UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හාරිස්පත්තුවේ හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව දරු පවුලකට නව නිවසක්

හාරිස්පත්තුවේ හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව දරු පවුලකට නව නිවසක්

“අවසන් කටයුතු චාම් ලෙස ඉටු කරන්න...
ඉතිරිවන මුදලින් අහිංසක පවුලකට ගෙයක් හදල දෙන්න...”
-හාරිස්පත්තුවේ හාමුදුරුවෝ

ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර මා හිමිපාණෝ අපවත්වී තුන්මසක් ගතවී ගොසිනි. එහෙත් උන්වහන්සේ කළ කී දෑ තවමත් ජීවමානය.

හාරිස්පත්තුවේ හිමිපාණෝ සිය ජීවිතයේ අවසාන භාගයේ තමන් වහන්සේ අපවත් වීමෙන් පසුව දේහය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නියමයන් කර තැබූහ.

“පෙට්ටියක් එපා. ලෑල්ලක් මත තබන්න. බැනර් එපා. ශෝක ප්‍රකාශ එපා. රංසිවිගෙවල් එපා.. චිතකයන් එපා... ලොකු උත්සව සභා එපා.. අපවත් වෙලා පැය 24 ක් ඇතුළත යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට භාරදෙන්න ඕනැ..

එහෙම කරල ඉතිරි වන මුදල් වලින් අසරණ පවුලකට ගෙයක් හදල දෙන්ට ඕනෑ.. “

උන්වහන්සේගේ ඉල්ලීම ඉටුකරමින් පවතී.

ගෙයක වැඩ නිමවෙමින් පවතී. ඒ අපේ රටේ තිස් අවුරුදු ශාපලත් යුද්ධයේ අවසන් භාගයේ රටදැය සමගිය වෙනුවෙන් තම ජීවිතය පිදූ යුදහමුදා රණවිරුවෙකු වෙනුවෙනි. ඔහු සිය බිරිඳත්, දුවපැන ඇවිදින පුංචි දරු දෙදෙනාත්, මෙලොව එළි දකින්නට පෙරුම් පුරමින් සිටි දරුපැටියාත් තනිකර දමා ඔබ අප වෙනුවෙන් දිවි පිදුවෙකි. කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා සමිතියේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිතුමාගේ නිර්දේශයෙන් එම රණවිරුවා වෙනුවෙන් ඔහුගේ දරුපවුලට හිසට සෙවණක් සලසන්නට ඒ නිවස ඉදිවන්නේ ‘ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නා හිමි පදනමේ’ මෙහෙයවීමෙනි. මහනුවර පල්ලෙකැලේ පිහිටි 11 වන සේනාංකයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් රණවන මැතිදුන්ගේ පූර්ණ අනුග්‍රහය හා අධීක්ෂණයෙනි. ශ්‍රම දායකත්වය 3 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් හා සෙබල කැලගෙනි. නිවසේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 40 කි. නිවසේ අයිතිය රණවිරු දරු පවුලට පවරා දීම ඉකුත් 14 දින ප.ව. 2.00 ට සිදු කිරීමට කටයුතු යොදා තිබිණි.

උන්වහන්සේ සිය අවසන් කටයුතු වලින් ඉතිරිකරන ලද මුදලින් ඉදිකරන අවසන් නිවස මෙයවීමට ඉඩනොදී උන්වහන්සේ නමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යන ‘නිවාස ව්‍යාපෘතියක්’ කොළඹ 7 විපස්සනා භාවනා මධ්‍යස්ථාන දායක සභාව සැලසුම් කර ඇත. ඔබට ද ඒ සමඟ එක්වන්නට පුළුවන.

ඒ සඳහා ආරාධනා කරමු. මේ සියලු පිං බෙලෙන් ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර මා හිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]