UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරේ

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී

අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 10 වන ගුණසමරු පූජෝත්සවය මෙවර ඓතිහාසික අනුරාධපුර පින්බිමේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අනුව මේ මස 14 – 15 යන දෙදින තුළ අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම පින්කම පැවැත්වේ.

ඉතිරිය»

ලොවෙහි උතුම් සරණ

බෞද්ධයන් ත්‍රිවිධ චෛත්‍යයන්ට වැඳුම් පිදුම් කරන්නේ තෙරුවන් කෙරෙහි සිතෙහි පවතින ශ්‍රද්ධාව වැඩි දියුණු කරගැනීම තුළින් ජීවිතය යහපත් මාවතකට යොමුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. භයක්, තැතිගැන්මක් ඇති වූ විට තෙරුවන් සිහිපත් කරගන්නැයි ධජග්ග සුත්‍රයෙහි දී බුදුරදුන් උපදෙස් දුන්නේ නොබියව සිටීමේ චිත්ත ධෛර්යයක් එමගින් උපදවා ගත හැකි බැවිනි. එය සත්‍යබලය පදනම් වූවකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බණ ඇහුවොත් නිවන කිට්ටුවෙනවා

ශාස්ත්‍රපති, විද්‍යාවිශාරද, රාජකීයපණ්ඩිත වේඬරුවේශ්‍රී අනෝමදස්සි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාය අනුනායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී පසුගිය නොවැම්බර් 26 වැනි දාට වසර 15 ක් සපිරිණි. උන්වහන්සේට උපහාර පිණිස, 1989 පෙබරවාරි 28 වැනි දාපළ වූ ලිපිය නැවත පළ කිරීමකි.

ඉතිරිය»

නැව්ගල කන්ද මුදුනේ වලිමිණිකන්ද රජ මහ වෙහෙර

මුහුදු මට්ටමේ සිට මීටර් එක්දහස් එකසීයක් පමණ උසින් පිහිටි නැව්ගල කඳුයාය මිහිදුම් සේලයෙන් වැසී තිබේ. එදෙසින් හමා එන සිසිල් වූ මදනල දැවටී ගත සිත ප්‍රබෝධවත් වේ. කුරුලු කොබෙයියන්ගේ හඬ පරයා නැව්ගල කඳුමුදුනින් ඇරඹෙන සිසිල් දිය පහරේ හෝ හඬ පහතින් ඇසෙයි. සමනල රෑන් මලින් මලට පියඹා යන අතර ගිරවුන් රංචුවක් ඈත අහසේ රටා මවමින් ඉගිලී යති. ඈතින් ඇසෙන රැහැයි හඬ අඳුර ගලා එන බැව් පවසන්නා සේ ය. මලහිරු බැස යන හැන්දෑවේ රාස්සිගේ අව්ව වැටී චෛත්‍යයේ කොත්කැරැල්ල රන්වන් පාටින් බැබලෙයි. අවට පරිසරය ද රත්පැහැ ගැන්වී තිබේ. සොබාදම් සිත්තම එතරම්ම චමත්කාරය. මනරම්ය. ගිරිකුළක් මත ඉදිවූ අහස්ගව්ව චෛත්‍යය නෙත පිනවන දර්ශණයකි. මෙම භූමියට පැමිණි පසු සිතට දැනෙන මානසික සුවය කියා නිමකර නොහැකි තරම්ය. සොබාදහමේ චමත්කාරය විඳගනිමින් ,ආගමික වතාවත් ඉටුකැර මානසික සුවයක් ලබාගත හැකි බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් වලිමිණිකන්ද පුරාණ රජමහා විහාරය හැඳින්විය හැකිය.

ඉතිරිය»

 

පඩුවස්නුවර රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]