UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ

ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ

පෙබරවාරි 28 පත්‍රය හා සම්බන්ධයි

1.චාතුර්මහාරාජිකය 2. තාවතිංසය 3. යාමය 4. තුසිතය 5. නිම්මාණරතිය 6. පරනිම්මිත වසවත්තිය

යන සදිව්‍ය ලෝකයි. බ්‍රහ්මලෝකත් දැක්විය හැකිය . මන්ද? සමහර අය බ්‍රහ්මලෝකවලද උපත ලබති.බ්‍රහ්මලෝක සොළෙසෙකි.

1.බ්‍රහ්මපාර්සජ්ජය, 2.බ්‍රහ්මපුරෝහිතය, 3.මහා බ්‍රහ්මය – පඨමජ්ඣාන, 4.පරිත්තාභය, 5.අප්පමාණභය, 6.ආභස්සරය – දුතියජ්ඣාන, 7.පරිත්තසුභය, 8.අප්පමානසුභය, 9.සුභකින්හය – තතියජ්ඣාන, 10. වේහප්පලය, 11.අසඤ්ඤසත්තය – චතුර්ථජ්ඣාන, 12.අහවිය, 13.අතප්පය, 14.සුදස්සය, 15.සුදස්සිය, 16.අකනිට්ඨකය – පංචමජ්ඣාන

කාම සුගති භුමි හතක්, ප්‍රථමධ්‍යාන භූ®මි තුනක්, දුතිය ධ්‍යාන භූ®මි තුනක් , චතුත්ථධ්‍යාන භූ®මි හතක් එසේ නැතහොත් සුද්ධාවාස භූ®මි හතක් වශයෙන් උප්පත්තිස්ථාන දැක්වේ.

1.ආකාසානඤ්චායතනය 2. විඤ්ඤාණඤ්චායතනය 3.ආකිඤ්චඤ්ඤායතනය 4.නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන අරූපාවචර භූ®මි හතර මෙහි දී ගත හැකිය. දේවතා කොටුව හතර පැත්තේ සමහර ස්තූපයක දේවරූප හතරක් ද දැක්ක හැකිය. එයින් සතරවරම් දෙවිවරු නිර්මිත වෙති. ඒ ආරක්ෂාව සඳහාය, ධ්‍රෘතරාෂ්ට, විරූඪ විරූපාක්ෂ හා වෛශ්‍රවණ යනු සතරවරම් දෙවිවරයෝ වෙති.

07. කොත් කැරැල්ල -සෝවාන් ආදි මාර්ග ඵල අට

ස්තූපයේ හත්වන අංගය හැටියට දේවතා කොටුව මත පිහිටා ඇත්තේ කොත් කැරැල්ලය. කොත් කැරැල්ල සංකේතවත් කර ඇත්තේ නවාංග සත්ථු ශාසනය බව පුරා විද්‍යාඥයෝ කියති. සුත්ත, ගෙය්‍ය, වය්‍යාකරණ,ගාථා උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම හා වේදල්ල යන්න නවාංග සත්ථුශාසනයයි.

මෙහිදී අපගේ අවධානයට යොමු වන්නේ කොත් කැරැල්ලෙන් සෝවාන් ආදි මාර්ග ඵල අට සංකේතවත් කොට ඇති බවය. කොත් කැරැල්ල සිලින්ඩරාකාර ක්‍රමයට පිහිටා ඇති අතර එහි රවුම් අටක් පමණ දක්නට ලැබේ. සදිව්‍ය ලෝකවල හා බ්‍රහ්මලෝකවල උප්පත්තිය ලබන අය සෝවාන් ආදි මාර්ග ඵල ලබති.

1.සෝතාපත්ති මාර්ග සිත – සෝතාපත්ති ඵල සිත
2.සකදාගාමි මාර්ග සිත - සකදාගාමි ඵල සිත
3.අනාගාමි මාර්ග සිත – අනාගාමි ඵල සිත
4.අරහත් මාර්ග සිත – අරහත් ඵල සිත

01.සෝතාපත්ති මාර්ග සිත ඵල සිත :- සෝත නම් වතුරයි. වතුර මහා සමුද්‍රය කරා ගමන් කරයි. සෝතාපත්ති පුද්ගලයා නිර්වාණ නමැති මහා සාගරය කරා පමුණුවන හෙයින් මෙහි සෝත යයි කියනු ලැබේ. එහි පළමු පියවර සෝතාපත්ති මාර්ග යයි. ඵලය නම් විපාක යයි. සෝතාපත්ති මාර්ගය ලැබූ පුද්ගලයාට ඊට අනතුරුව ඵල සිත උපදියි. මෙය එකිනෙකට සම්බන්ධයි.

මාර්ග චිත්ත යනු කෙලෙස් මරණ සිත් යන්නයි. පුද්ගලයෙකුගේ ප්‍රධාන කෙලෙස් දහයකි. සෝතාපත්ති මාර්ග සිත ලැබීමත් සමගම

සක්කාය දිට්ඨි – ආත්මය හෙවත් මම මගේ යන කල්පනාව
විචිකිච්ඡා – බුද්ධාදී අටතැනක ඇතිවන සැකය
සීලබ්බත පරාමාස – ගෝ ව්‍රත/අජව්‍රත ආදී ව්‍රත රැකීමය

යන සංයෝජන තුන සම්පූර්ණයෙන් ම විනාශ වෙයි. එමෙන්ම සියලු අකුශලයන්ගේ අපායගාමී ශක්තිය ද විනාශ වේ. එම ආත්මයේදි රහත් නූයේ නම් සත්වන ජන්මයෙහි හෝ එයින් වෙනත් ජන්මයක හෝ රහත් වෙයි.

02.සකදාගාමී මාර්ග සිත, ඵල සිත :- සකිංආගාමි, සකදාගාමි වරක් හැරී එන්නේ සකදාගාමි නම් වෙයි. ඔහුගේ මාර්ග චිත්තය සකදාගාමි මාර්ග චිත්තයයි. අනතුරුව ඵල සිත ලබයි. මේ මාර්ග චිත්තය ලැබූ පුද්ගලයා

කාමරාග – වස්තුකාම /ක්ලේශ කාමයන්හි ඇලීම

ව්‍යාපාද – තරහ ගතිය /ක්‍රෝධය යන සංයෝජන දෙක තුනී කරයි

03.අනාගාමී මාර්ග සිත :- ඵල සිත :- නආගාමි,අනාගාමි ප්‍රතිසන්ධී වශයෙන් නැවත මේ ලෝකයට නොඑයි. ඒ පුද්ගලයා අනාගාමි වෙයි. එය අනාගාමි මාර්ග චිත්තයි. අනතුරුව ඵල සිත ලබයි. මේ මාර්ග චිත්තය ලැබු පුද්ගලයා කාමරාග, ව්‍යාපාද යන සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම නැති කර දමයි. මෙහි දී රහත් නුවූයේ නම් ශුද්ධාවාස බ්‍රහ්මලෝකයක ඉපදී රහත් වෙයි. නැවත කිසි කලෙකත් මේ ලෝකයට නො එයි.

04.අරහත් මාර්ග සිත – ඵල සිත :- අරහන්ත යනු අග්‍ර දක්ෂිණාර්හ හෙයින් පූජාවන් ලැබීමට සුදුසු වූයේ වෙයි. එසේම සංසාර චක්‍රයේ කෙලෙස් අර කැපුවෙ වෙයි. රහසින්වත් පව් නොකළේ වෙයි. එනිසා අර්හත් නම් වේ. ඒ අර්හත් මාර්ග සතිය අනතුරුව ඵල සිත උපදියි. ඒ පුද්ගලයා පහත දැක්වෙන කෙලෙස් ධර්ම සියල්ල නැති කර දමයි.

රූපරාග -රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඇලීම

අරුපරාග - අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඇලීම

මාන –උඬගු ගතිය – උසස්කම් ගැන ඇලීම

උද්ධච්ඡ - නොසන්සුන් ගතිය

අවිජ්ජා- නොදැනීම, මුළාවයි

යන කෙලෙස් ධර්ම විනාශ කරමින් මතු නැවත නූපදින නිවනට යේ. කොත් කැරැල්ලෙන් සංකේතවත් කරන්නේ මෙයයි.

08.කොත – නිවනෙ දෙයාකාරය

ස්තූපයේ කොත් කැරැල්ල මත අටවන අංකය හැටියට කොත පිහිටා ඇත. ඉන් නිවන සංකේතවත් කොට ඇති බව දැක්වේ. නමුත් මෙහිදි අපගේ අදහස වන්නේ දෙයාකාරය කොතින් ඔපවත් වන බවය. කොතේ හැඩරුව අනුව එහි ප්‍රධාන කොටස් දෙකක් දක්නට ලැබේ. ඒ අනුව නිවනේ දෙයාකාරය මෙසේය.

1.සෝපදිසේස :- මෙහි උපාධි යනු පංචස්කන්ධයයි. පංචස්කන්ධය තිබියදීම කෙලෙස් ධර්ම යටපත් කරමින් ලබන නිවන, සා උපාදිසේසයි.

2.අනුපාදිසේස :- මෙහි උපාධි යනු පංචස්කන්ධයයි. පංචස්කන්ධයත් සියලු කෙලෙස් ධර්මත් යටපත් කරමින් ලබන නිවන, අනුපාදිසේසයි.

09. චූඩා මාණික්‍ය නිවන

ස්තූපයේ කොත මුදුනේ දක්නට ඇත්තේ චූඩා මාණික්‍යයයි. එයින් නිවන අදහස් කරයි. මෙහි නි+වන ,වාන යනු තෘෂ්ණාවයි. ආසාවයි. ඒ වාන සංඛ්‍යාත තෘෂ්ණායෙන්, ආසාවන්, නි- නික්මීම නිවය. සියලු කෙලෙස් දුරුකිරීමෙන් අර්හත් භාවයට පත්වීම නිරෝධ නොහොත් නිවන වේ.සත්ත්වයාගේ් පරම පවිත්‍ර නිෂ්ඨාව නිවනයි. සැනසීමයි. චූඩා මාණික්‍යය තුළින් සංකේතවත් කර තිබෙන්නේ ජාතියත්, ජරාවත්, මරණයත් නැති සදාකාලික සැප ඇති නිවනයි.

බෞද්ධ ස්තූපයේ දක්නට ලැබෙන මේ ප්‍රධාන සංකේත නවයට අමතරව සමහර ස්තූපයක ගර්භයේ ඉහළින් සතර පැත්තේ බෝ කොළ හතරක් විද්‍යාමාන වේ. එහෙයින් සතර බ්‍රහ්ම විහරණ දක්වනු ලැබේ. සතර බ්‍රහ්ම විහරණ යනු මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්‍ෂායි. සමහර ස්තූපයක හතරැස් කොටුවේ ඉර හඳ දක්නට ලැබේ.ඉර හඳ පවතින තාක්කල් ස්තූපය පවතින බවත්, ඒ තාක්කල් බුදුදහම පවතින බවත් එහෙයින් කියා පායි. ඉර හඳ මහමෙර වටා ගමන් කරන බව පැරණි විශ්වාසයයි. ඒ අනුව මේ ස්තූපය තුලින් විශ්වාසය සංකේතවත් කරන බව ඇතැමෙක් දක්වති. සමහර ස්තූ®පයක හතරැස් කොටුවේ නෙළුම් මල් සතරක් සතර පැත්තෙන් දක්නට ලැබේ. එයින් පවිත්‍රතාව පෙන්නුම් කරයි. නිවන ලබා ගැනීමේ ඇති හැකියාව කියාපායි.සමහර ස්තූපයක ආසනයේ සතර පැත්තේ ලියවැල් සහිත සිංහ මුහුණු සතරක් සතර දිසාවට මුහුණලා සිටිනසේ නිර්මාණය කොට ඇත. ලියවැල්වලින් සසර බැඳ තබන බව ඒ බැඳීම බුදු දහමට අනුව ක්‍රියා කිරීමෙන් කඩා බිඳ දමත හැකි බවත් සිංහ මුහුණ හතරකින් ඔපවත් කෙරේ.

ස්තූපයේ දක්නට ලැබෙන තවත් ලක්ෂණ කීපයක් නම් සතර වාහල්කඩයි. එය ස්තූපයේ ආරක්ෂාව, සවි ශක්ති සඳහා නිර්මාණය වී ඇති බව පෙනේ. ස්තූපයට ඇතුළුවීම සඳහා සතර පැත්තෙන් පඩි පෙළ හතරක් දක්නට ලැබේ. කොරවග් ගල්, පඩිගල්, මුරගල් හා සඳකඩපහණ ඒ පඩි පෙළෙ ඇති අංගෝපාංගයි. පිට මලුව සතර දිසාවෙන් වාහල්කඩ (දොරටු) සතරකි. පිය ප්‍රාකාරය හා චේතියඝර සමහර පැරණි ස්තූපයක දක්නට ලැබේ. මේ අයුරින් ස්තූපය මුල් කොට සංකේත රැසකුත් සිංහල හෙළ කලාකරුවා නිර්මාණය කොට ඇති බව ස්තූප පරික්ෂාවට ලක්කිරීමෙන් පැහැදිලි වේ.

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk