UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර අටවක 2014 මාර්තු 08 වන දා

මව්බිමට ආශිර්වාදයකි

අපේ මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කොට රටේ පොදු මහ ජනතාවට සැකයෙන් හා බියෙන් තොරව නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කරදීම රට කරවන රාජ්‍ය නායකයාගේ යුතුකම හා වගකීමය. එම වගකීම නොපිරිහෙලා ඉටු කළ රාජ්‍ය නායකයා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වේ.

අපේ රටේ දශක තුනක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදය නිසා සාමාන්‍ය ජනතාව වින්දේ අපමණ දුකකි. අසහනයකි.

ආගමික සිද්ධස්ථානයකට ගොස් නිදහසේ වැඳ පුදාගෙන ආගමික කටයුතු වල නිරතවීමටවත් ඒ අවිගත් ත්‍රස්තවාදීහු ඉඩ නුදුන්හ. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පවා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට තරම් ම්ලේච්ඡ වූහ. ජය ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ වන්දනා කළ උපාසක උපාසිකාවන් ඝාතනය කළේ් ද ඒ සිත් පිත් නැති ත්‍රස්තවාදීහුය. අරන්තලාවේ භික්ෂු ඝාතනය පමණක් නොව රට පුරා නිරායුධ සිවිල් වැසියන්ද ත්‍රස්තවාදීන්ට ගොදුරු විය.

එදා හිමිදිරියේ පාසලට ගිය දුව, පුතා පාසලෙන් නැවත ගෙදරට පැමිණෙන තෙක් පසුවූයේ මහත් බියෙනි, සැකයෙනි, වේදනාවෙනි. උදෑසන රැකියාවට ගිය මව හෝ පියා නැවත නිවසට පැමිණෙන තෙක් සැකයෙන්, අවිශ්වාසයෙන් පසුවිය.අපේ ජීවිත පැවැතියේ එවැනි දැඩි අවධානම් අවධියකය.

බස් රථයේ හෝ දුම්රියේ නැතහොත් වෙළෙඳ පොළෙහි හෝ පොදු ස්ථානයක කවර මොහොතක අසරණ අහිංසක ජීවිත බිල්ලට ගනීදැයි බියෙන් සැකයෙන් පසුවූහ.

දහස් ගණන් ජීවිත සහ අපේ රටේ පොදු දේපළවලට කළ විනාශය මහ පොළොව නුහුලනා තරම් අපරාධයකි. ඒ ත්‍රස්තවාදීන්ට සිත් පිත් නොමැති වූ වියරුවෙන් කළ අපරාධ වේ.

ජාතියේත්, රටේත් පිනට පහළ වූ වත්මන් රාජ්‍ය නායකයා ඉතා දුරදර්ශීව ඒ කුරිරු ත්‍රස්තවාදය දුරු කළහ. එය අපේ රටට ආශිර්වාදයකි. ජාතික ආගමික සමගියට යහපත් අත්වැලකි.

ඒ කුරිරු ත්‍රස්තවාදය දුරු කළ රාජ්‍ය නායකයා සමස්ත ලෝකය වෙත ආදර්ශයක් සැපයූ නායකයෙකි. වීරෝදාර රාජ්‍ය පාලකයෙකි.

එහෙත් අධිරාජ්‍යවාදීන්ට එය ඉවසා දරා ගත නොහැකි තැන අපේ කීර්තිමත් රාජ්‍ය නායකත්වයට අසත්‍ය අභූත චෝදනා වරින්වර එල්ල කරන්නට විය.

බෞද්ධයාගේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දළදා මැදුරට බෝම්බ ප්‍රහාර එල්ල වූ විට හෝ ජය ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ අබියස උපාසක උපාසිකාවන් ඝාතනය කළ විට හෝ මහ සඟරුවන ඝාතනය කළ විට මානව හිමිකම් ගැන අධිරාජ්‍යවාදීන්ගේ අවධානය යොමු නොවීය.

ලොව මවිතයට පත් කළ එල්.ටී.ටී. ඊ, ත්‍රස්තවාදය මගින් කළ මිනිස් ඝාතන දරුවන් කපා කොටා මරා දැමීම් ආදිය පිළිබඳ අධිරාජ්‍යවාදීන්ගේ අවධානය යොමු වූයේ නැත.

ලෝකයටම පිළිලයක්ව පැවැති කුරිරු ත්‍රස්තවාදය අපේ මව්බිම වෙතින් තුරන් කළ රාජ්‍ය නායකයා අපේ රටට ඓතිහාසික යුග මෙහෙවරක් කරමින් රටටත් ජනතාවටත් නිදහස දිනා දුන් ශ්‍රේෂ්ඨ නායකයෙකි.

ත්‍රස්තවාදය දුරු කරමින් ජනතාව තුළ පැවැති යුද බිය දුරු කළහ.සියලු ජාතීන් වෙත සමගි සම්පන්නව විසීමට මග සැලසූහ. රටට ජනතාවට යහපත ඉටු කරමින් රටේ ආර්ථික සංවර්ධනයට වහ වහා කටයුතු කළහ.

මෙයට වසර කීපයකට පෙර දරුණු ත්‍රස්තවාදයක් පැවැති රටක්දැයි සිතිය නොහැකි තරමට උතුර දකුණ යා කරමින් රට සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළහ.

අපේ රටට බාහිර අභ්‍යන්තර කවර උවදුරක් පැමිණි මොහොතක වුවද ඒ සෑම අවස්ථාවකදීම මේ රටේ සම්භාවනීය පූජනීය මහසඟරුවන රාජ්‍ය නායකත්වය වෙත නිරන්තරයෙන්ම ආශිර්වාද පළ කරමින් සහාය ලබා දුන්හ.

එවන් ඓතිහාසික ආශිර්වාදාත්මක සහාය රාජ්‍ය නායකත්වයද මහත් ඉහළින් අගය කළහ. ගරු කළහ.

නිකායත්‍රයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිව් නම පසුගියදා අධිරාජ්‍ය වාදීන්ගෙන් මව්බිමත් රාජ්‍ය නායකයාත් ආරක්ෂා කර ගැනීමට කර තිබූ ප්‍රකාශය ඓතිහාසිකය. එය වෙසෙසින්ම මෙරට බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට හේතුවිය යුත්තකි.

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]