UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණියේ දුරුතු පින්කම් මාලාව

කැලණියේ දුරුතු පින්කම් මාලාව

ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පූජෝත්සව පින්කම් මාලාව මේ දිනවල පැවැත්වේ. දෙසැම්බර් මස 01 දින සිට 2014 ජනවාරි මස 07 දින දක්වා රාත්‍රි 8.00 ට ඇරඹෙන ධර්මදේශනා මාලාවේ දේශකයන් වහන්සේලා අනුපිළිවෙළින් මෙසේ ය.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නාලන්දේ විමලසිරි හිමි පණ්ඩිත උඩුනුවර ඉන්දරතන හිමි ආචාර්ය වැලිගෙපොළ සිලවංශ හිමි, පණ්ඩිත ලුණුගම්වෙහෙර නාරද හිමි, ශාස්ත්‍රවේදී කොරතොට වෙස්සභූ හිමි, ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල නාහිමි, පණ්ඩිත පානකාවේ පේමරතන හිමි, පණ්ඩිත නාවින්නේ සුගුණධම්ම හිමි, පණ්ඩිත පිටිගල ගුණරතන හිමි.

මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර හිමි, ත්‍රිකුණාමලේ ආනන්ද අනු නාහිමි, දර්ශනපති වැවගෙදර සිලක්ඛන්ද හිමි, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, පණ්ඩිත දිවියාගහ යසස්සී හිමි, ශාස්ත්‍රපති කොටියාගොඩ සීවලී හිමි, පණ්ඩිත කරපුටුගල රේවත හිමි.

ශාස්ත්‍රපති දැදිගම තිලකවංස හිමි ශාස්ත්‍රවේදී දළුගම සමිතඥාන හිමි, කථිකාචාර්ය නාඔටුන්නේ විමලඥාන හිමි ශාස්ත්‍රපති බලදොර ඉන්ද්‍රජෝති හිමි, ගෞරව ශාස්ත්‍රවේදී වැලමිටියාවේ සීලරතන නා හිමි,

පණ්ඩිත මඩවල ධම්මික ජිනවංශ හිමි, ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, අධ්‍යාපනවේදී නැදගමුවේ විජය මෛත්‍රි හිමි, පණ්ඩිත බණ්ඩාරවෙල සාරද නා හිමි, කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි,

පණ්ඩිත මාරපන විජිත හිමි, පණ්ඩිත බලබෝවේ විමලකිත්ති හිමි, ආචාර්ය දෙණියායේ පඤ්ඤාසේන, බුද්ධරක්‍ඛිත හිමි, පණ්ඩිත කොටපොළ අමරකිත්ති හිමි, පණ්ඩිත හබරකඩ ඉන්දරතන නා හිමි, දොඩම්ගොඩ අස්සජී නා හිමි. පණ්ඩිත කොස්වත්තේ අරියවිමල හිමි, මාවරලේ භද්දිය හිමි, ශාස්ත්‍රපති පුංචිහේනේගම සිරිනිවාස හිමි, ආචාර්ය මල්වානේ චන්දරතන හිමි, ශාස්ත්‍රපති විටියල කවිධජ හිමි, ජනවාරි මස 06 වන දා පණ්ඩිත රත්කැරැව්වේ පේමානන්ද හිමියන් සහ 07 වන දින උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්මදේශනාවලින් පසු දම් දෙසුම් නිමවේ.

තිස්පෑහතේ පරිත්‍රාණ ධර්මදේශනාව ඇරඹෙන්නේ ජනවාරි 08 දිනය.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]