කතරගම ඇසළ මහ පෙරහර මංගල්‍යය
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
කතරගම අභිනවාරාමාධිපති
ශාස්ත්‍රපති
කපුගම සරණතිස්ස නා හිමි
කතරගම ඓතිහාසික පුදබිමකි. බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ සිටම
පූජනීයත්වයට පත් වූ බවට දෙස් දෙනු සාධක බොහෝය. ඒ අතරම කතරගම දෙවියන්
ජීවමානව වැඩ සිටින්නේද මේ පින් බිමෙහිය. මෙකී සුවිශේෂී කාරණා මත කතරගම,
ලක් දෙරණෙහි ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගෙන ඇත. ඇසළ මාසයේ පැවැත්වෙන
පෙරහර මංගල්‍යයන් අතර කතරගම පෙරහරට සුවිශේෂි වටිනාකම් රැසක් හිමි වී
ඇත.
ආගමික සහනශීලිත්වයේ තරම මොනවට ප්‍රකට කෙරෙන මේ බිම සුවිශාල දෙස් විදෙස්
බැතිමතුන්ගෙන් පිදුම් ලබන වග නොරහසකි. කතරගම දෙවියන් වෙනුවෙන් රුහුණු
කතරගම මහා දෙවොලේ පෙරහර මංල්‍යය තුනක් පැවැත්වේ. ඇසළ පෙරහර, ඉල් මහ
කව්චි හෙවත් කාත්ති උත්සවය හා අලුත් අවුරුදු උත්සවය යනු එම මංගල්‍යය
තුනයි. ඒ අතරින් වඩාත් වැදගත් සහ ප්‍රසිද්ධ මංගල්‍යය වනුයේ කතරගම
මහාදෙවොලේ චිරාගත සම්ප්‍රදායානුකූල පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයයි.
කතරගම ඇසළ පෙරහර මංගල්‍යය හා බැඳුණූ එයටම ආවේණික වු පුද සිරිත් රැසක්ම
පවතී. ඇසළ මංගල්‍යයට සමගාමීව මුලින්ම සිදු කෙරෙන මංගල්‍යය වනුයේ කණු
කපන මංගල්‍යයයි. පුරාණතම චාරිත්‍ර වාරිත්‍රයනට මුල් තැනක් ලබාදෙමින් අද
ද මෙකී චාරිත්‍රය සිදු කෙරේ. සුබ කටයුත්තකට පළමු පියවරක් වන මෙය ඉතා
වැදගත් වූවකි. එක පඳුරේ වැඩුණ කණු දෙකක් සහිත “රත් කරව්” නමැති ගස්
වර්ගය මේ සඳහා යොදා ගනී. උදෑසනම සිදු කෙරෙන මෙම මංගල්‍යය ද සුවිශේෂ
වූවකි. කණු කපා ගෙනවිත් රඳවා තොටුපළේ සිදු කරන නානුමුර මංගල්‍යයෙන්
අනතුරුව කප වල්ලිඅම්මා දේවාලයේ තැන්පත් කිරීම සිදුවේ. එම කප කතරගම
දෙවොලට ගෙන යාම ඊට පසු දින උදෑසන සිදු කෙරේ. කප සඳහා රත්කරව් ලීයක්
යොදා ගැනීම සඳහා හේතු වූ ජන විඥානයේ තැන්පත් වූ පුරා වෘත්තයක් මෙසේය.
‘දුටුගැමුණු රජ එළාර රජ සමඟ සටනකට යාමට පෙරාතුව කතරගම දෙවියන්ට බාරයක්
විය. ජයග්‍රහණයෙන් අනතුරුව දේවාලය ඉදි කරන ස්ථානය පිළිබඳ දුටුගැමුණු
රජුට ප්‍රශ්නයක් විය. එහිදී කතරගම දෙවි වැඩ සිටි කන්දේ සිට හීයක්
විදීය. එය වැටුණු තැන දේවාලය ඉදි කළ යුතු විය. එම හීය වැටුණේ වර්තමානයේ
මහා දේවාලය පිහිටි ස්ථානයෙහිය. මෙහිදී හීය වශයෙන් යොදාගෙන ඇත්තේ රත්
කරව් ලීයකි. මේ හේතුවෙන් කප සඳහා රත් කරව් ලීයක් යොදා ගත් බව පිළිගැනේ.
“
කප් සිටුවීම පෙරහර මංගල්‍යයට පෙරාතුව සිදු කෙරෙන තවත් එක් සුවිශේෂි
මංගල්‍යයකි. කප් සිටුවීමෙන් අනතුරුව දින හතළිස් පහක් (45) ගතවනවාත්
සමඟම ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වේ. කතරගම දෙවියන්ට පෙරහර මංගල්‍යය සමයේ
වාසස්ථානය වන්නේ මෙ කප යැයි සැලකේ. ඒ අනුව ඇසළ පෙරහර මංගල්‍යය
පැවැත්වෙන මුළු කාලය තුළදීම කතරගම දෙවි මිනිස් ලොවට වැඩ,මේ කපෙහි වාසය
කරයි යන විශ්වාසය ජන විඥානයේ නිදන්ගතව පවතී. කතරගම දෙවොලේ පෙරහර
මංගල්‍යය පැවැත්වෙන අතරතුර සිදු කෙරෙන තවත් සුවිශේෂි මංගල්‍යයක් ලෙස
ගිනි පෑගීමේ මංගල්‍යය සැලකීමට පිළිවන. පුරාදින ගණනක් පේවීමෙන් අනතුරුව
සිදු කෙරෙන මෙම මංගල්‍යයේදී කතරගම දෙවියන් කෙරෙහි බැතිමතුන් දක්වන
භක්තිය කවරාකාරද යන වග පසක්වේ. එමෙන්ම මෙහිදී දෙවියන් කෙරෙහි පවතින අචල
ශ්‍රද්ධාව බෙහෙවින්ම වැදගත් වේ. දෙවියන් කෙරෙහි අතිමහත් භක්තියෙන්
කටයුතු කරන බැතිමතුන් පේවි මැණික් ගංගාවේ ස්නානයකොට මෙකී කටයුත්තට
සහභාගි වේ. කතරගම දේව බල මහිමයේ ශක්තිය කවරාකාර වූවක්ද යන්න මෙමගිනුත්
වඩාත් තහවුරු වේ.
පුරා දින 15 ක් පුරාවට පැවැත්වෙන කතරගම ඇසළ පෙරහර මංගල්‍යය අවසන්
කෙරෙන්නේ දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමෙන් අනතුරු වය. දිය කැපීමේ
මංගල්‍යයට ද වෙන් වූ චිරාගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර විධි රාශියක්
පවතී. කතරගම දෙවොලත් මැණික් ගඟත් එකට අත්වැල් බැඳගත් මෙම මංගල්‍යයද
දෙවියන් කෙරේ අචල ශ්‍රද්ධා භක්තියෙන් යුතු බැතිමතුන් විශාල සංඛ්‍යාවකගේ
සහභාගිත්වයෙන් සිදු කෙරේ. ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කෙරෙන මෙම දිය
කැපීමේ මංගල්‍යය හා බැදුණූ කතා පුවත් කිහිපයක්ද වේ.බොහෝ කලක් අසුරයන්
යටතේ පීඩාවට ලක් වූ සුරයන් නිදහස් කරගෙන කතරගම දෙවි ස්වකීය බල තේජස
වර්ධනය කරගත් බැව් තහවුරු කෙරෙන සාහිත්‍යමය සාධකයක් ලෙස කහකුරුළු
සන්දෙස පෙන්වා දීමට පුළුවන.
තෙද බල විකුම් පෑ දිනසෙන් මඬ තෙද ග
බැඳ හළ තමන් යස දද දස දිග යට ග
කතරගම දෙවොලෝ දිය කැපීමේ මංගල්‍යයේ අරමුණ තහවුරු කෙරෙන ඇතැම් සාධක
පුරාවෘත්ති හා එකට අත්වැල් බැඳී පවතින බැව් තහවුරු වේ. දුටුගැමුණු මහරජ
එළාර සමඟ යුදවැදි සමයේ මැණික් ගං තෙරින් ගමන් කරමින් සිටියේය. එහිදී
දුටුගැමුණු රජුට කතරගම දෙව් මුණ ගැසුණි. එහෙත් දුටුගැමුණු රජුට කතරගම
දෙවි වෙත ළඟා වීමට නොහැකි වනසේ මැණික් ගංගාවේ ජලය ඉහළ ගොස් ඇත. එම
අවස්ථාවේ දුටුගැමුණු රජ කතරගම දෙවි වෙත ළං වී ඇත්තේ ස්වකීය කඩුවෙන් දිය
කපාගෙනය .මෙකී සිදුවීම මුල්කරගෙන කතරගම ඇසළ මංගල්‍යයේ සමාප්තිය උදෙසා
දිය කැපීමේ මංගල්‍යය සිදු කරයි යන්න මතයක් පවතී.
දිය කැපීමේදී එයටම වෙන් වු චාරිත්‍ර විධි රාශියක් පවතී. දෙවියන් කෙරේ
පවතින අතිමහත් භක්තිය තීව්‍ර කෙරෙන මෙම මංගල්‍යයේද දෙවියන්ගේ ආශිර්වාදය
නෙක දනන් වෙත අස්වැසිල්ලක් වනු නොඅනුමානය. දියකැපීමේ මංගල්‍යයේදී කුණම
නමින් හැඳින්වෙන විශේෂිත යානයක් උපයෝගි කර ගැනීමද තවත් සුවිශේෂි
කරුණකි. මැණික් ගෙඟ් තොටුපළවල් අතර සුවිශේෂිත වු ජීවමලේ තොට මුල්කරගෙන
දිය කැපීමේ මංගල්‍යය පැවැත්වේ.
දෙවියන් කෙරේ අතිමහත් භක්තියෙන් බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට
සහභාගි වේ. දේව භක්තියේ සුවිශිෂ්ටත්වය ප්‍රකට කෙරෙන මෙදින කතරගම දෙවොලේ
උත්සවශ්‍රීය මොනවට පැහැදිලි වේ. එදින සිදු කෙරෙන මුරුතැන් පූජාව ද
කැවිලි පෙවිලි ආදියෙන් යුක්ත වීමද විශේෂත්වයකි. දිය කැපීමේ මංගල්‍යයට
අනතුරුව සංහිඳ බෝධිය ඇසළ සිදු කෙරන සංහිඳ චාරිත්‍රයෙන් අනතුරුව මේ
මංගල්‍යය නිමාවට පත්වේ.
කතරගම ඇසළ පෙරහර මංගල්‍යය සමයේ සිදු කෙරෙන මෙකී චාරිත්‍ර විධි ඔස්සේ
කතරගම දෙවියන් කෙරේ බැතිමතුන් දක්වන අතිමහත් භක්තියේ තරම ප්‍රකට කරයි.
මේ කාල සීමාවේදි අචල දේව විශ්වාසයෙන් යුත් බැතිමතුන් විශාල පිරිසක්
විවිධාකාර වු පූජාවිධින්හි නිරත වේ. පේ වීම, බිම පෙරළීම,දේව කන්නලව්
කිරීම,උල් කටු ගසා ගැනීම, කාවාඩි නර්තනවල යෙදීම ආදිය ප්‍රධාන වේ. දෙස්
විදෙස් අතිමහත් වූ බැතිමතුන් විශාල සංඛ්‍යාවකට සෙත සැලසෙන මෙම අපූරු
පෙරහර මංගල්‍යය පුරාදින 15 ක කාලයක් පැවැත්වේ.පෙනෙන මානයේ සුදෝසුදින්
බබළන කිරිවෙහෙර මහ සෑ රදුන්ගේ අපිරිමිත ආශිර්වාද ශක්තියත් තුන් ලොවට
එකසේ දිවැස් හෙළන කතරගම දෙවි රදුන්ගේ අපිරිමිත විශ්වීය ශක්තියත් පෙරහර
මංගල්‍යයට නිතැතින්ම අස්වැසිල්ලක් වනු නොඅනුමානය.උඩරට, පහතරට, සබරගමු
යන නර්තන කලාවන්ගෙන් මෙන්ම මේ පෙදෙසට අනන්‍ය වු නර්තන රැසකින් මෙම
පෙරහර මංගල්‍යය විචිත්‍රවත් වනු ඇත.අලි ඇතුන් විශාල පිරිසකගේ
සහභාගිත්වයද මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.
අපේ අතීත ප්‍රෞඪත්වයේ තරම මොනවට ලොවට හඬ ගා කියන කතරගම ඇසළ පෙරහර
මංගල්‍යය දොළොස් නෙතින් දිවැස් හෙළන කතරගම දෙවිදුන්ට ඉමහත් උපහාරයකි.
කතරගම පෙරහර අවසානයේ කතරගම විහාරස්ථානය මඟින් දෙවියන් හා රටවාසින් හට
ආශ්ර්වාදය ලබාදීම සඳහා පැවැතවෙන තුන්තිස් පැයේ මහා පරිත්‍රාන ධර්ම
දේශනාව මගින් පිරිත් දේශනා කර දෙවියන්ට පුද පූජා පවත්වා ශ්‍රී
ලංකාවාසින්ට ආශිර්වාදය කිරීම චාරිත්‍රමය පින්කමකි.
මෙවර ඇසළ මහා පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් පෞරාණික සම්ප්‍රදායට අනුව
රංගනයන් යොදවමින් දෙස් විදෙස් ජනතාවට අපේ ප්‍රෞඪත්වය විදහා දැක්වීම
සඳහා දින පහළොවක් තිස්සේ පැවැත්වෙන මේ මහ උත්සවයේ ප්‍රධාන නියමුවා වන
රුහුණූ කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ගරු ශෂින්ද්‍ර කුමාර
රාජපක්ෂ මැතිතුමාට ජාතියේ උපහාරය හිමිවේ. |