UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෘද්ධිපාද ධර්මයන් හොඳින් තේරුම් ගනිමු

සෘද්ධිපාද ධර්මයන් හොඳින් තේරුම් ගනිමු

පසුගිය ලිපිය හා සබැදේ

සතර ඍද්ධිපාද ධර්මයන් ගැන අප හොඳින් තේරුම් ගත්තොත් තමයි එතනින් එහාට පුරුදු කරන්ට පුළුවන් වෙන්නේ. අපි ඒ කාරණයත් ඉගෙන ගනිමු. එතකොට අපට මේ ධර්මය ගොඩාක් නිරවුල් වෙනවා. ඒ විදිහට නිරවුල් කර ගත්තට පස්සේ අපට පුළුවනි ඒ ධර්මය පුරුදු කර ගන්නා ආකාරය ඉගෙන ගන්ට.

සංයුක්ත නිකාය පස්වෙනි පොත් වහන්සේගේ තියෙනවා “බ්‍රාහ්මණ සූත්‍රය” කියල සූත්‍රයක්. ඒ දේශනාවේ මේ විදිහට තියෙනවා. ඒ කාලෙ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වැඩ වාසය කළ සේක. ‘උන්නාහ’ කියල බ්‍රාහ්මණයෙක් ආනන්ද ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්ට පැමිණියා. එසේ පැමිණිලා වන්දනා කරල සතුටු සාමිචීව කතා කරල පැත්තකින් වාඩිවෙලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා “පින්වත් ආනන්ද ස්වාමීන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ මේ බ්‍රහ්මචාරිව වාසය කරන්නේ කුමන අර්ථයකින් ද? ඇයි මේ බුදුරජාණන් වහන්සේ ළඟ බ්‍රහ්මචාරි ජීවිතය පුරුදු කරන්නෙ?” කියල. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා දෙනවා. “පින්වත් බ්‍රහ්මණය, ඡන්දය ප්‍රහාණය කර ගැනීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේ ළඟ බ්‍රහ්මචාරිය පුරුදු කරන්නේ කියල.

ඊට පස්සේ ඒ බ්‍රාහ්මණය අහනවා. “භවත් ආනන්දයනි, ඡන්දය ප්‍රහාණය කිරීම පිණිස මඟක් තියනවද? ප්‍රතිපදාවක් තියෙනවද? කියල. ඊට පස්සෙ ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනව. ‘පින්වත් බ්‍රාහ්මණය ඡන්දය ප්‍රහාණය කිරීම පිණිස මඟක් ප්‍රතිපදාවක් තියෙනවා “ කියල .ඊළඟට අහනවා “පින්වත් ආනන්ද ස්වාමින් වහන්ස,මේ ඡන්දය ප්‍රහාණය කිරීම පිණිස තිබෙන ම¼ඟ මොකක්ද? කොපමණකින් ඒ මඟ කෙරෙනවද, ඒ ප්‍රතිපදාව මොකක්ද? කියල ඒ බ්‍රාහ්මණය අහනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා “පින්වත් බ්‍රාහ්මණය, භික්ෂුව සතර ඍද්ධිපාද ප්‍රගුණ කිරීම තමයි ඒකට මඟ කියල. ඡන්දය ප්‍රහාණය කරන්න. ඡන්ද ඍද්ධිපාදය වැඩිය යුතුය. ඒ බ්‍රාහ්මණයා අහනවා හරි පුදුමයිනේ මේ ඡන්දය ප්‍රහාණය කරන්න. ඡන්ද ඍද්ධිපාදය වැඩිය යුතුය. ඒ බ්‍රාහ්මණයා අහනවා හරි පුදුමයිනේ මේ ඡන්දය කොහොමද ඡන්දයෙන් ප්‍රහාණය කරන්නේ , කැමැත්ත කොහොමද කැමැත්තෙන් ප්‍රහාණය කරන්නේ ? කියල. ඊට පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ බ්‍රාහ්මණයාගෙන් අහනවා. “පින්වත් බ්‍රාහ්මණය, ඔබ දැන් මේ ආරාමයට පැමිණියා. ඔබ මෙහි පැමිණෙන්ට යම් කැමැත්තක් තිබුණා. ඔබ මේ ආරාමයට පැමිණියාට පස්සේ ඒ කැමැත්ත සංසිදුණා නේද? කියල අහනවා. එතකොට එයා ඒක පිළිගන්නවා. අන්න ඒක තමයි ඡන්දයෙන් ඡන්දය ප්‍රහාණය වෙනවා කියන්නේ. ඊට පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ අසා සිටිනවා ඔබ මේ ආරාමයට එන්ට පෙර මේ ආරාමයට එන්න ඕනෑ කියල වීර්යක් තිබුණ නේද? ඔබට අන්න ඒ වීරිය ආරාමයට ආවට පස්සේ ප්‍රහාණය වුණා නේද? ප්‍රහාණය වුණා කියල ඒ බ්‍රාහ්මණය පිළිතුරු දෙනව. ඊළඟට ඔබ මේ ආරාමයට එන්ට කලින් ඒ සඳහා සිතක් තිබුණ නේද? ආවට පස්සේ ඒ සිත සංසිඳුණා . ඔබ මේ ආරාමයට පැමිණෙන්නට කළින් ආරාමයට පැමිණීමට යම් විමන්සාවක් තිබුණ නේද? සොයා බැලීමක් තිබුණ නේද? ආරාමයට පැමිණියාට පස්සේ ඒ සොයා බැලීම සංසිඳුණා නේද? කියල අහනවා. එතකොට බ්‍රාහ්මණයා ඒක ඇත්ත කියලා පිළිගන්නවා . ඊට පසසේ ආනන්ද ස්වාමින් වහන්සේ කියනවා, අන්න ඒ වගේ තමයි ඡන්දයෙන් ඡන්දය ප්‍රහාණය කරනවා කියන්නේ කියලා.

ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා දෙනවා “පින්වත් බ්‍රාහ්මණය, මේ ශාසනයේ යම් භික්ෂුවක් අරහත්වයට පත් වෙනවා. කොහොමද අරහත්වයට පත් වෙන්නේ ආශ්‍රව ක්ෂය කර ගන්නවා. භව සංයෝජන බිඳිනවා , පංච උපාදානස්කන්ධයේ බර බැහැර කරනවා..කෙලෙස් බර සම්පූර්ණයෙන් බැහැර කරනවා. එයා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් උපදවාගෙන අරහත්වයට පත් වෙනවා. ඒ විදිහට ඒ භික්ෂුව අරහත්වයට පත් වෙන කොට, කලින්, “මම අරහත්වයට පත් වෙන්ට ඕනෑ “ කියල යම් ඡන්දයක් තිබුණා නම්, අන්න ඒ ඡන්දය අරහත්වයට පත්වීමෙන් නිරුද්ධ වෙලා යනවා. ප්‍රහාණය වෙනවා, සංසිඳෙනවා . ඒ වගේම ඒ භික්ෂුව අරහත්වයට පත් වෙන්ට කලින් “අරහත්වයට පත් වෙන්න ඕනෑ “ කියල එයාගෙ වීරියක් තිබුණා නම් අරහත්වයට පත්වුණාට පස්සේ ඒ විරිය සංසිඳිල අවසානයි..අරහත්වයට පත් වෙන්ට කලින් අරහත්වයට පත් වෙන්ට ඕනැ කියල යම් සිතක් තිබුණ නම් අන්න ඒ සිත අරහත්වයට පත්වීමෙන් සංසිඳිල ඉවරයි. අරහත්වයට පත්වීම පිණිස යම් විමසීමක් තිබුණ නම් අරහත්වයට පත්වීමත් සමඟ ඒ විමංසාව විමසීම සංසිඳීල ඉවරයි කියල ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල දෙනවා. ඉන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය ආකාරයෙන් තමයි ඡන්දයෙන් ම ඡන්දය ප්‍රහාණය කරනවා කියන්නේ කියල.

මතු සම්බන්ධයි


සතර සෘද්ධිපාද ධර්මයන් තේරුම් ගනිමු

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]