ඉපලෝගම, මච්චාගම
ඉසිපතන චිත්තසමාධි යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණ ධම්ම හිමි
මෛත්‍රී භාවනාව සමථ භාවනාවකි. තුන්වැනි ධ්‍යානය දක්වා මෙම
භාවනාව තුළින් පැමිණිය හැකිය. එසේ වුව ද එය නිවන් අවබෝධයට තරම් නොවේ.
එබැවින් මෙම මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවා ගත යුතු ය. මෙත්තා භාවනාව
තුළින් හොඳින් තමන් තුළ සමාධිය වැඩුණ පසු එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
ත්‍රිලක්‍ෂණයට යොමු කළ යුතු ය.
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
කාරුණික පින්වතුනි,
මෛත්‍රී භාවනාව යනු අප හැම දෙනාටම ඉතාමත් හුරු පුරුදු භාවනාවකි. එහි
මූලික කර්මස්ථානය තමාටම මෛත්‍රි කරගැනීමයි.
අහං අවෙරො හොමි,අබ්‍යාපජ්ජො හොමි, අනිඝො හොමි, සුකී අත්තානං පරිහරාමි.
මම වෛර නොවෙමි, තරහ නොවෙමි, නිදුක් වෙමි, සුවපත් වෙමි, යනු එහි සරල
අදහසයි. මෙම මෛත්‍රී කර්මස්ථානය අපි සියලු සතුන් වෙත පතුරවන්නෙමු.
මවුපියන්, ගුරුවරුන්, හිතවතුන්, අහිතවතුන් ඇතුළු සියලු සතුන් වෙත
පතුරවමු.
අහංවිය මයිහං ආචරි උපජ්ඣායා, මාතාපිතරො, හිත සත්තා ,මජ්ඣාත්තික සත්තා,
වෛරී සත්තා අවේරා හොන්තු, අබ්‍යාපජ්ජා හොන්තු, අනිඝා හොන්තු , සුකී
අත්තානං පරිහරන්තු, දුක්ඛා මුච්චන්තු, යථාලද්ධ සම්පත්තිනො මා
විගච්ඡන්තු, කම්මස්සකා.
මා මෙන්ම මාගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේද මවුපියෝ ද, හිතවත් සත්වයෝද,
මැදහත් සත්වයෝද, වෛරී සත්වයෝද, වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක්
වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, ලද සැපතින්
නොපිරිහෙත්වා, කර්මය ස්වකීය කොට ඇත්තාහ.
අනතුරුව, පෙනෙන, නොපෙනෙන, සතුන්ට මෛත්‍රී කරමු.
ඉමස්මිං විහාරෙ, ඉමස්මිං ගෝචරගාමෙ, ඉමස්මිං නගරෙ, ඉමස්මිං ලංකාදීපෙ,
ඉමස්මිං ජම්බුදීපෙ, ඉමස්මිං චක්කවාලෙ, ඉස්සරජනා, සීමට්ඨකදෙවතා, සබ්බෙ
සත්තා අවෙරා හොන්තු, අබ්‍යාපජ්ඣා හොන්තු, අනිඝා හොන්තු, සුකි අත්තානං
පරිහරන්තු, දුක්ඛා මුච්චන්තු, යථා ලද්ධ සම්පත්තිනො , මා විගච්ඡන්තු
කම්මස්සකා.
මේ විහාරයේද, මේ ගොදුරු ගමෙහිද ,මේ නුවරෙහිද මේ ලක්දිවෙහිද,මේ
දඹදිව්හිද,මේ සක්වළහිද , ඉසුරු ජනයෝද, සීමස්ථක දෙවියෝද, සියලු සත්වයෝද
වෛරී නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත්
වෙත්වා, දුකින් මිදෙත්වා, ලද සැපතින් නොපිරිහෙත්වා, කර්මය ස්වකීය කොට
ඇත්තාහ.
දස දිසාවෙහි සත්වයින්ට නැවත මෛත්‍රි කරමු.
පූරත්ථිමාය දිසාය, දක්ඛිණාය දිසාය, පච්ඡිමාය දිසාය, උත්තරාය දිසාය,
පූරත්ථිමාය අනුදිසාය, දක්ඛිනාය අනු දිසාය, පච්ඡිමාය අනුදිසාය, උත්තරාය
අනුදිසාය, හෙට්ඨිමාය දිසාය, උපරිමාය දිසාය, සබ්බ සත්තා, සබ්බෙ පාණා,
සබ්බෙ භූතා, සබ්බෙ පුග්ගලා, සබ්බෙ අත්තභාව පරියාපන්නා , සබ්බා ඉත්ථියෝ,
සබ්බෙ පුරිසා, සබ්බෙ අරියා, සබ්බෙ අනරියා, සබ්බෙ දේවා, සබ්බෙ මනුස්සා,
සබ්බෙ විනිපාතිකා, අවෙරාහොන්තු, අබ්‍යාපජ්ඣා හොන්තු ,අනිඝා හොන්තු,
සුකී අත්තානං පරිහරන්තු, දුක්ඛා මුච්චන්තු, යථාලද්ධ සම්පත්තිනො මා
විගච්ඡන්තු කම්මස්සකා.
නැඟෙනහිර දිසාවෙහිද, දකුණු දිසාවෙහිද, බටහිර දිසාවෙහිද, උතුර දිසාවෙහිද
නැඟෙනහිර අනුදිසාවෙහිද දකුණු අනුදිසාවෙහිද, බටහිර අනු දිසාවෙහිද උතුර
අනු දිසාවෙහිද යට දිසාවෙහිද උඩ දිසාවෙහිද සියලු සත්වයෝද සියලු
ප්‍රාණීහුද සියලු භූතයෝද සියලු පුද්ගලයෝද සියලු ආත්මභාව ඇත්තෝද සියලු
ස්ත්‍රිහුද සියලු පුරුෂයෝද සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද සියලු
දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු අපායික සත්වයෝද, වෛර නොවෙත්වා, තරහ
නොවෙත්වා, නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙත්වා,
දුකින්මිදෙත්වා, ලද සැපතින් නොපිරිහෙත්වා, කර්මය ස්වකීය කොට ඇත්තාහ.
මේ ආකාරයෙන් මෙත් වැඩීම බොහෝ අනුසස්දායකයි. මෛත්‍රී භාවනාව තුළින්
ලැබෙන ආනිශංස එකොළහක් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයෙන් දේශනා
කළ සේක.
1. සුඛං සුපති – සුවසේ නිදයි
2. සුඛං පටිබුජ්ඣති – සුවසේ පුබුදී
3. නපාපකං සුපිනං පස්සති –පවිටු සිහින නොපෙනේ
4. මනුස්සානං පියො හොති – මිනිසුන්ට පි‍්‍රය වේ
5. අමනුස්සානං පියො හොති – අමනුෂ්‍යයන්ට පි‍්‍රය වේ
6. දේවතා රක්ඛන්ති - දෙවියෝ ආරක්ෂා කෙරෙත්
7. නාස්ස අග්ගිවා විසංවා සත්ථංවා කමති - ගිනි, විෂ, ආයුධ ආදියෙන් පීඩා
නොපැමිණේ.
8. තුවටං චිත්තං සමාධියති – වහා සිත සමාධිගත වේ
9. මුඛවණ්ණො විප්පසීදති – මුහුණ පැහැපත් වේ
10. අසම්මූළ්හො කාළං කරොති – නුමුළාව කලුරිය කෙරේ
11. උත්තරිං අප්පටි විජ්ඣන්තො බ්‍රහ්මලොකුපගො හොති – මාර්ගඵල අවබෝධ
නොවෙතොත් බ්‍රහ්ම ලෝකයේ උපදී
මෙම මෙත්තානිසංස සූත්‍රයේ ආනිශංස එකොළහෙන් දහයක්ම මෙලොව අභිවෘද්ධිය
සඳහාය. පරලොව සඳහා ඇත්තේ බ්‍රහ්මලෝක උප්පත්තියයි. තමන්ගෙන් ආරම්භකර
සියලු සතුන් වෙත මෙත්සිත පැතිරවීම තුළින් ඊර්ෂ්‍යා මාන,ක්‍රෝධ, කෙලෙස්
දුරුවී සිත තුළ මෛත්‍රිය ඇතිවේ. එයින් මෙත් සිත වැඩී මෙලොව ආනිශංස දහය
ලැබේ.
මෙම මෛත්‍රී භාවනාව සමථ භාවනාවකි. තුන්වැනි ධ්‍යානය දක්වා මෙම භාවනාව
තුළින් පැමිණිය හැකිය. එසේ වුවද එය නිවන් අවබෝධයට තරම් නොවේ. එබැවින්
මෙම මෛත්‍රි භාවනාව විදර්ශනාවට හරවා ගත යුතුය.ඇතිවී පැවැතී නැතිවී
පොළොවට පස්වන මෙම කුණුකයට මෛතී‍්‍ර කිරීමෙන් තව තවත් තමන් තුළ
සක්කායදිට්ඨිය ඇතිවීම වළක්වා, සක්කාය දිට්ඨිය ඇති නොවන පරිදි නිවන්
අවබෝධයට ඒකායන මාර්ගය ඇතිවන පරිදි භාවනා කළ යුතුය.
සසරේ ඇවිදීම බුදුරජාණන් වහන්සේ කිසිවිට අනුමත කරන්නේ නැත. බුදුරජාණන්
වහන්සේගේ නිර්මල ධර්මය ඇත්තේ නිවන අරමුණු කරගෙනය. එසේ නම් අප කළ යුත්තේ
මෙම මෛත්‍රි‍්‍ර භාවනාව විදර්ශනා භාවනාවට යොමුකර ගැනීමය. මෛත්‍රි‍්‍ර
භාවනාව තුළින් හොඳින් තමන් තුළ සමාධිය වැඩුණ පසු එය අනිත්‍ය, දුක්ඛ,
අනාත්ම ත්‍රිලක්‍ෂණයට යොමු කළ යුතුය. දෙතිස් කුණපයෙන් නිර්මාණය වී ඇති
මෙම මස්ගොඩට ‘මම’ යන්න ආදේශ කරතත් මෙහි ‘මම’ කියා කියන්නට දෙයක් නැත.
කුණුවී පොළොවට පස්වන මෙම කුණු ශරීරය ‘නිදුක්වේවා’ යනුවෙන් සිතු පමණින්
මෙහි දුක නැතිකරගත නොහැකිය. ජාති, ජරා, ව්‍යාධි, මරණ,ශෝක, පරිදේව,
දුක්ඛ දෝමනස්ස උපායාස මෙම ශරීරයේ දුක ඇතිකරයි.මේ ශරීරය ස්ථීර වශයෙන්
නිරෝගි කිරීමට හෝ සුවපත් කිරීමට නොහැකිය.මෙම ලෙඩ හැදෙන දිරන මැරෙන කයේ
ඇතිවන වේදනාව සුවවේවා යනුවෙන් සිතීම පමණක් සසර දුකින් අත්මිදීමේ මාර්ගය
නොවේ.
‘මම’ කියා කෙනෙකු නැති බැවින් ‘මම’ කියන මායාව තේරුම් ගත යුතුය. එසේනම්
‘නිදුක්වෙම්වා’ යැයි සිතනවිට ‘මම’ යන බොරුවෙන් ඉවත්වන්න ලැබේවා යනුවෙන්
සිතිය යුතුය. ‘නිරෝගි වෙම්වා’ යනුවෙන් සිතනවිට මෙම සංසාර රෝගයෙන්
අත්මිදෙන්න ලැබේවා යනුවෙන් සිතිය යුතුය. ‘ සුවපත්වෙම්වා’ යනුවෙන්
සිතනවිට තෙරුවන්ගේ සූවිසිගුණයම මාගේ සිත තුළ තැන්පත්වේවා, බුදු මඟම මට
යන්න ලැබේවා, සංසාර රෝගය සුවපත් වීමට නිර්වාණ අවබෝධය ලැබේවා යනුවෙන්
සිතා තම සිත නිදුක් නිරෝගී සුවපත්භාවයට පත්කර ගැනීමෙන්ද අන්‍යයන්ගේ
සිත්ද, නිදුක් නිරෝගී සුවපත් වේවා යනුවෙන් සිතීමෙන්ද මෙම මෛත්‍රි
භාවනාව විදර්ශනාවට හැරවීමේ මූලික පසුබිම සකසා ගත හැකිය.
තවදුරටත් විදසුන් වැඩීමෙන් පංචස්කන්ධයෙහි ත්‍රිලක්‍ෂණය මෙනෙහි කිරීමෙන්
නිවනෙහි දොරටු විවර වේ. දිරන,පොළොවට පස්වන දෙතිස් කුණපයට ‘මම’ යන මායාව
ආදේශ කිරීම නිසා පත් වී ඇති මුළාවෙන් අත්මිදේවා!
තෙරුවන් සරණයි!
|