UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අමාවක 2013 දෙසැම්බර් 02 වන දා

විදුලකර පින්බිම

කළ ගුණ සැලකීම ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වී ලොවට පළමුව ආදර්ශයෙන් පෙන්වා වදාළ සද් ක්‍රියාවක් වේ.

එදා පටන් බෞද්ධ ගිහි පැවිදි සමාජය ඒ උදාර ආදර්ශය අනුව යමින් කළ ගුණ අනුස්මරණය කිරීමේ චාරිත්‍රය වසර දෙදහස් ගණනක් පුරා සිදු කර ගෙන එනු ලැබේ.

ගෞතම මහ බෝසත්තුමන් ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්වන අසිරිමත් මොහොතේ සෙවණ සැලසූ බෝධින් වහන්සේ වෙත සතියක් පුරා අනිමිස ලෝචන පූජාවෙන් පුදනු ලැබුහ. ඒ කළ ගුණ මෙනෙහි කරමිනි. අසිරිමත් බුදු සිරිතෙහි කළ ගුණ සැලකීම පිළිබඳ අවස්ථා බොහෝය.

මෙරට ධර්ම ශාස්ත්‍රෝන්නතියෙහි මහා ප්‍රදීපස්ථම්භයක් වන් කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන අරඹා වසර 138 ක් සපිරිණි.

“විද්‍යාලංකාර” ආදි කර්තෘ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් එවකට අරඹන ලද ශාස්ත්‍ර ශාලාව මගින් මෙරට පමණක් නොව විදේශීය ශිෂ්‍යයන් පවා අධ්‍යාපනය ලද අධ්‍යාපන කේන්ද්‍රස්ථානයකි.

කැලණියේ වස් වසා වැඩ සිටින්නට කළ ඇරැයුම පිළිගත් උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙන ඇරැඹූහ.

විද්‍යාලංකාර සහ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන් මගින් ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් පෝෂණය වූ බොහෝ ප¼ඩිවරුන් මෙරට ගම්, නගර පුරා පිරිවෙන් ශාඛා, ප්‍රශාඛා බිහිකරන්නට වූහ.

වර්තමානයේ වැඩ සිටින බොහෝ සංඝ පීතෘන් වහන්සේලාගේ ජීවන චරිත දෙස සොයා බැලීමේදී උන්වහන්සේලා ඉහත සඳහන් පිරිවෙන් දෙකෙන් එක් පිරිවෙනක අධ්‍යාපනය ලැබූ බව දක්නට ලැබෙන ප්‍රකට කරුණකි.

බොහෝ ස්වාමීන් වහන්සේලා එම පිරිවෙන් මගින් අධ්‍යාපනය ලැබීම පවා මහත් ආශිර්වාදයක් සේ සලකනු ලබන්නේ සැබැවින්ම ඊට හිමිව තිබූූ කීර්තිමත් ඉතිහාසයද අගය කරමිනි.

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමිපාණන් වහන්සේගෙන් ඇරැඹුණු විද්‍යාලංකාර පරිවේණාධිපති නාමාවලිය රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමි, ලුනුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිමි, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි, නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නා හිමි, යුගයෙන් යුගය විදුලකර බැබළවූ සංඝ පීතෘන් වහන්සේ ලා වූහ.

විදුලකර සත්වන පරිවෙනාධිපතීන් වහන්සේ වත්මන් පරිවෙණාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙන රක්‍ෂණය හා පෝෂණය කරමින් සිය දිවියම විද්‍යාලංකාරයේ අභිවෘද්ධිය පතාම කැප කර ඇත.

දවසේ වැඩි කාලයක් ආගමික සාමාජික, ශාසනික හා ජාතික කටයුතු සඳහා වෙහෙස මහන්සි නොබලා දිවා රෑ දෙක්හි විවිධ ප්‍රදේශවලට වැඩම කරන අතර උන්වහන්සේගේ අධ්‍යාත්මික සුවය සඳහා මසකට වරක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් ගේ සෙවණ ලබමින් ආගමික වතාවත්වල නිරතවේ.

බොහෝ දෙනාගේ දුකෙහිදී පිහිට වන වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවෝ මහත් පරිත්‍යාගශීලි ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ උදාර අදහසකට අනුව දැනට වසර කීපයක සිට විද්‍යාලංකාර පිරිවෙන අරඹන ලද නොවැම්බර් 01 වනදා සිහිපත් කරමින් විද්‍යාලංකාර ගුරු ශිෂ්‍ය පිරිස සහ දායක සභාවේද අනුග්‍රහයෙන් විදුලකර ගොඩනඟන ලද ගිහි පැවිදි උතුමන් මහත් ගෞරවයෙන් අනුස්මරණය කරනු ලැබේ.

ඒ විදුලකර සිසු පිරිසට කළ ගුණ සැලකීම පිළිබඳ ආදර්ශයද නිහඬව කියා පාමිනි.

විදුලකරයෙන් දැනුම ලබා දිවිමග සරු කරගත් ගිහි පැවිදි සියලු දෙනා විදුලකර නාමය සදා මතකයේ රඳවමින් අනුස්මරණය කිරීමට සහායවීම යුතුකම හා වගකීම වේ.

“විද්‍යාලංකාර පින්බිම” රට දැය සමයට ආශිර්වාදයකි, ‘විද්‍යාලංකාර දින” ආදර්ශවත් පින්කම් මාලාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]