UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක 2013 ඔක්තෝබර් 11 වන දා

සමාජ සේවය

හ මඟ යන එන විට ඒ මඟ හරහා වැටී ඇති ඇතැම් විට දිරා ගිය දර කැබැල්ලක් හෝ වෙනත් කොළ අත්තක් හෝ වෙනත් අපද්‍රව්‍යයක් වේවා එවැන්නක් දැක නොදැක්කා මෙන් ගමන් කිරීම උසස් සිරිතක් නොවේ.

පාරේ යන එන විට ඒ මාවත තුළට වැටී ඇති වීදුරු කැබැල්ලක් හෝ වෙනත් ද්‍රව්‍යයක් වේවා එය දුටු හැටියේ දුටු කෙනා එය ඉවත් කිරීම අප සමාජය තුළ පැවැත එන මහඟු සද්ක්‍රියාවකි.

එවැනි යමක් මහ මඟ වේවා,ජනතාව ගැවසෙන වෙනත් පොදු ස්ථානයක වේවා දුටු සැනින් ඉන් ඉවත් කිරීමෙන් තවත් අයකු වෙත සිදුවීමට යන උවදුරකින් විපතකින් ඒ තැනැත්තා මුදා ගැනීමට දරන කාරුණික වූ උත්සාහයකි.

මාර්ගයක ගමන් ගන්නා පිරිස සිය දහස්, දස ගණන් විය හැකිය. එසේ ගමන් ගන්නා අයකු වෙත අඹ හෝ කෙසෙල් ලෙලි කැබැල්ලක් පෑගීමෙන් පය ලිස්සා ගොස් ඇතැම් වට නොසිතූ අනතුරකට මුහුණ දීමට සිදු විය හැකිය.

අතීත වැසියා උදාර සිරිතක් ලෙස පුරුදු වී සිටියේ මාර්ගයේ යන එන කිසිවකුට කිසිවකින් කරදරයකට මුහුණ පෑමට ඉඩ නොහැරීමය.

ඇතැම් විට පය හැපෙනා කළු ගලක් වේවා, වෙනත් හිස් බඳුනක් වේවා කවරක් දුටුවිට වුවද එවැන්නකින් සිදු විය හැකි අයහපත පිළිබඳව කල්පනා කර මාර්ගයෙන් එය ඉවතට දැමිය යුතුය.

එසේ ඉතා සුළුවෙන් කුඩා කාලයේදී පටන් ගන්නා යහපත් සිරිත් පුද්ගලයා වැඩෙත් වැඩෙත්ම එවන් යහ ගුණද පුද්ගලයා තුළ වර්ධනය වීමෙන් එයම සමාජ යහපතට ඉවහල් වේ.

ඇතැම් විට බස් රථයක දුම්රියක ගමන් ගන්නා අවස්ථාවක වියපත් තැනැත්තකු ඉතා අපහසුවෙන් ඒ තුළ ගමන් කළත් ළඟම සිටින තැනැත්තා නොදැක්කා මෙන් ඉවත බලයි. නැතහොත් දෑස් පියා ගනී. එහෙත් වියපත් තැනැත්තා දකින තවත් අයකු තමාගේ අසුන පිදීමට තරම් කාරුණික වේ. පරිත්‍යාගශීලිි වේ.

එසේ ඉතා සුළුවෙන් පටන් ගන්නා යහගුණ තම ජීවිතයට එකතු කර ගැනීමෙන් තමාත් නොදැනුවත්වම සමාජයේ අවංක සේවකයකු බවට පත්වනු ඇත. එමෙන්ම එසේ යහගුණයෙහි යෙදෙන්නා ගේ් ජීවිතයද සාර්ථක වෙයි.

ජනතාව සේවාවක් ලබා ගැනීමේ දී යම් පොදු ස්ථානයකට ගිය විට තමාට හිමි අවස්ථාව පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටීම සමාජ සම්මතය වේ. එහෙත් ඇතැමෙක් කිසිවක් නොදන්නා අයකු මෙන් එම සමාජ සම්මතයට පවා ගරු නොකිරීමෙන් පැය ගණන් ගෙවා එහි රැඳී සිටි අයටත් පෙර ස්වකීය අවශ්‍යතාවය ඉටුකර ගැනීමට පෙළඹෙන අවස්ථාද නැතුවා නොවේ.

රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනුයේ රෝගියෙකුම වේ. එහෙත් ඇතැම් විට හදිසියේ ම ක්‍ෂණිකව ප්‍රතිකාර අවශ්‍ය රෝගියකු පැමිණියහොත් ඊට ප්‍රමුඛතාවය ලබාදීමද යුතුකම වේ.ඇතැම් විට කුඩා දරුවකු ගර්භනී මවක හෝ වියපත් තැනැත්තකු ආදි අයකු වෙතොත් ඊට විශේෂ අවධානය යොමු කර අප්‍රමාදීව වෛද්‍යවරයා වෙත යොමුවීමට අවස්ථාව සලසා දෙන අවස්ථාද සමාජයේ නැතුවා නොවේ. ඒ අප සමාජයේ පවත්නා එකිනෙකාට සැලකීම, ගෞරව කිරීම ආදී සමාජ සම්මතයන් ගරු කරන සමාජයක් බැවිනි.

එබඳු යහපත් සමාජ සම්මතයන් හැම විට ගරු කරමින් ආරක්‍ෂා කිරීම වගකීම හා යුතුකම වේ. එසේ නොවුවහොත් සමාජයේ ගුණ දහම් වියැකී ගොස් මිනිස්කමෙහි ඇති අගය පවා ගෙවී ගොස් යනු ඇත.

හැම විට අනුන්ගේ දුක දැකීමත්, ඒ දුකට හැකි පමණින් පිහිටවීමත් සමාජයට සිදුකරන මහඟු උපකාරයක් වනු ඇත.

සමාජයේ යහගුණ ආරක්‍ෂා කරමින්, සමාජ සම්මතයන්ටද ගරු කරමින් ජීවත්වීම මෙන්ම බාල පරපුරද එවන් ගුණ දහම් වෙත යොමු කරවීම වැඩිහිටියන්ගේද වගකීම වේ.

සිය ජීවිතාභිවෘද්ධිය අපේක්ෂා කරන ලොකු කුඩා කවර අයකු වුවද තමා සමාජයට සිදු කරන මෙහෙවරට සමාජයෙන්ද ප්‍රතිඋපකාර නිරතුරුවම හිමිවන බවද අමතක නොකළ යුත්තකි.

පරාර්ථය උතුම් සමාජ මෙහෙවරක් යැයි කල්පනාවට ගනිමින් එම මෙහෙවරටද දායකවීමට මනුෂ්‍යයා කුඩා කල පටන් හුරු කර ගැනීම කවදා හෝ තමාට සැනසීම උදාකරවන මහඟු ක්‍රියාදාමයක් වනු ඇත.

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 11 වෙනිදා සිකුරාදා අපරභාග 05. 40ට ලබයි.
12 වෙනිදා සෙනසුරාදා අපරභාග 03. 28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් මස 18 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]