ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
අමරපුර පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය
රද්දොළුව ශ්‍රී සුබෝධාරාමාසන්න අත්තනගලු නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී
ඉතිරිය»
විසිපස් වසරක් සපුරන වාර්ෂික පිච්ච මල් පූජාව
පූජ්‍ය කොටපොළ අමරකිත්ති ලොකු හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් හා ශාන්ති
පදනමේ මෙහෙයවීමෙන් නො කඩවා ම පැවැත්වෙන වාර්ෂික පිච්ච මල් පූජාව මෙවර
පැවැත්වෙන්නේ විසි පස්වැනි වරටයි. 1990 වසරේ දී ඉතා සුළු සංවිධානයක්
සහිත ව පටන් ගත් මෙම මහානර්ඝ පූජාව පළමුවරට නම් කෙරුණේ “සමන් පිච්ච මල්
පූජාව“ හැටියටයි. බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී උපත
ලද ‘සමන් පිච්ච මල් පූජා’ ළදරුවා දැන් සපුරා වැඩුණු යෞවනයකු බවට පත් ව
තිබීම එම දරුවා වැඩෙනු මුදිතාවෙන් බලා සිටින්නකුට යම් සන්තුෂ්ඨියක් ඇති
වන්නේ ද දරුවා බිහි කළ මූලාශ්‍රයට කෙතරම් සතුටක් ඇතිවිය යුතු ද? පිච්ච
මල් හාමුදුරුවෝ ද මේ සමඟ දැන් පස්විසි වියට එළැඹෙති.
ඉතිරිය»
ධර්ම දේශනාව:
කුසල් කළ යුතු ය
ඔබට පෙනෙනවා මේ ගස මුදුනෙහි ම ලා දම් පැහැති දළු. ඉන් පසු ඊට පහළ
හොඳින් වැඩුණු කොළ පෙනෙනවා. ඊටත් පහළ ඔබට පෙනෙනවා හොඳට පැසී නමුත්
පණුවන් විසින් තැනින් තැන කා දමා හිල් විද අවලස්සන සහ අපවිත්‍ර කොළ.
ඉන් පසු ඔබට පෙනේ වී කහ පැහැයට (පඬු පැහැයට) පත්වී නටුවෙන් ගිලිහී යාමට
ආසන්න කොළයක්. ඔබ දන්නවාද? බුදුපියාණන් වහන්සේ , ලා දළු වලට උපමා කළේ
අලුත උපන් ළදරුවායි. පැසුණු කොළයට උපමා කළේ ළමා කාලය පසු කොට තරුණ වයසට
පැමිණි අයයි.අර හොඳට පැසී තැන තැන පණුවන් කා හිල් විද, මකුළු දැල් බැඳ
අවලස්සන ස්වභාවයට පත් වූ කොළයට උපමා කළේ ළමා කාලය, තරුණ කාලය ද පසුකොට
මහලු වයසට පැමිණි අයයි.
ඉතිරිය»
ප්‍රබෝධමත් අරුණැල්ලක පහස විඳි
වීරගහ පන්සල
එස්. මහින්ද හිමියන්
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී 1936
වසරේදී ආචාර්යන් වහන්සේගේ ආරාධනයෙන් පානදුරයේ මහබෙල්ලන ශ්‍රී
සුධර්මාරාම විහාරයට එහි විහාරාධිපති වහන්සේ වශයෙන් පැමිණෙන්නේ 1936
වසරේදීය. මෙම විහාරස්ථානය වැඩි දෙනා හඳුන්වන්නේ වීරගහ පන්සල යන නමිනි.
ඉතිරිය»
|