UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාර්ෂික සීනිගම ඇසළ උලෙළ

ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ 46 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යය මේ මස 07 දින සිට 13 දින දක්වා දිවා රාත්‍රී පැවැත්වීමට භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ.

ඉතිරිය»

යුග මෙහෙවර සලසන කෝට්ටේ රජ මහ වෙහෙර පෙරහර

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ සිට මේ මස 7 වැනිදින රාත්‍රී‍්‍ර වීදි සංචාරය කෙරේ. කෝට්ටේ රජමහා විහාරාධිපති ශ්‍රී කල්‍යාණී සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරී අලුත්නුවර අනුරුද්ධ නා හිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධ රත්නය ගරු කරමින් සතර මහා දේවලයන්හි පවත්වාගෙන එනු ලබන ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය මෙවරද පැරැණි චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර පෙරහර අගෝස්තු මස 31 වැනිදා ආරම්භ වූ අතර මේ මස 3 වැනිදා මල් පෙරහරද, 4 වැනිදා පාඩව පෙරහර , 5 වැනිදා රන්දෝලි මහ පෙරහර සහ 7 වැනිදින ශ්‍රී දළදා මහ පෙරහර වීදි සංචාරය කර 8 වනදින උදේ දිය කැපීමේ උළෙලින් නිමාවෙයි. 4 වැනිදින සිට විහාරස්ථ ධාතු මන්දිරයෙහි සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

හේතු ඵල දහම

යම් ඵලයක් හට ගැනීමට නම් හේතුවක් තිබිය යුතුයි. ඵලයට හේතුව අවබෝධ කරගන්නා තුරු එහි නිරෝධය අවබෝධ කළ නොහැකියි. ජීවි,අජීවි සැම දෙයකටම හේතු ඵල දහම පොදුයි. ලොවේ පණ ඇති,පණ නැති සියලු දෙයම මේ හේතු ඵල දහම අනුව නිර්මාණය වී ඇති බව බුදුරජාණන් වහන්සේ ස්වකීය නුවණෙන්ම අවබෝධ කළා.

ඉතිරිය»

සම්බුදු සසුනේ චිරස්ථිතිය පතා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් පස් අවුරුදු සැලැස්මක්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ තෛ‍්‍රවාර්ෂික වැඩපිළිවෙළ තුළින් ශාසනික වශයෙන් සුවිශාල ප්‍රබෝධයක් උදා විය. ඒ නිමිත්තෙන් අරඹන ලද වැඩ පිළිවෙල අඛණ්ඩව ම ක්‍රියාත්මක කිරීම අරමුණ වේ. එබැවින් පන්සිල් සුරකින සදාචාරවත් සමාජයක් බිහිකිරීම උදෙසා මෙම දැහැමි දැයක්, දැහැමි රටක්, සදාචාර සමාජයක් යන තේමාව යටතේ පස් අවුරුදු වැඩපිළිවෙල දිස්ති‍්‍රක්, ප්‍රාදේශීය හා විහාරස්ථාන ශාසනාරක්‍ෂක මණ්ඩල මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කැරේ.

ඉතිරිය»

කෝටිටේ රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක ‍ෙවත්තසිංහ

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]