ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම
හෝමාගම ගලවිලවත්තේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම ඔක්තෝබර්
මස 16 සිට 20 දක්වා මධ්‍යස්ථානාධිපති, පන්නිපිටිය විද්‍යාලංකාර මහ
පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක
ශාස්ත්‍රපති, කම්මට්ඨානාචාර්ය, රත්මලානේ සුජාත නාහිමියන්ගේ අනුශාසනා
පරිදි පින්කම් සංවිධාන කමිටුවේ මෙහෙයවීමෙන් සහ ප්‍රදේශවාසීන්ගේ
දායකත්වයෙන් සිදු කෙරේ.
ඉතිරිය»
කුඩාම කාලයේදීත් මගේ අදහස තිබුණේ පැවිදි වන්නයි
අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමියෝ පවසති
සියක් ආයු විඳි යතිවර උදානය
මා පුංචි කාලයේ දී අපේ අම්මගේ කම්බායක්, සිවුරක් විදියට පොරවාගෙන
බණ කියන විදියට අම්මා ඉදිරිපිට බණ කිව්වා. කුඩා කාලයේ දී සෙල්ලම් නොකළා
නොවෙයි.
නමුත් සෙල්ලමක් හැටියටත් කළේත් පින්කමක්, ශිලාචාර විදියට අප හැදුණ කුඩා
කාලයේ දී
බලු කපුටු දාන දෙනවා. පහන් පින්කම් කරනවා
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැම සත වෙත මෙත් සිත
පතුරවමු
මෛත්‍රී භාවනාව සමථ භාවනාවකි. තුන්වැනි ධ්‍යානය දක්වා මෙම
භාවනාව තුළින් පැමිණිය හැකිය. එසේ වුව ද එය නිවන් අවබෝධයට තරම් නොවේ.
එබැවින් මෙම මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවා ගත යුතු ය. මෙත්තා භාවනාව
තුළින් හොඳින් තමන් තුළ සමාධිය වැඩුණ පසු එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
ත්‍රිලක්‍ෂණයට යොමු කළ යුතු ය.
ඉතිරිය»
ආදරණීය පඬුවස් නුවර
රාජ්‍යත්වයේ සහ ආගමික සුසංයෝගයේ නුවරයි
‘පඬුවස්නුවර’
නමින් වර්තමානයේ හඳුන්වන ඓතිහාසික පුරවරය පුරාවිද්‍යාඥයන් විසින්
හඳුනාගෙන ඇත්තේ ‘පරාක්‍රමපුරය’ නමිනි.
එහෙත් බහුතර ජනතාවගේ විශ්වාසය වන්නේ පඬුවස්නුවර පඬුවස්දෙව් රජතුමා
විසින් ගොඩනංවන ලද ඓතිහාසික පුරවරය බවත් අපගේ වංශ කතාව විචිත්‍රවත් කළ
උන්මාද චිත්‍රා කුමරිය සිරකර තැබූ එක්ටැම් ගෙය පිහිටියේ ද මෙපුරවරය තුළ
බවත් ය.
ඉතිරිය»
|