UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ (කැලණිය විශ්වවිද්‍යාලය)2014 අධ්‍යයන වර්ෂය සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා වලට ලියාපදිංචි කිරීම පිණිස අයදුම්පත් කැඳවා ඇත.

ඉහත ආයතනය මඟින් පහත දැක්වෙන පශ්චාත් උපාධි පාඨමාලා සඳහා 2013 දෙසැම්බර් මස 31 වැනි දින තෙක් අයදුම්පත් භාරගනු ලැබේ. මෙම පාඨමාලා 2014 පෙබරවාරි මස ආරම්භවීමට නියමිත අතර සිංහල මාධ්‍යය (සෙනසුරාදා දිනවල) හා ඉංගී‍්‍රසි මාධ්‍යය (සතියේ දින සවස) යන මාධ්‍ය දෙකෙන්ම පැවැත්වේ.

01. බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (වර්ෂ එකයි) 02. බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති (එම්.ඒ) උපාධි පාඨමාලාව (වර්ෂ එකයි) 03. පාලි අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (වර්ෂ එකයි) 04. පාලි අධ්‍යයන ශාස්ත්‍රපති (එම්.ඒ) උපාධි පාඨමාලාව (වර්ෂ එකයි) 05. බෞද්ධායුර්වේද උපදේශන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (වසර එකයි) 06. බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත්‍රපති (එම්.ඒ) උපාධි පාඨමාලාව (වසර එකයි) පහත සඳහන් පර්යේෂණ උපාධි සඳහා කාල නියමයකින් තොරව ඉල්ලුම්පත් භාර ගනු ලැබේ. 07. බෞද්ධ අධ්‍යයන දර්ශනපති  (M. Phil) උපාධිය (වර්ෂ දෙකයි) 08. බෞද්ධ අධ්‍යයන දර්ශන විශාරද  (Ph.D) උපාධිය (වර්ෂ තුනයි)

අයදුම්පත් ආයතන කාර්යාලයෙන් ලබාගත හැකි අතර පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ ශාස්ත්‍රපති උපාධි පාඨමාලා අයදුම්පත් සඳහා රුපියල් 500.00 ක්ද දර්ශනපති හා දර්ශන විශාරද උපාධි පාඨමාලා සඳහා රුපියල් 1000.00 ක්ද අයකරනු ලැබේ. අයදුම්පත් තැපැල් මඟින් ලබාගන්නේ නම් පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය නමට ලියන ලද අයදුම්පතට අදාළ වටිනාකම් සහිත මුදල් ඇණවුමක් (ගෙවන කාර්යාලය - කොළඹ) හා ලිපිනය ලියූ මුද්දර කවරයක් සමඟ පහත දැක්වෙන ලිපිනයට යොමු කරන ලෙස මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ දන්වා සිටිති.

අධ්‍යක්‍ෂ, මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය (කැලණිය විශ්වවිද්‍යාලය) සුනේත්‍රා මහා දේවි පිරිවෙන් විද්‍යායතන පරිශ්‍රය, පැපිලියාන, බොරලැස්ගමුව. දුරකථනය – 0112 809321, 0113 051085, 0112 809322

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]