UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාවාරමට ඉඩ නොදීගවයින් මරණින් මුදා ගනිමු

ජාවාරමට ඉඩ නොදීගවයින් මරණින් මුදා ගනිමු

මෙරට වාසී සැදැහැවත් ජනතාව අනාදිමත් කාලයක සිට මිනිස් වර්ගයාට මෙන්ම සියලු සතුනටද කරුණාව මෛත්‍රිය දක්වන ජාතියකි. මේ මිහිතලය මිනිසාට පමණක් නොව සියලු සත්වයින්ටද තුරුලතා වෘක්‍ෂ ආදියට හිමි ස්ථානයක් බව පිළිගත්හ. මේවායේ පැවැත්ම මිනිසාගේ පැවැත්මටද අත්‍යවශ්‍ය බව තේරුම් ගෙන සිටියහ.

විදේශිකයින්ගේ ආක්‍රමණයන්ගෙන් අනතුරුව මෙරට ජනයාගේ ඇවතුම් පැවතුම් ජීවන ක්‍රම, සිතුම් පැතුම් ආකල්ප ආදිය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වූහ.

අවසන් වරට ඉංගී‍්‍රසි අධිරාජ්‍යයින්ගෙන් නිදහස ලබන අවධිය වන විට දැහැමි සමාජය කැඩී බිඳී ගොස් ඒ ගැන කතා කිරීමට හෝ ඉතිරිවූයේ සුළු පිරිසකි. අවංකවම සත්ත්ව කරුණාව, දයානුකම්පාවෙන් සමාජ පිළිගැනීම් අනුව සත්ත්ව ජීවිතයක් මරණින් මුදවීම ආදී කරුණු සලකා ගවයින් ඇතුළු සතුන් විශාල මුදල් ප්‍රමාණයන් ජාවාරම් කරුවන්ට දී ලබා ගනිති. මෙම සතුන් එම මුදල් වැයකරන අය විසින් රැක බලා නොගෙන වෙනත් අය වෙත පවරා දෙති. මේ කාර්යයට ප්‍රචාරයන් ද ලබාදෙති. තවද මේ වෙනුවෙන් තැරැව්කරුවන්ද බිහිවී වර්තමානයේ විශාල වශයෙන් මුදල් සංසරණය වන කූට ජාවාරමක් නිර්මාණය වී ඇත.

මෙම ජාවාරමට ගොදුරු වී ඇති ප්‍රධානම සත්ත්වයා ගවයාය. මේ අතරින්ද 99% ක්ම ජාවාරම්කරුවන්ට මුදල් දී ලබාගන්නේ ගව ගැහැණු සතුන්ය. ගර්භණී ගවදෙනුන් සහ කිරිදෙනුන්, ඝාතනය කිරීම තහනම් ය. සත්ත්ව පනතේ (ඡේද අංක 570 ) අංක 29 – 1958, අංක 20 –1964 අංක 10 – 1968 සහ අංක  I, II,III,IV ~ƒ VI යන කොටස් 1962 අගෝස්තු 20 යන සංශෝධන මගින්ද මෙම නීති පනවා ඇත. එසේ වුවද එකල එම තහනම් කර ඇති වැරදි සඳහා පනවා තිබූ දඬුවම් ඉතා සුළු ඒවාය. උදාහරණ වශයෙන් මුදලින් එම දඬුවම් රුපියල් 20, රුපියල් පනහ, රුපියල් සියය, රුපියල් දෙසිය පනහ ආදී සුළු දඩමුදල් වශයෙනි.

එසේ වුවද මේ වන විට මෙම දඩමුදල් හා සිරදඩුවම් වැඩිකර ඇත. වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ රජය විසින් පනත් සංශෝධන ගැසට් නිවේදන මගින් අදාල වැරදි සඳහා දඬුවම් රුපියල් පනස්දාහ දක්වාද සිරදඬුවම් වසර තුන දක්වාද වැඩිකර තිබේ.

තත්වය මෙසේ පවතිද්දී එක් ගව පැටවකු වෙනුවෙන් රුපියල් හතලිස් ඟහ (රු. 40,000/-) පනස්දාහ වැනි (රු. 50000/-) අධික මුදල් ගෙවා ලබාගෙන රැක බලා ගැනීමට වෙනත් අයට පැවරීම අවශ්‍ය නොවේ. මෙම සතුන් නැවතද මෙම ජාවාරම්කරුවන්ටම පැමිණීමේ අවස්ථා ඇතිවේ.

මෙම සතුන් ඝාතනයට තබාගෙන සිටී නම් මෙම නීති විරෝධී ක්‍රියාව පොලිසියට පැමිණිලි කළහොත් එම සතුන් නීති මගින් නිදහස් කර ගත හැක. මුදල් වැය කිරීම අවශ්‍ය නොවේ.

සත්ත්ව අවිහිංසා සමිති සංවිධාන හා පුද්ගලයින්ගේ ඉදිරිපත්වීම මගින් එසේ ඝාතනයට තබා ඇති සතුන්ද නීති විරෝධී ප්‍රවාහනය කරන සතුන්ද පොලිස් භාරයට ගෙන නීති මගින් එම සතුන් නිදහස් කර සත්ත්ව සුබසාධන රැඳවුම් වලට භාර දී ඇත. නඩු ගණනාවක් විසඳෙමින් පවතී. එම නිසා ඝාතනයට තබා ඇතැයි මහජනයා මුලාකර ඉතා සුළුමුදලක් වටිනා සතුන් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා ලබා ගැනීමට යොදන මුදල් මෙම කූට ජාවාරමේ ප්‍රවර්ධනයට වැය නොකර නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඒ සඳහා සොයා බලා සතුන් මරණින් මුදා ගත හැක.

අදාල අංශ විසින් මෙම අතිරික්ත ගව ගොවීන්ගෙන් සතුන් ලබාගෙන කිරි ගවයෙක් ඇති කිරීමට පහසුකම් ඇති නාගරික අර්ධ නාගරික හෝ ග්‍රාමීය ප්‍රදේශ වල ජනයාට නොමිලේ හෝ පහසු මිලකට හෝ ලබාදී ගුණාත්මක කමින් උසස් දේශීය ගවයාගේ කිරි ජනතාවට ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු ව ඇත.

එසේම ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුවේ. එය කළ හැක. ගව මස් කෑමට අවශ්‍ය අයට ගව මස් ආනයනය කර ලබා දිය හැක. ජාතියේම කිරිමව් වූ සංවර්ධන කෘෂිකාර්මික කාර්යයට මනා ආයෝජනයක් වූ මෙම අහිංසක සතාගෙන් ලබාගත හැකි සියලු ප්‍රයෝජන ජනයාට හා රටට ලබා ගැනීමට අප සැම ක්‍රියා කළ යුතුය.මේ වෙනුවෙන් සියලු දෙනාගේ අවධානය යොමුවේවායි පතමු.

අවධාරණය සඳහා පනතේ අවශ්‍ය කොටස් මෙසේ සටහන් තබමු.

2008 අංක 13 දරන ගෝඝාතක (සංශෝධන) පනත

(සහතිකය සටහන් කළේ 2008 පෙබරවාරි මස 29 වන දින)

ගෝඝාතක ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-

1.(බලපත්‍රලාභී ගෝඝාතකයකු නොවන) කිසිදු පුද්ගලයකු විසින් නිසි අධිකාරියකින් ලබාගත් බලපත්‍රයක් නොමැතිව කිසිදු ගවයකු ඝාතනය කිරීම නීත්‍යානූකූල නොවන්නේය”.

එසේ වුවද අධිකාරියකින් ලබාගත් බලපත්‍රයක් ඇතිව හෝ නැතිව ගර්භනී ගව දෙනුන් හෝ කිරි දෙනුන් ඝාතනය නොකළ යුතුය”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තිය පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ.

“(2) 18 වන වගන්තියේ (1) වන උප වගන්තියෙහි ප්‍රතිපාදන වලට පටහැනිව ගර්භනී ගව දෙනුන් හෝ කිරි දෙනුන් ඝාතනය කරනු ලබන ඕනෑම පුද්ගලයකු වරදකට

“වරදකරු වන අතර, රුපියල් පනස් දහසක දඩයකට සහ වසර තුනකට නොවැඩි දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට යටත් විය යුතුය”.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]