UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඩිගමුවේ පේමානන්ද නා හිමි

 කඩිගමුවේ පේමානන්ද නා හිමි

භික්ෂූන් වහන්සේ නමක් ජීවිත කාලයම කැප කරනුයේ ලෝ සසුන් සේවාවන් සඳහායි. එවන් ලෝ සසුන් සේවාවන්හි නිරත ව්‍යක්ත විශාරද බහුශ්‍රැත ධර්මධර විනයධර ධර්මානුධර්ම ප්‍රතිපන්න මහ තෙර නමකි. 2013.11.11 දින සිය දිවිමඟේ පන්සැට වියට පා තබන ලද බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරාධිපති නාලන්දා මහා පරිවේණාධ්‍යක්ෂ හාපිටිගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යය කඩිගමුවේ පේමානන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ගලපිටමඩ කඩිගමුවේදී උපත ලදහ.

මුදියන්සේ හා ඇලිස් නෝනා යන දම්පතීන්ට දාව උපත ලද මේ කුමරුවා පියසේන නම් විය. ගලපිටමඩ වළගම්බා මහ විදුහලින් ගිහි කල පාසල් අධ්‍යාපනය හැදෑරීය.

එවකට බෝතලේ ගෝඨාභය රජමහා විහාරාධිපතිව වැඩ සිටි අභිධම්මික කල්එළියේ ඤාණානන්ද නාහිමි, හාපිටිගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක අළුතැපොල පේමරතන මාහිමි, කරවිල කුඹුරේ සරණපාල යන මාහිමියන් වහන්සේලාගේ සිසුවෙකුව 1964.08.12 දින පේමානන්ද යන නමින් පැවිදි වූහ. සිය ගුරුදේවයන් වහන්සේලාගේ පා සෙවනේ හෙරණ බණ දහම් හදාරා පේමානන්ද හෙරණපාණෝ නාරම්මල ප්‍රවචනාලංකාර, මාළිගාකන්දේ විදේ‍යීදය යන මහ පිරිවෙන් මඟින් ප්‍රාථමික හා උසස් අධ්‍යාපනය හැදෑරීය.

සපිරි විසි වස් ඇති නා හිමියෝ ඉහත නාහිමිවරුන් ඇදුරු කොටගෙන 1969.06.22 දින මහනුවර අස්ගිරි මහා විහාර සීමා මාලකයේදි උපසම්පදා වූහ. තම ගුරුදේව අළුතැපොල නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ තමන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් 1982.11.05 දින නාලන්දා පිරිවෙන ආරම්භ කොට ප්‍රාචීන – ප්‍රතිචීන අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට අමිල මෙහෙවරක් සිදු කරනු ලැබේ. තව ද ගෝඨාභය දහම් පාසල, කීණදෙණියේ ඤාණානන්ද දහම් පාසල යන දහම් පාසල් මඟින් ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම වර්ධනය කිරීම ද විශාල මෙහෙයකි. 1987 බිනර පොහෝ දා බෝතලේ වාර්ෂික පෙරහර ආරම්භ කර හෙළ කලාව හා කලාකරුවා නඟා සිටුවීම සඳහා සිදු කරනුයේ ද විශාල සේවයකි.

සිය ගුරු දේවයන්ගේ ආශිර්වාද මත 1986 වසරේ මහවැලි සී කලාපයේ මාවනාගම බෝධිනන්දාරාම විහාරස්ථානය ආරම්භ කළහ.

තම ලෝ සසුන් සේවාවන් පුළුල්ව ඉදිරියට සිදු කිරීමට පොහෝනා ගුණ නැණ බෙලෙන් පිරිපුන් පැවිදි සිසු පඬිවරුන් රැසක්ම බිහිකිරීම නාහිමියන්ගේ අති උදාරම ලෝ සසුන් සේවාවයි. නාහිමියන්ගේ මෙම අති උදාර ලෝ සසුන් සේවාවන්ට උපහාර වශයෙන් 1993.02. 12 දින හාපිටිගම් කෝරලේ ප්‍රධාන සංඝනායක පදවියෙන් හා 2009. 06. 26 දී මහෝපාධ්‍යාය ධුරයෙන් අස්ගිරි මහා විහාරීය මහානායක මාහිමියන් ප්‍රධාන කාරක මහා සංඝ සභාව මඟින් හිමිපාණන් වහන්සේට පිරිනමන ලදී. තව තවත් ලෝ සසුන් සේවාවන් සිදු කිරීමට නාහිමියන් වහන්සේට තෙරුවන් බලෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]