උඳුවප් පුර අටවක 2013 දෙසැම්බර් 09 වන දා
දුර්මත දුරු වෙයි
ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික අසිරිමත් බුදුසිරිත
ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ගෞරවයෙන්, විශ්වාසයෙන් මෙන්ම
ශ්‍රද්ධාවෙන් මෙනෙහි කරමින් ලබනුයේ මහත් සැනසිල්ලකි.
ඒ අසිරිමත් බුදුසිරිත මෙනෙහි කරන මොහොතක් පාසා බෞද්ධයා ලබන
ආධ්‍යාත්මික සුවය නිසාම අපමණ සම්බුදු ගුණ සිහි කරමින් තම
තමන්ගේ ජීවිත සම්බුදු දහමට යොමු කර ගැනීමට දරනුයේ මහත්
උනන්දුවකි.
දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දී බෞද්ධයකු විසින් දැක
දහම් සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතරක් පිළිබඳව දැක්වේ. එනම්
සම්බුදු තෙමඟුල සිදු වූ ස්ථාන මෙන්ම බුදුරජාණන්වහන්සේ පළමු දම්
දෙසුම සිදු කළ ස්ථානයයි.
අපේ රටේ බෞද්ධ ජනතාව ඇතුළු ලොව බොහෝ රටවල බෞද්ධ ජනතාව එම
ඓතිහාසික සිද්ධස්ථාන සියැසින් දැක වැඳ පුදා ගැනීමට දඹදිව
වන්දනාව් නිරත වනු ලැබේ. සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ
ඓතිහාසික පූජා භූමිය නේපාලයේ ලුම්බිණි සල් උයන වේ.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානය හා උපන් කාල සීමාව
නිත්‍ය ලෙස තහවුරු කර ගැනීමට අදාළ සාක්‍ෂි සොයා ගැනීමට
එංගලන්තයේ ඩුරාහාම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනිං
හැම් මහතා ඇතුළු පුරාවිද්‍යාඥ කණ්ඩායමක් සමත් වී සිටිති.
සිදුහත් කුමරු උපත ලද ස්ථානයේ පිහිටි සල්ගස මැදි කර ඉදි කළ බව
කියැවෙන ලුම්බිණියේ ‘මායාදේවි’ විහාරය ආශි‍්‍රතව එම
පුරාවිද්‍යාඥ කණ්ඩායම මඟින් සිදුකළ පුරා විද්‍යාත්මක කැණීමකදී
සොයාගත් කරුණු එසේ තහවුරු කර ගැනීමට සමත් වී ඇත.
සිදුහත් කුමරුගේ උපත පිළිබඳ පැවැති මතවාද පුරා විද්‍යාඥයන්
කණ්ඩායම අදාළ සාක්‍ෂි සොයා ගැනීමත් සමඟ අවසන් වනු ඇති බව
ලුම්බිණියේ ගවේෂණය කළ පුරාවිද්‍යාඥයන් පිරිස පෙන්වා දෙති.
ලුම්බිණියේ මායාදේවි විහාරයෙන් ලොව පැරැණිම බෞද්ධ විහාරයේ
නටබුන් සොයා ගැනීමත් සමඟ ක්‍රිස්තු පූර්ව හයවන සියවස
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමය වන බව විද්‍යාත්මකව
තහවුරු වී ඇත.
මායාදේවි විහාරයේ කරන ලද කැණීම් වලදී සොයා ගන්නා ලද ගොඩනැඟිලි
ශේෂයන් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මෙම නව තොරතුරු තහවුරු වී
තිබේ.
සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානයේ පැවැති සල් ගස අලලා එම
විහාරය ඉදි කරන්නට ඇති බව පෙන්වා දෙති. සොයා ගත් විහාරයට වහලක්
නොමැතිවීමෙන් ඒ බව තහවුරු වන බවද පෙන්වා දෙති.
“මහාමායා දේවිය, කුමාරෝත්පත්තිය පිණිස කිඹුල්වත්පුර සිට තම
මව්පියන් වෙසෙන දෙවිදහ නුවර බලා යන ගමනේ දී ලුම්බිණි නමැති සල්
උයනට පැමිණි හෙයින් ඒ දවස වෙසක් පුර පසළොස්වක ය. ලුම්බිණි උයන
මලින් වැසුණු රුක් ලියෙන් දෙවි උයනක් සේ සිත්කළු විය. මායා
දේවි උයන දැක එහි යනු කැමැත්ත දැන්වූය. ඇමැතියෝ ද ඇය එහි
පැමිණවූහ. ඕ ද රන්සිව් ගෙයින් බැස ඇවිදින්නී මුල පටන් අග තෙක්
පිපුණු මලින් සැදුණු සල් රුක දැක එහි එළඹුනාය. එහිදී දරු උපතට
වේලාව පැමිණි බව ඇයට හැඟිණි.ඕ එපවත් ඇමැතියනට දැන්වූවා ය.
ඔවුහු වටතිර අදවා සේවිකාවන් රකවලට සිටුවා ඈතට වූහ. නොබෝ
වේලාවකින් බෝසත් කුමරා ඇය කුසින් බිහි විය” යනුවෙන් සිදුහත්
උපත පිළිබඳ බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වේ.
ලුම්බිණියේ පිහිටි ‘මායාදේවි විහාරය’ ආශි‍්‍රතව සිදු කළ
පුරාවිද්‍යාත්මක විශේෂ කැණීමකදී සිදුහත් උපත සිදු වූ ස්ථානය
පිළිබඳ විද්‍යාත්මක සාක්‍ෂි ලැබී තහවුරු වීමෙන් බෞද්ධ ඉතිහාසය
පිළිබඳ අවධානය යොමු වී සම්බුදු දහම කෙරෙහි විද්වතුන්ගේ අවධානය
තව තවත් යොමු විය හැකි යුගයක් උදාවේවා! |