UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර - (2014) බෞද්ධ ශිෂ්ටාචාරය - 01 කොටස

 අ.පො.ස උසස් පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර - (2014)

බෞද්ධ ශිෂ්ටාචාරය - 01 කොටස

වඩාත් නිවැරැදි පිළිතුර තෝරාගෙන යටින් ඉරක් අඳින්න.

01. පැරැණි භාරතීය ඉතිහාසයට අනුව එම සංස්කෘතිය යුග වශයෙන් බෙදා තිබුණේ,

. හතරකටය, 2. තුනකටය, 3. පහකටය, 4. හයකටය 5. සොළොසකටය.

02. වෛදික යුගය (වේද) වශයෙන් සලකනු ලබන්නේ මින් කවර කාලයද?

1. ක්‍රි.පූ. 1500 – ක්‍රි.පූ. 700 අතර කාලයයි.

2. ක්‍රි.පූ. 1200 – ක්‍රි.පූ. 2500 අතර කාලයයි.

3. ක්‍රි.පූ. 600 – ක්‍රි.පූ. 1000 අතර කාලයයි.

4. ක්‍රි.පූ. 1600 – ක්‍රි.පූ. 1200 අතර කාලයයි.

5. ක්‍රි.පූ. 1700 – ක්‍රි.පූ. 3000 අතර කාලයයි.

03. වේද යුගයේ “ පර්ජන්‍ය” යනුවෙන් හඳුන්වන දෙවියන්ගේ කාර්ය වූයේ මින් කුමක්ද?

1. ආලෝකය ලබාදීමය. 2. ගින්දර ලබාදීමය, 3. වැස්ස ලබාදීමය, 4. සුළඟ ලබාදීමය. 5. සෙවන ලබාදීමය

04. ලෝකයේ මහා බුද්ධි විප්ලවයක් සිදු වූ යුගය වශයෙන් සලකනු ලබන්නේ,

1. උපනිෂ්ද් යුගයේදී ය, 2. බ්‍රාහ්මණ යුගයේදීය, 3. වේද යුගයේදීය 4.ආරණ්‍යයක යුගයේදීය, 5. සන්‍යාසී යුගයේදී ය.

05. සංචාරකයන් ලෙස ඉන්දියාවට පැමිණි ආර්යයන්ගේ මුල් වාස භූමිය ලෙස සලකනු ලබන්නේ,

1. දකුණු ආසියාවයි, 2. ඊසාන දිග ඉරානයයි, 3. මධ්‍ය ආසියාවයි, 4. සුළු ආසියාවයි, 5. මෙසපොතේමියාවයි.

06. ශුද්‍ර කුලයේ පංචම කුලයට අයත් “වේණ” නමැති කුලයට පැවරුණේ,

1. සම් වැඩ කිරීමය, 2. කුළු විවීමය, 3. කසළ සෝදනය ය, 4. බර වැඩ කිරීමය, 5. කුලී වැඩ කිරීමය.

07. බ්‍රාහ්මණික ඉගැන්වීම අනුව කෂ්ත්‍රීය වර්ණයෙහි ස්වධර්මයට අයත් වන්නේ මින් කුමක්ද?

1. ඉගැන්වීම, 2. ඉගෙන ගැනීම, 3. පෂු පාලනය, 4. පරිත්‍යාග පිළි ගැනීම, 5. වෙළෙඳාම

08. බ්‍රාහ්මණ සංස්කෘතිය අනුව බ්‍රහ්මචර්ය ආශ්‍රම ධර්මයට අනිවාර්යය වූවක් වන්නේ,

1. තවුස් දම් රැකීමය, 2. ඉගැන්වීමය, 3. විවාහ වීම, 4. වේදය හැදෑරීම, 5. කම් සැප විඳීම

09. පහත සඳහන් ප්‍රකාශ අතරින් ශ්‍රමණ චින්තනයට පටහැනි වූ ප්‍රකාශය කුමක්ද?

1. ස්ත්‍රීය ස්වාධීනත්වය ලැබීමට නුසුදුසු ය. 2. බිරිඳ ස්වාමියාගේ පරම මිතුරා ය.

3. සමහර කාන්තාවෝ පුරුෂයන්ටත් වඩා ශ්‍රේෂ්ඨය.

4. ආධ්‍යාත්මික දියුණුවට ස්ත්‍රීත්වය බාධාවක් නොවේ.

5. සෑම තැනකදීම පණ්ඩිත වන්නේ පුරුෂයාම නොවේ.

10. වෛශ්‍යයන්ගේ ස්වධර්මය දැක්වෙන්නේ මනුෂ්මෘතියේ,

1. 87 ශ්ලෝකයේ ය, 2. 88 ශ්ලෝකයේ ය, 3. 89 ශ්ලෝකයේ ය, 4. 90 ශ්ලෝකයේ ය, 5. 91 ශ්ලෝකයේ ය.

11. පව් සෝදා හැරීමට ගංගා නම් ගඟ අසබඩට පැමිණි සිටි බමුණකු සමඟ සංවාදයකට එළඹුනේ,

1. බුදුරජාණන් වහන්සේ ය, 2. තෙරුවන් සරණ ගිය පුණ්නා දාසියයි, 3. සෝවාන් ව සිටි විශාඛා සිටු දියණියයි, 4. ධම්ම කථික ධම්මදින්නා තෙරණියයි, 5. ධම්මික නමැති උපාසක තෙමේ ය.

12. බ්‍රාහ්මණ කුල ක්‍රමය ස්ථිරසාර ඉගැන්වීමක් නොවන බව ඓතිහාසික වශයෙන් ඔප්පු කිරීම සඳහා යොදාගත් සූත්‍ර දේශනාවකට උදාහරණයකි.

1. වසල සූත්‍රය 2. මධුර සූත්‍රය 3. අස්සලායන සූත්‍රය 4. වාසෙට්ඨ සූත්‍රය, 5. කසීභාරද්වාජ සූත්‍රය

13. කුණ්ඩලකේශී භික්ෂුණීය බුදුසසුනේ පැවිදිවීමට ප්‍රථම

1. ආජීවක සම්ප්‍රදාය ගරු කළ තැනැත්තියකි, 2. තාපස සම්ප්‍රදාය ගරු කළ තැනැත්තියකි, 3. පරිභාජක සම්ප්‍රදාය ගරුකළ තැනැත්තියකි, 4. නිඝණ්ඨ සම්ප්‍රදාය ගරු කළ තැනැත්තියකි, 5. තීර්ථක සම්ප්‍රදාය ගරු කළ තැනැත්තියකි.

14. බුදුසසුනෙහි ප්‍රථම තෙරණිය වශයෙන් සලකනු ලබන ප්‍රජාපතී තෙරණියට බුදුසසුනේ හිමිවූයේ,

1. දිවැස් ඇත්තවුන් අතර අග්‍රස්ථානයයි, 2. ධ්‍යානලාභීන් අතර අග්‍රස්ථානයයි, 3. විනයධාරීන් අතර අග්‍රස්ථානයයි, 4. සෘද්ධිමත් ඇත්තවුන් අතර අග්‍රස්ථානයයි, 5. චිරරාත්‍රඥයන් අතර අග්‍රස්ථානයයි.

15. සොළොස් මහා ජනපද අතරින් කාසි ජනපදයේ එකල අගනුවර වූයේ,

1. රජගහ නුවරය, 2. බරණැස් නුවරය, 3. සැවැත් නුවරය, 4. විශාලා මහනුවරය, 5. පෝතාලි නුවරය.

16. උදේන නම් රජු අගනුවර කරගත් කොසඹෑ නුවර නොතිබුණු ආරාමය මින් කුමක්ද?

1. රාජකාරාමය 2. භදරිකාරාමය, 3. ඝෝෂිතාරාමය, 4. කුක්කුටාරාමය, 5. පාවාරිකාරාමය

17. ලී වලින් සෑද වූ ඇතෙකුගේ රූපයට රැවටීමෙන් හිරකරුවෙකු බවට පත් රජතුමා මින් කවරෙක්ද?

1. වන්ඩපජ්ජෝත රජතුමා ය. 2. උදේන රජතුමාය, 3. බිම්බිසාර රජතුමාය, 4. අජාසත් රජතුමාය, 5. උදය භද්ද රජතුමාය.

18. “තියුණු ආයුධයක් ගෙන මිනිසුන්ගේ අත් පා කන් නාසාදිය කපා ඝාතනය කළත් ඉන් සිදුවන පවක් නැත” මෙසේ ප්‍රකාශ කරන ලද්දේ,

1. අජිත කේසකලම්බලීය, 2. මක්ඛලී ගෝසාලය, 3. සංජය බෙල්ලට්ඨිපුත්තය 4. පකුධ කච්චායනය 5. පූර්ණ කස්සපය.

19. ආජීවක නමැති සම්ප්‍රදායේ ආරම්භකයා වශයෙන් සලකනු ලබන්නේ,

1. මක්ඛලි ගෝසාලය, 2. පූර්ණ කස්සපය, 3. අජිත කේශකම්බලීය, 4. නිඝණ්ඨානාථපුත්ත ය, 5. පකුධ කච්චායනය.

20. “විශ්වය හා ප්‍රජාව යන සියල්ලෝම පදාර්ථ හතකින් නිර්මිතය” මෙසේ ප්‍රකාශ කරන ලද්දේ,

1. නිඝණ්ඨනාථපුත්තය, 2. අජිත කේශකම්බලීය, 3. සංජය බෙල්ලට්ඨිපුත්තය, 4. පූර්ණ කස්සපය, 5. පකුධ කච්චායනය

21. “යාගයක් සිදුකිරීමේ දී ඒ සඳහා පූජක කණ්ඩායම් හතරක් සහභාගි විය යුතු යැයි බමුණෝ අවධාරණය කළහ” ඒ සඳහා සහභාගි නොවන පූජකයා මින් කවරෙක්ද?

1. ගෝතෘ බමුණාය 2. උද්ගාකෘ බමුණාය 3. අද්වය්‍යු¡¡ බමුණාය, 4. යාග කාරක බමුණාය, 5. නේතෘ බමුණාය.

22. බ්‍රාහ්මණ ඉගැන්වීමක් වූ යාගයේ දී “යජමානක” යනුවෙන් හඳුන්වා ඇත්තේ,

1. යාග කරවන පුද්ගලයාය, 2. යාගය පිණිස දෙවියන්ට ආරාධනා කරන්නාය, 3. දෙවියන් සතුටු කරවන ලෙසින් වේද පාඨ ගායනා කරන්නාය. 4. යාගය කරන පූජකයාය, 5. යාගයේ අධ්‍යක්ෂතුමාය.

23. දිනපතා උදේ සවස කරන යාගය බ්‍රාහ්මණ ග්‍රන්ථවල හඳුන්වා ඇත්තේ,

1. චතුර්මාෂ්‍ය යාගය නමිනි, 2. දර්ශ පූර්ණ මාෂ්‍ය යාගය නමිනි, 3. අග්නිභෝත්‍ර යාගය නමිනි, 4. සම්මාපාස යාගය නමිනි, 5. වාජපේය යාගය නමිනි.

24. වේද පාඨ රචනා කළ බ්‍රාහ්මණ පඬිවරුන් අතරට අයත් නොවන බ්‍රාහ්මණ පඬිවරයා මින් කවරෙක්ද ?

1. වාම දේව 2. වෙස්සා මිත්ථ 3. කෘෂ්ණදේව 4. යමතග්ගි, 5. අංගීරස

25. ගයා ශීර්ෂය, වේරංජනා, බාහුමතී, සරස්වතී ආදී ගංඟතීරයන්ට බමුණන් උදේ සවස දහස් ගණනින් එකතු වන්නේ,

1. ත්‍රිවේදය සජ්ඣායනය සඳහා ය. 2. දිනපතා උදේ සවස ස්නානය කොට පිරිසුදු වීම සඳහා ය. 3. ගංගා තීරයන්හි ගතකිරීම ශරීරයට සුවගෙන දෙන නිසාය, 4. කළ පව් සෝදා හැරීම පිණිසය, 5. යාගයක් පැවැත්වීමට සුදුසුම ස්ථානය ගංගාශි‍්‍රත ප්‍රදේශ වන බැවින් ය.


පිළිතුරු

01. 1
02. 2
03. 3
04. 1
05. 3
06. 2
07. 2
08. 4
09. 1
10. 5
11. 2
12. 3
13. 3
14. 5
15. 2
16. 1
17. 2
18. 5
19. 1
20. 5
21. 5
22. 1
23. 3
24. 3
25. 4

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]