ගැටබරු රජමහ විහාරයේ ඇසළ පෙරහර
තේජා විද්‍යාරූප – අකුරැස්ස සමූහ
රුහුණුපුර සංස්කෘතික මහා මංගල්‍යය යනුවෙන් ප්‍රචලිත කොටපොළ ඓතිහාසික
ගැටබරු රජ මහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් මස 15 දා
සිට 21 දා දක්වා මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.
උත්සව කාලය තුළ ගැටබරුවට පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් සඳහා අවශ්‍ය
පහසුකම් සළසා ඇත. කඩ සල්පිල ප්‍රවාහන පහසුකම්, ප්‍රථමාධාර සේවා මෙන්ම
ආරක්‍ෂක සේවාවන් ද සැපයෙන අතර දිනපතා උඩමළුවේ දී පැවැත්වෙන මුරුතැන්
පූජාවට සැදැහැවතුන්ට සහභාගිවීමට පහසුකම් සළසා ඇත.
සැමට සෙත් පතා සිදු කැරෙන කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පැවැත්වෙන්නේ
20 දා රාත්‍රියේ යි. එය අවසන් කැරෙනුයේ 21 දා අලුයම ගිනි පෑගීමෙනි. 57
වැනි වරටත් පැවැත්වෙන මෙවර ඇසළ උත්සවය නිමාවට පත් කෙරෙනුයේ 21 දා දවල්
පිරිනැමෙන දේව දානයයෙනි. |