට රැගෙන එන දෙය ගෙනෙන්න
ඔබටත් මටත් හැකියාවක් නැහැ. ගලාගෙන යන දිය දහරක වටිනාකම මුදලින්
තක්සේරු කරන්නට නරුමයකුට හැකි වුවත් වෙන කිසිවකුටවත් හැකියාවක් නැහැ.
ඒත් සමඟම ගී ගයන කුරුළු කෙවිල්ලන් සහ කුස මත සැරිසරණ සමනළයා දක්වාම මේ
සමාජයත් රටත් ලෝකයත් අඩුම වශයෙන් ලස්සන කරන්නට හෝ දායක වෙනවා. ඒ දායක
වී නැහැයි කියලා කාටවත් කියන්න බැහැ. ඒ නිසා අපි ආකාසයෙන් වැටෙන දිය
බිඳුවට කෘතඥතාපූර්වක වෙන්න ඕනෙ. ආදරය කරමින් රැකබලාගන්න ඕන. ඒ
ආශ්‍රයෙන් තවත් ප්‍රවර්ධනයක කළ යුතුයි . හමාගෙන යන මදනල දූෂණය නොකර මා
සිසාරා හමායද්දී අනෙකා උදෙසා ද ඒ මදනල හමා යා යුත්තේය. ඒ හමා යායුත්තේ
මා සිසාරා හමා ආ පිවිතුරු බවෙන්මය. කෘතඥතා පූර්වක වීම යනු මහා කාරුණික
භාවය කියන එකමයි. ඒ නිසා ණය දෙනවා කියන පුංචි දෙයකට කළගුණ සැළකීමක්
තිබිය යුතුයි. සුළඟට,ගහට, කොළට ,සතා සිවුපාවාට සියල්ලටම ආදරය කරන්න
ඕනේ. බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කළ දීඝාවායේ
මහන්තාවා මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකානුකතුලා
මහාකාරුණික භාවය, දයාවන්තකම , ස්නේහවන්තකම,ලෙන්ගතුකම කියල කියන මහා
මෛත්‍රිය තමයි කළගුණ සැළකීම කියලා කියන්නේ එහි ලස්සන ඡායාරූපයක් තමයි
අනිමිස ලෝචන පූජාව. ඒ ලස්සන ඡායාරූපයෙන් කියවෙන්නෙ ලොකු රූපකාර්යක් . ඒ
රූපකාර්ය තමයි, ඇස් ඉස් මස් ලේ නැති ගහකට ඇස් ඉස් මල් ලේ ඇති අසාමාන්‍ය
බුදුකෙනෙකු විසින් මුදාහල මහාකාරුණාව සංකේතකයක් හෙවත් රූපකායක්. “කළගුණ
සැළකීම” යනු මහා කරුණාවේ තවත් එක වචනයක්. එය ඒ තරමටම ලස්සනයි.
සටහන හේමමාලා රන්දුනු
පසුගිය සතියෙන් -
ප්‍රත්‍යුපකාර කිරීම කළ ගුණ සැලකීමද? |