UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

වත්තල, ඇවරිවත්ත පාරේ 201/09 නිවසේ පදිංචි නිමාලිකා ගයනි ප්‍රනාන්දු මිය (අවු. 41) ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළීම හේතුවෙන් වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. එබැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මාලිගාවත්ත වකුගඩු අංශභාර වෛද්‍යවරයා නිර්දේශ කර ඇත.

ඇයගේ දරුවන් දෙදෙනා තවමත් පාසල් අධ්‍යාපනය ලබයි. දියණිය 11 වසරේ ඉගෙනුම ලබන අතර ඇය ද කලාතුරකින් දක්නට ලැබෙන  ITP රෝගී තත්ත්වයට ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබන්නීය. පුතණුවන් 10 වසරේ ඉගෙනුම ලබන අතර ඔහුද මේ වන විට වකුගඩු රෝගී තත්ත්වයට ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ප්‍රතිකාර ලබයි.

ඇයට “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශයයි. බද්ධය සඳහා රුපියල් ලක්‍ෂ පහළොවකට අධික මුදලක් වැය වෙතැයි දන්වා ඇත. මේ වන විටත් දින තුනකට වරක් ඩයලසිස් කිරීම සඳහා ද අධික මුදලක් දැරීමට සිදුව ඇත. එබැවින් පින් කැමති ජනතාවගේ ආධාර උපකාර ලබා ගැනීමට අපේක්‍ෂා කරයි. ඇයගේ වකුගඩු බද්ධය වෙනුවෙන් වත්තල ලංකා බැංකු ශාඛාවේ අංක 74373841 දරන ගිණුම විවෘතව පවතින බැවින් මුදලින් කළ හැකි ආධාර එම ගිණුමට බැර කරන ලෙස ද ඉල්ලා සිටී. වැඩි විස්තර 0773757837 හා 011 2939370 යන අංකයන් වෙතින් විමසිය හැක.


දුම්රිය නිවාස කොතලාවල පුර පාර රත්මලාන බී/29/බී නිවසේ පදිංචි ජී. උදිත සිසිර කුමාර (අවුරුදු 30 ) යන අය වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ ශෛල වෛද්‍යවරු පවසති. ඔහුට බද්ධ කිරීමට “ඕ නෙගෙටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන අතර එයට පින් කැමති කවුරු හෝ සිටිත්නම් පහත දුරකතනයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක 077 6110315, 0779838542


 


හොරණ විල්මට් ඒ.පෙරේරා මාවතේ අංක 50 හි පදිංචි කේ.පී. ගාමිණි මහතා (අවු. 45) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය ඩී.ඒ. හේරත් මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා ඔබගේ ආධාර ගිණුම් අංකය 702632 ලංකා බැංකුව හොරණ ශාඛාව ගිණුමට බැර කළ හැකියි. දැනට වකුගඩු රෝගයෙන් පෙළෙන අංක 141 කුඹුක දකුණ ගෝනපල පදිංචි ඩබ්ලිව්.ඩී. චතුරංගනී නමැති අයට හැකි ඉක්මනින් “ඕ පොසිටිව්” (O+) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නසාර් මහතා නිර්දේශ කර ඇත. ඇයට අවශ්‍ය “ඕ පොසිටිව්”  (O+)  වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් පහත දුරකථන අංකවලට දන්වන ලෙස ඉල්ලා සිටියි.

එමෙන්ම මුදලින් ආධාර කිරීමට කැමැති අයකු වේ නම් හෝමාගම මහජන බැංකුවේ අංක 049 – 2 – 001 – 9 – 8394965 ගිණුමට බැරකළ හැකියි.


පිටකෝට්ටේ බැද්දගාන පාරේ අංක 28 දරන ලිපිනයේ පදිංචි 55 හැවිරිදි එක් දරු පියෙකු වන ඩබ්ලිව්.ඒ. නවසිරි මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර රජයේ රෝහලේ විශේෂඥ වෛද්‍ය සී.ඒ. හේරත් මහතා විසින් නිර්දේශ කර ඇත. මේ සඳහා “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශිලියෙකු වේ නම් ඒ බව ඉහත ලිපිනයට හෝ 071 8293531 දුරකථනයට දැනුම් දෙන මෙන් නවසිරි මහතා ඉල්ලා සිටියි.


කුරුණෑගල, මල්කදුවෙල හි පදිංචි සී. සිල්වා (අවු. 53) යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළයුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලින් වේ නම් 0772 399022 හෝ 071 6623602 දුරකථන අංකයෙන් විමසිය හැක.

 

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]